අත්-තව්බා · 90/129
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අත්-තව්බා
وَجَاءَ الْمُعَذِّرُونَ مِنَ الْأَعْرَابِ لِيُؤْذَنَ لَهُمْ وَقَعَدَ الَّذِينَ كَذَبُوا اللَّهَ وَرَسُولَهُ ۚ سَيُصِيبُ الَّذِينَ كَفَرُوا مِنْهُمْ عَذَابٌ أَلِيمٌ ۝٩٠
Wa jaaa`al mu`az ziroona minal A`raabi liyu`zana lahum wa qa`adal lazeena kazabul laaha wa Rasoolah; sayuseebul lazeena kafaroo minhum `azaabun aleem
📖 සිංහලෙන්
(යුද්ධයට සහභාගී නොවන්නට) තමන්හට අවසර පතා ගම්බද ජනයා අතරින් නිදහසට කරුණු පවසන්නන් පැමිණියෝය. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට බොරු පැවසූවන් වාඩි වී සිටියෝ ය. ඔවුන් අතරින් ප්‍රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් මතු ඇති වනු ඇත.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 88-92 — සූරා අත්-තව්බා

88لَٰكِنِ الرَّسُولُ وَالَّذِينَ آمَنُوا مَعَهُ جَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ ۚ وَأُولَٰئِكَ لَهُمُ الْخَيْرَاتُ ۖ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ
එනමුත් මෙම දූතයාණන් හා ඔහු සමඟ විශ්වාස කළවුන් තම ධනය හා ජීවිත කැප කරමින් සටන් කළෝය. තමන් හට යහපත් දෑ ඇත්තවුන් මොවුහුමය. තවද ජය ලබන්නෝද මොවුහුමය.
89أَعَدَّ اللَّهُ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ
ඔවුන් වෙනුවෙන් අල්ලාහ් ස්වර්ග උයන් සූදානම් කර ඇත. ඒවාට යටින් ගංගාවෝ ගලා බසිති. එහි ඔවුහු සදාතනිකයින් වෙති. එයයි අතිමහත් ජයග්‍රහණය.
90وَجَاءَ الْمُعَذِّرُونَ مِنَ الْأَعْرَابِ لِيُؤْذَنَ لَهُمْ وَقَعَدَ الَّذِينَ كَذَبُوا اللَّهَ وَرَسُولَهُ ۚ سَيُصِيبُ الَّذِينَ كَفَرُوا مِنْهُمْ عَذَابٌ أَلِيمٌ
(යුද්ධයට සහභාගී නොවන්නට) තමන්හට අවසර පතා ගම්බද ජනයා අතරින් නිදහසට කරුණු පවසන්නන් පැමිණියෝය. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට බොරු පැවසූවන් වාඩි වී සිටියෝ ය. ඔවුන් අතරින් ප්‍රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් මතු ඇති වනු ඇත.
91لَّيْسَ عَلَى الضُّعَفَاءِ وَلَا عَلَى الْمَرْضَىٰ وَلَا عَلَى الَّذِينَ لَا يَجِدُونَ مَا يُنفِقُونَ حَرَجٌ إِذَا نَصَحُوا لِلَّهِ وَرَسُولِهِ ۚ مَا عَلَى الْمُحْسِنِينَ مِن سَبِيلٍ ۚ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ
දුබලයින් කෙරෙහි ද රෝගීන් කෙරෙහි ද (යුද්ධය කිරීම සඳහා) වියදම් කිරීමට යමක් නොලැබුණු අය කෙරෙහි ද ඔවුන් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට යහපත පතන්නේ නම් ඔවුනට කිසිදු වරදක් නැත. දැහැමියන්ට එරෙහිව කිසිදු මගක් නොමැත. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය; කරුණා ගුණයෙන් යුක්තය.
92وَلَا عَلَى الَّذِينَ إِذَا مَا أَتَوْكَ لِتَحْمِلَهُمْ قُلْتَ لَا أَجِدُ مَا أَحْمِلُكُمْ عَلَيْهِ تَوَلَّوا وَّأَعْيُنُهُمْ تَفِيضُ مِنَ الدَّمْعِ حَزَنًا أَلَّا يَجِدُوا مَا يُنفِقُونَ
(නබිවරය) නුඹ ඔවුනට ප්‍රවාහන පහසුකම් ලබා දෙනු පිණිස නුඹ වෙත ඔවුන් පැමිණ, නුඹද ඔවුනට "නුඹලා ඒ මත ගමන් කිරීමට ප්‍රවාහන පහසුකම් ලබා දෙන යමක් මා සතුව නැත” යැයි පැවසා තමන් හට වියදම් කිරීමට යමක් නොලැබුණු හේතුවෙන් දුකට පත් ව තම ඇස් වලින් කඳුළු හළමින් හැරී ගිය අය කෙරෙහි ද වරදක් නොමැත.
අත්-තව්බාකුර්ආන් දර්ශකය
129ආයාත්
MedinanRevelation
90ආයාත්

පරිවර්තනය — අත්-තව්බා 90

සූරා අත්-තව්බා ආයාත් 90 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : (යුද්ධයට සහභාගී නොවන්නට) තමන්හට අවසර පතා ගම්බද ජනයා අතරින් නිදහසට…

සූරා ආයාත් 90/129 — සූරා අත්-තව්බා التوبة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අත්-තව්බා අසන්න, සූරා අත්-තව්බා පරිවර්තනය, සූරා අත්-තව්බා mp3, සූරා අත්-තව්බා pdf. ආයාත් 88–92. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers