සූරා අත්-තූර් pdf — බාගත කරන්න (සිංහල)
සූරා අත්-තූර් pdf සිංහල — බාගත කරන්න සූරා අත්-තූර් පරිවර්තනය. සූරා අත්-තූර් (Meccan) 49 ආයාත්.
Related
- සූරා අත්-තූර් පරිවර්තනයසිංහල
- සූරා අත්-තූර් mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා අත්-තූර්

ﮞﮟ
52:1
තූර් කන්ද මත දිවුරමින්;
ﮠﮡﮢ
52:2
ලියන ලද ග්‍රන්ථය මත දිවුරමින්;
ﮣﮤﮥﮦ
52:3
දිගු හරින ලද ලේඛණයෙහි;
ﮧﮨﮩ
52:4
බයිතුල් මඃමූර් මත දිවුරමින්;
ﮪﮫﮬ
52:5
ඉහළට ඔසවන ලද වියන මත දිවුරමින්;
ﮭﮮﮯ
52:6
ගිනි මොළවනු ලබන මුහුද මත දිවුරමින්;
ﮰﮱﯓﯔﯕ
52:7
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ දඬුවම සිදුවන්නක්මය.
ﯖﯗﯘﯙﯚ
52:8
එය වළක්වන කිසිවෙකු නැත.
ﯛﯜﯝﯞﯟ
52:9
එදින අහස දරුණු ලෙස කැරකෙමින් පවතී.
ﯠﯡﯢﯣ
52:10
තවද කඳු දරුණු ලෙස විතැන් මෙවින් පවතී.
ﯤﯥﯦﯧ
52:11
බොරු කළවුනට එදින විනාශයයි.
ﯨﯩﯪﯫﯬﯭ
52:12
ඔවුහු වනාහි (පුහු කටයුතු වල) නිරත ව කෙළිලොල් කරමින් සිටින්නෝ වෙති.
ﯮﯯﯰﯱﯲﯳﯴ
52:13
එදින නිරයේ ගින්න වෙත (දක්කාගෙන යමින්) වැරෙන් තල්ලු කරනු ලැබේ.
ﯵﯶﯷﯸﯹﯺﯻ
52:14
“නුඹලා බොරු කරමින් සිටි ගින්න මෙයයි”
ﭑﭒﭓﭔﭕﭖﭗ
52:15
මෙය හූනියමක් ද? එසේ නැතහොත් නුඹලා නොදකින්නෙහු ද?
ﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥ
52:16
නුඹලා එහි පිවිස දැවෙනු. එවිට නුඹලා ඉවසා විඳ දරා ගත්ත ද නොඉවසුව ද නුඹලාට එක සමානය. නියත වශයෙන්ම නුඹලාට ප්‍රතිඵල පිරිනමනු ලබනුයේ නුඹලා සිදු කරමින් සිටි දෑ සඳහාය.
ﭦﭧﭨﭩﭪﭫ
52:17
නියත වශයෙන්ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන්හි හා සැප පහසුකම් හි සිටින්නෝය.
ﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴ
52:18
ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳ ව සතුටු වන්නන් ලෙස සිටින්නෝය. තවද ඔවුන්ගේ පරමාධිපති නිරයේ දඬුවමින් ඔවුන් ආරක්ෂා කළේය.
ﭵﭶﭷﭸﭹﭺﭻ
52:19
නුඹලා (මෙලොව) සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සතුටින් අනුභව කරනු. තවද පානය කරනු.(යැයි පවසනු ලැබේ.)
ﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄ
52:20
පෙළට තබන ලද ඇඳන් මත හාන්සිවෙමින් (සිටිති). තවද අපි ඔවුනට හූරුන් ඊන් (හෙවත් දැකුම් කලු යුවතියන්) සරණපාවා දෙන්නෙමු.
ﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙ
52:21
තවද කවුරුන් දේවත්වය විශ්වාස කොට ඔවුන්ගේ පරපුර ද විශ්වාසයෙන් යුතු ව ඔවුන්ව අනුගමනය කළවුන් වනාහි ඔවුන්ගේ පරපුර අපි ඔවුන් සමග එක් කරන්නෙමු. තවද ඔවුන්ගේ ක්‍රියාවෙන් අපි ඔවුනට කිසිවක් අඩු නොකරන්නෙමු. සෑම පුද්ගලයකුම ඔහු උපයා ගත් දෑට ඇපයක් ලෙස සිටින්නේය.
ﮚﮛﮜﮝﮞﮟ
52:22
තවද ඔවුන් ප්රිය කරන දැයින් පලතුරු හා මාංශ අපි ඔවුනට සපයන්නෙමු.
ﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨ
52:23
ඔවුහු එහි (පැන්) කුසලාන හුවමාරු කර ගනිති. කිසිදු නිෂ්ඵල දැයක් හෝ පාපයට පෙළඹවීමක් හෝ එහි නැත.
ﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱ
52:24
තවද ඔවුන් වෙනුවෙන් (සේවයේ නිරත) සිටින ළමුන් ඔවුන් වටා යති. නියත වශයෙන්ම ඔවුහු සුරක්ෂා කරන ලද මුතු මෙන් වෙති.
ﯓﯔﯕﯖﯗﯘ
52:25
ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු වෙතට මුහුණලමින් එකිනෙකා විමසා ගනිති.
ﯙﯚﯛﯜﯝﯞﯟﯠ
52:26
“මීට පෙර නියත වශයෙන්ම අපි අපගේ පවුල සම්බන්ධයෙන් බියට පත්වන්නන් ලෙස සිටියෙමු” යැයි ඔවුහු පවසති.
ﯡﯢﯣﯤﯥﯦﯧ
52:27
“එවිට අල්ලාහ් අප වෙත උපකාර කළේය. තවද පිලිස්සෙන ගින්නේ වේදනාවෙන් ඔහු අප මුදවා ගත්තේය.”
ﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲ
52:28
“නියත වශයෙන්ම අපි පෙර සිටම ඔහුට අයැදිමින් සිටියෙමු. නියත වශයෙන්ම ඔහුමය උපාකාරශීලී; මහා කරුණාවන්ත.”
ﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻ
52:29
එහෙයින් (නබිවරය!) නුඹ මෙනෙහි කරනු. නුඹේ පරමාධිපතිගේ ආශිර්වාදයෙන් නුඹ ජ්‍යෝතිෂ්‍ය වේදියකු හෝ උම්මත්තකයකු හෝ නොවේ.
ﯼﯽﯾﯿﰀﰁﰂﰃ
52:30
“එසේ නැතහොත් ඔහු කවියෙකි. කාලයාගේ ඇවෑම (ඔහු විනාශ කරනු ඇතැයි) අපි ඔහු ගැන බලාපොරොත්තු වන්නෙමු” යැයි ඔවුහු පවසන්නෝ ද?
ﰄﰅﰆﰇﰈﰉﰊ
52:31
“නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. එවිට නියත වශයෙන්ම මම ද නුඹලා සමඟ බලාපෙරොත්තු වන්නන් අතරින් වෙමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚ
52:32
එසේ නැතහොත් ඔවුන්ගේ සිතුවිලි ඔවුනට මේ ගැන නියෝග කරන්නේ ද? එසේ නැතහොත් ඔවුහු සීමාව ඉක්මවා ගිය පිරිසක් ද?
ﭛﭜﭝﭞﭟﭠﭡﭢ
52:33
එසේ නැතහොත් “මෙය ඔහු ගෙතුවේයැ”යි ඔවුහු පවසන්නෝ ද? එසේ නොව ඔවුහු විශ්වාස නොකරති.
ﭣﭤﭥﭦﭧﭨﭩ
52:34
ඔවුන් සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මේ හා සමාන ප්‍රකාශයක් ඔවුහු ගෙන ආ යුතුය.
ﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲ
52:35
එසේ නැතහොත් කිසිවක් නොමැති ව ඔවුන් මවනු ලැබුවෝ ද? එසේ නැතහොත් මවන්නෝ ඔවුහු ද?
ﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻ
52:36
එසේ නැතහොත් ඔවුහු අහස් හා මහපොළොව මැව්වෝද? එසේ නොව ඔවුහු තරයේ විශ්වාස නොකරති.
ﭼﭽﭾﭿﮀﮁﮂﮃ
52:37
එසේ නැතහොත් ඔවුන් අබියස නුඹගේ පරමාධිපතිගේ භාණ්ඩාගාර තිබේ ද? එසේ නැතහොත් (ඒ මත) ආධිපත්‍යය දරන්නෝ ඔවුහු ද?
ﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎ
52:38
නැත්නම් ඔවුන්ට ඉණිමගක් තිබී එහි (අහසේ දේව පණිවිඩවලට) ඇහුම්කන් දෙත්ද? එසේ නම් ඔවුන්ගෙන් සවන්දෙන්නා පැහැදිලි සාධකයක් ගෙනෙත්වා!
ﮏﮐﮑﮒﮓﮔ
52:39
එසේ නැතහොත් (අල්ලාහ් වන) ඔහුට දූවරුන් වී නුඹලාට (පමණක්) පුතුන් වීද?
ﮕﮖﮗﮘﮙﮚﮛﮜ
52:40
එසේ නැතහොත් නුඹ ඔවුන්ගෙන් යම්කිසි කුලියක් ඉල්ලන්නෙහි ද? ඒ හේතුවෙන් ඔවුහු ණය බර උසුලන්නෝ ද?
ﮝﮞﮟﮠﮡﮢ
52:41
එසේ නැතහොත් ඔවුන් අබියස අදෘශ්යමාන දෑ (පිළිබඳ ඥානය) තිබී ඔවුහු සටහන් කරන්නෝ ද?
ﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫ
52:42
එසේ නැතහොත් ඔවුහු කුමන්ත්‍රණයක් (නුඹට එරෙහිව කිරීමට) අදහස් කරන්නෝ ද? දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහුමය කුමන්ත්‍රණයේ හසු වී සිටින්නෝ.
ﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗ
52:43
එසේ නැතහොත් අල්ලාහ්ගෙන් තොර ව (වෙනත්) දෙවිඳෙකු ඔවුනට සිටිත් ද? ඔවුන් ආදේශ තබන දැයින් අල්ලාහ් සුවිශුද්ධය.
ﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡ
52:44
තවද අහසින් කැබැල්ලක් වැටෙනු ඔවුහු දුටුවා වුවද (ඒවා) ගොඩගැසුනු වලාකුළු සමූහයක් යැයි ඔවුහු පවසති.
ﯢﯣﯤﯥﯦﯧﯨﯩ
52:45
එහෙයින් එහි ඔවුන් විනාශ කරනු ලබන ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තෙක් (නබිවරය!) නුඹ ඔවුන් අතහැර දමනු.
ﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳ
52:46
එදින ඔවුන්ගේ කුමන්ත්‍රණය ඔවුනට කිසිවකින් ප්‍රයෝජනවත් නොවෙයි. තවද ඔවුහු උදව් කරනු නොලබති.
ﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾ
52:47
තවද නියත වශයෙන්ම අපරාධ කළවුනට ඒ හැර තවත් දඬුවමක් ඇත. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති.
ﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊ
52:48
තවද (නබිවරය!) නුඹගේ පරමාධිපතිගේ නියෝගය උදෙසා ඉවසා සිටිනු. මන්ද නියත වශයෙන්ම නුඹ සිටිනුයේ අපගේ අධීක්ෂණය යටතේය. තවද නුඹ අවදි වන අවස්ථාවේ නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසා ව තුළින් නුඹ සුවිශුද්ධ කරනු.
ﰋﰌﰍﰎﰏﰐ
52:49
තවද රාත්‍රියෙහි ද තරු බැස යන අවස්ථාවෙහි ද නුඹ ඔහු සුවිශුද්ධ කරනු.
ශුද්ධ වූ අල් කුර්ආනය
Wednesday, September 9, 2026
Don't forget us in your sincere prayers







