අල්-ලයිල් සූරා අරාබි සහ සිංහල

අල්-ලයිල් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (21 ආයාත් — مكية). අල්-ලයිල් අසන්න, අල්-ලයිල් පරිවර්තනය, අල්-ලයිල් mp3, අල්-ලයිල් pdf.

අල්-ලයිල් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
x1
وَاللَّيْلِ إِذَا يَغْشَىٰ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
රාත්‍රිය ආවරණය වන විට ඒ මත දිවුරමින්,
وَالنَّهَارِ إِذَا تَجَلَّىٰ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
දහවල (දීප්තිය) හෙළි වන විට ඒ මත දිවුරමින්,
وَمَا خَلَقَ الذَّكَرَ وَالْأُنثَىٰ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
පිරිමියා හා ගැහැනිය මැවූ ඔහු මත ද දිවුරමින්,
إِنَّ سَعْيَكُمْ لَشَتَّىٰ ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
නියත වශයෙන්ම නුඹලාගේ උත්සාහයන් විවිධය.
فَأَمَّا مَنْ أَعْطَىٰ وَاتَّقَىٰ ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
එහෙයින් කවරෙකු පරිත්‍යාග කර, බිය බැතිමත් වී,
وَصَدَّقَ بِالْحُسْنَىٰ ۝٦
📖 පරිවර්තනය ආයාත් 6
යහපත් දෑ සත්‍ය කළ කෙනෙකු වූ කලී;
فَسَنُيَسِّرُهُ لِلْيُسْرَىٰ ۝٧
📖 පරිවර්තනය ආයාත් 7
අපි ඔහුට පහසුව වෙත පහසුකම් සලසන්නෙමු.
وَأَمَّا مَن بَخِلَ وَاسْتَغْنَىٰ ۝٨
📖 පරිවර්තනය ආයාත් 8
තවද මසුරු වී, තමන් අවශ්යතාවන්ගෙන් තොර යැයි සිතා,
وَكَذَّبَ بِالْحُسْنَىٰ ۝٩
📖 පරිවර්තනය ආයාත් 9
යහපත් දේ අසත්‍යය කළ කෙනෙකු වූ කලී;
فَسَنُيَسِّرُهُ لِلْعُسْرَىٰ ۝١٠
📖 පරිවර්තනය ආයාත් 10
අපි ඔහුට දුෂ්කරතාව වෙත පහසුකම් සලසන්නෙමු.
وَمَا يُغْنِي عَنْهُ مَالُهُ إِذَا تَرَدَّىٰ ۝١١
📖 පරිවර්තනය ආයාත් 11
තවද ඔහු (නිරයට) ඇද වැටුණු විට ඔහුගේ ධනය ඔහුට ප්‍රයෝජනය ගෙන දෙන්නේ නැත.
إِنَّ عَلَيْنَا لَلْهُدَىٰ ۝١٢
📖 පරිවර්තනය ආයාත් 12
නියත වශයෙන්ම යහමඟ ඇත්තේ අප වෙතය.
وَإِنَّ لَنَا لَلْآخِرَةَ وَالْأُولَىٰ ۝١٣
📖 පරිවර්තනය ආයාත් 13
තවද නියත වශයෙන්ම එලොව හා මෙලොව අප සතුවය.
فَأَنذَرْتُكُمْ نَارًا تَلَظَّىٰ ۝١٤
📖 පරිවර්තනය ආයාත් 14
එහෙයින් මම නුඹලාට ඇවිළෙන ගින්න පිළිබඳ ව අනතුරු අඟවමි.
لَا يَصْلَاهَا إِلَّا الْأَشْقَى ۝١٥
📖 පරිවර්තනය ආයාත් 15
අභාග්‍යවන්තයා හැර වෙන කිසිවෙක් එහි පිවිස දැවෙන්නේ නැත.
الَّذِي كَذَّبَ وَتَوَلَّىٰ ۝١٦
📖 පරිවර්තනය ආයාත් 16
ඔහු වනාහි බොරු කරමින් පිටුපෑවේය.
وَسَيُجَنَّبُهَا الْأَتْقَى ۝١٧
📖 පරිවර්තනය ආයාත් 17
තවද බිය බැතිමත් අය ව සැබැවින්ම අපි මතු මුදවා ගන්නෙමු.
الَّذِي يُؤْتِي مَالَهُ يَتَزَكَّىٰ ۝١٨
📖 පරිවර්තනය ආයාත් 18
ඔහු වනාහි තම ධනය පිරිනමා පිවිතුරු වූ අයෙකි.
وَمَا لِأَحَدٍ عِندَهُ مِن نِّعْمَةٍ تُجْزَىٰ ۝١٩
📖 පරිවර්තනය ආයාත් 19
කිසිවකුට හෝ ප්‍රතිලාභ වශයෙන් පිරිනැමෙන කිසිදු සම්පතක් ඔහු සතුව නැත.
إِلَّا ابْتِغَاءَ وَجْهِ رَبِّهِ الْأَعْلَىٰ ۝٢٠
📖 පරිවර්තනය ආයාත් 20
උත්තරීතර තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් මිස.
وَلَسَوْفَ يَرْضَىٰ ۝٢١
📖 පරිවර්තනය ආයාත් 21
තවද ඔහු මතු තෘප්තියට පත් වනු ඇත.
← 91 අල්-ලයිල් (92/114) 93 →
කියවන්න අල්-ලයිල් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

92الليل Al-Layl 📚 21 ආයාත් مكية

ආයාත් ආයාත් – අල්-ලයිල් සූරා — 21 ආයාත්




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers