අල්-ආරාෆ් · 75/206
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ආරාෆ්
قَالَ الْمَلَأُ الَّذِينَ اسْتَكْبَرُوا مِن قَوْمِهِ لِلَّذِينَ اسْتُضْعِفُوا لِمَنْ آمَنَ مِنْهُمْ أَتَعْلَمُونَ أَنَّ صَالِحًا مُّرْسَلٌ مِّن رَّبِّهِ ۚ قَالُوا إِنَّا بِمَا أُرْسِلَ بِهِ مُؤْمِنُونَ ۝٧٥
Qaalal mala ul lazeenas takbaroo min qawmihee lillazeenas tud`ifoo liman aamana minhum ata`almoona anna Saaliham mursalum mir Rabbih; qaalooo innaa bimaaa ursila bihee mu`minoon
📖 සිංහලෙන්
ඇත්ත වශයෙන්ම සාලිහ් ඔහුගේ පරමාධිපතිගෙන් එවනු ලැබූවෙක් බව නුඹලා ස්ථීර ලෙස දන්නෙහුදැයි ඔහුගේ සමූහයා අතරින් උඩඟු වූ ප්‍රධානීහු ඔවුන් අතරින් දුර්වලයින් ලෙස සලකනු ලැබූ විශ්වාස කළවුන්ගෙන් විමසා සිටියහ. (එවිට) ඔවූහු " ඔහු කවර කරුණක් සමඟ යවනු ලැබුවේ ද ඒ ගැන අපි විශ්වාස කරන්නන් වන්නෙමු" යැයි ඔවුන් පවසා සිටියහ.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 73-77 — සූරා අල්-ආරාෆ්

73وَإِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَالِحًا ۗ قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُ ۖ قَدْ جَاءَتْكُم بَيِّنَةٌ مِّن رَّبِّكُمْ ۖ هَٰذِهِ نَاقَةُ اللَّهِ لَكُمْ آيَةً ۖ فَذَرُوهَا تَأْكُلْ فِي أَرْضِ اللَّهِ ۖ وَلَا تَمَسُّوهَا بِسُوءٍ فَيَأْخُذَكُمْ عَذَابٌ أَلِيمٌ
තවද සමූද් වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් ව ද (එව්වෙමු). මාගේ සමූහයනි! නුඹලා අල්ලාහ්ව නමදිනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවියකු නොමැත. සැබැවින්ම නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පැහැදිලි සාධකයක් පැමිණ ඇත. එය නුඹලාට සංඥාවක් වශයෙන් අල්ලාහ්ගෙන් වූ ඔටු දෙනයි. අල්ලාහ්ගේ භූමියේ බුදින්නට නුඹලා ඌ අත හැර දමනු. නපුරක් සිදු කිරීමට නුඹලා ඌ ස්පර්ශ නොකරනු. එවිට වේදනීය දඬුවමක් නුඹලා ව ග්‍රහණය කරනු ඇතැයි ඔහු පැවසුවේය.
74وَاذْكُرُوا إِذْ جَعَلَكُمْ خُلَفَاءَ مِن بَعْدِ عَادٍ وَبَوَّأَكُمْ فِي الْأَرْضِ تَتَّخِذُونَ مِن سُهُولِهَا قُصُورًا وَتَنْحِتُونَ الْجِبَالَ بُيُوتًا ۖ فَاذْكُرُوا آلَاءَ اللَّهِ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ
. ආද් (සමූහයා)ට පසු ඔහු නුඹලා ව නියෝජිතයින් බවට පත් කොට මහපොළොවේ වාසය කිරීමට සැලැස් වූ අවස්ථාව නුඹලා මෙනෙහි කර බලනු. නුඹලා එහි පහසුකම් ඇති තැන් වල මාලිගාවන් තනා ගන්නෙහුය. තවද කඳු හාරා නිවාස තනා ගන්නෙහුය. එබැවින් අල්ලාහ්ගේ ආශිර්වාද නුඹලා මෙනෙහි කරනු. තවද මහපොළොවේ කලහකම් කරන්නන් ලෙසින් පාපකාරී අයුරින් කටයුතු නොකරනු.
75قَالَ الْمَلَأُ الَّذِينَ اسْتَكْبَرُوا مِن قَوْمِهِ لِلَّذِينَ اسْتُضْعِفُوا لِمَنْ آمَنَ مِنْهُمْ أَتَعْلَمُونَ أَنَّ صَالِحًا مُّرْسَلٌ مِّن رَّبِّهِ ۚ قَالُوا إِنَّا بِمَا أُرْسِلَ بِهِ مُؤْمِنُونَ
ඇත්ත වශයෙන්ම සාලිහ් ඔහුගේ පරමාධිපතිගෙන් එවනු ලැබූවෙක් බව නුඹලා ස්ථීර ලෙස දන්නෙහුදැයි ඔහුගේ සමූහයා අතරින් උඩඟු වූ ප්‍රධානීහු ඔවුන් අතරින් දුර්වලයින් ලෙස සලකනු ලැබූ විශ්වාස කළවුන්ගෙන් විමසා සිටියහ. (එවිට) ඔවූහු " ඔහු කවර කරුණක් සමඟ යවනු ලැබුවේ ද ඒ ගැන අපි විශ්වාස කරන්නන් වන්නෙමු" යැයි ඔවුන් පවසා සිටියහ.
76قَالَ الَّذِينَ اسْتَكْبَرُوا إِنَّا بِالَّذِي آمَنتُم بِهِ كَافِرُونَ
‘නියත වශයෙන්ම නුඹලා කවර දෙයක් පිළිබඳ ව විශ්වාස කළෙහු ද ඒ පිළිබඳ ව අපි ප්‍රතික්ෂේප කරන්නන් වෙමු’ යැයි උඩඟුකම් පෑවෝ පැවසුවෝය.
77فَعَقَرُوا النَّاقَةَ وَعَتَوْا عَنْ أَمْرِ رَبِّهِمْ وَقَالُوا يَا صَالِحُ ائْتِنَا بِمَا تَعِدُنَا إِن كُنتَ مِنَ الْمُرْسَلِينَ
පසුව ඔවුහු එම ඔටු දෙන කපා දෑමූහ. තවද ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝගය අබිබවා කටයුතු කළෝය. තවද අහෝ සාලිහ්! නුඹ රසූල්වරුන් අතරින් වී නම් නුඹ අපට ප්‍රතිඥා දෙන දෑ අප වෙත ගෙන එන්නැයි ඔවුහු පැවසුහ.
අල්-ආරාෆ්කුර්ආන් දර්ශකය
206ආයාත්
MeccanRevelation
75ආයාත්

පරිවර්තනය — අල්-ආරාෆ් 75

සූරා අල්-ආරාෆ් ආයාත් 75 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඇත්ත වශයෙන්ම සාලිහ් ඔහුගේ පරමාධිපතිගෙන් එවනු ලැබූවෙක් බව නුඹලා ස්ථීර…

සූරා ආයාත් 75/206 — සූරා අල්-ආරාෆ් الأعراف (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ආරාෆ් අසන්න, සූරා අල්-ආරාෆ් පරිවර්තනය, සූරා අල්-ආරාෆ් mp3, සූරා අල්-ආරාෆ් pdf. ආයාත් 73–77. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers