අෂ්-ෂම්ස් සූරා අරාබි සහ සිංහල

අෂ්-ෂම්ස් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (15 ආයාත් — مكية). අෂ්-ෂම්ස් අසන්න, අෂ්-ෂම්ස් පරිවර්තනය, අෂ්-ෂම්ස් mp3, අෂ්-ෂම්ස් pdf.

අෂ්-ෂම්ස් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
x1
وَالشَّمْسِ وَضُحَاهَا ۝١
📖 පරිවර්තනය ආයාත් 1
හිරු හා එහි ප්‍රභාව මත දිවුරමින්.
وَالْقَمَرِ إِذَا تَلَاهَا ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
එය පසුපසින් හඹා යන සඳු මත ද දිවුරමින්.
وَالنَّهَارِ إِذَا جَلَّاهَا ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
දහවල එය ඔප් නංවන විට එය මත ද දිවුරමින්.
وَاللَّيْلِ إِذَا يَغْشَاهَا ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
රාත්‍රිය එය ආවරණය කරන විට එය මත ද දිවුරමින්.
وَالسَّمَاءِ وَمَا بَنَاهَا ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
අහස හා එය ගොඩ නැගූ අය මත ද දිවුරමින්.
وَالْأَرْضِ وَمَا طَحَاهَا ۝٦
📖 පරිවර්තනය ආයාත් 6
පොළොව හා එය ව්යාප්ත කළ අය මත ද දිවුරමින්.
وَنَفْسٍ وَمَا سَوَّاهَا ۝٧
📖 පරිවර්තනය ආයාත් 7
ආත්මය හා එය සැකසූ අය මත ද දිවුරමින්,
فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا ۝٨
📖 පරිවර්තනය ආයාත් 8
ඔහු එ(ම ආත්ම)යට එහි නපුර ද එහි ධාර්මිකතාව ද ප්‍රවේශ කළේය.
قَدْ أَفْلَحَ مَن زَكَّاهَا ۝٩
📖 පරිවර්තනය ආයාත් 9
සැබැවින්ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්‍ර කර ගත්තේ ද ඔහු ජය ලැබීය.
وَقَدْ خَابَ مَن دَسَّاهَا ۝١٠
📖 පරිවර්තනය ආයාත් 10
තවද සැබැවින්ම කවරෙක් එය පාපයෙහි ගිල් වූයේ ද ඔහු පරාජයට පත් විය.
كَذَّبَتْ ثَمُودُ بِطَغْوَاهَا ۝١١
📖 පරිවර්තනය ආයාත් 11
සමූද් ජනයා තම සීමා ඉක්මවා යමින් බොරු කළෝය.
إِذِ انبَعَثَ أَشْقَاهَا ۝١٢
📖 පරිවර්තනය ආයාත් 12
ඔවුන්ගේ අභාග්‍යවන්තයා නැගී සිටි විට,
فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ نَاقَةَ اللَّهِ وَسُقْيَاهَا ۝١٣
📖 පරිවර්තනය ආයාත් 13
මෙය අල්ලාහ්ගේ ඔටු දෙනයි. තවද උගේ පැන් බොන ස්ථානයයි යැයි අල්ලාහ්ගේ දූතයා ඔවුනට පැවසුවේය.
فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُم بِذَنبِهِمْ فَسَوَّاهَا ۝١٤
📖 පරිවර්තනය ආයාත් 14
එවිට ඔවුහු ඔහු ව බොරු කළෝය. පසුව උගේ නහර කපා දැමුවෝය. එබැවින් ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ පාපය හේතුවෙන් ඔවුන් මත වේදනාව පහළ කර සුනු විසුනු කළේය. එමෙන්ම ඔවුන් ව සමතලා කර දැමුවේය.
وَلَا يَخَافُ عُقْبَاهَا ۝١٥
📖 පරිවර්තනය ආයාත් 15
තවද එහි අවසානය ගැන ඔහු බියවන්නේ නැත.
← 90 අෂ්-ෂම්ස් (91/114) 92 →
කියවන්න අෂ්-ෂම්ස් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

91الشمس Ash-Shams 📚 15 ආයාත් مكية

ආයාත් ආයාත් – අෂ්-ෂම්ස් සූරා — 15 ආයාත්




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers