PDF —
60 ආයාත් Meccan PDF
Built right in your browser — download starts automatically

සූරා අද්-දාරියාත් pdf — බාගත කරන්න (සිංහල)

සූරා අද්-දාරියාත් pdf සිංහල — බාගත කරන්න සූරා අද්-දාරියාත් පරිවර්තනය. සූරා අද්-දාරියාත් (Meccan) 60 ආයාත්.

← කාෆ්සූරා අද්-දාරියාත් අත්-තූර් →


60 ආයාත් · Meccan · සිංහල
bismillah
ﯤﯥﯦ
51:1 දූවිලි විසුරුවන සුළං මත දිවුරමින්;
ﯧﯨﯩ
51:2 (වැසි) බර උසුලන වළාකුළු මත දිවුරමින්;
ﯪﯫﯬ
51:3 පහසුවෙන් යාත්රා කරන නැව් මත දිවුරමින්;
ﯭﯮﯯ
51:4 කටයුතු බෙදා හරින්නන් මත දිවුරමින්;
ﯰﯱﯲﯳ
51:5 නියත වශයෙන්ම නුඹලාට පොරොන්දු දෙනු ලැබූ දෑ සත්‍යයක්මය.
ﯴﯵﯶﯷ
51:6 තවද නියත වශයෙන්ම විනිශ්චය සිදුවන්නක්මය.
ﭑﭒﭓﭔ
51:7 මාර්ගවලින් යුත් අහස මත දිවුරමින්;
ﭕﭖﭗﭘﭙ
51:8 නියත වශයෙන්ම නුඹලා (එකිනෙකට) පටහැනි වූ ප්‍රකාශ අතරය.
ﭚﭛﭜﭝﭞ
51:9 හරවනු ලැබූවන් වෙනතකට එයින් හරවනු ලබති.
ﭟﭠﭡ
51:10 බොරුකාරයින් විනාශ කරනු ලැබුවෝය.
ﭢﭣﭤﭥﭦﭧ
51:11 ඔවුන් වනාහි නොදැනුවත්කමෙහි ගැලි (මරණින් මතු දිනය ගැන) නොසැලකිලිමත් වූවෝ වෙති.
ﭨﭩﭪﭫﭬ
51:12 විනිශ්චය දිනය කවදා දැයි ඔවුහු විමසති.
ﭭﭮﭯﭰﭱﭲ
51:13 එදින (නිරා) ගින්නේ ඔවුහු දඬුවම් කරනු ලබති.
ﭳﭴﭵﭶﭷﭸﭹﭺ
51:14 කවර දෙයක් පිළිබඳ නුඹලා ඉක්මණින් පතමින් සිටියහු ද එවන් නුඹලාගේ පරීක්ෂණය නුඹලා රස විඳිනු.
ﭻﭼﭽﭾﭿﮀ
51:15 නියත වශයෙන්ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන්හි හා (ජල) උල්පත් වලය.
ﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋ
51:16 ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිනැමූ දෑ ලබා ගන්නන් වශයෙනි. නියත වශයෙන්ම ඔවුහු එයට පෙර දැහැමියන් ලෙස සිටියෝය.
ﮌﮍﮎﮏﮐﮑﮒ
51:17 ඔවුහු (සලාතය සඳහා අවදි ව) රාත්‍රියෙහි ස්වල්ප කාලයක් නිදාගන්නන් වූහ.
ﮓﮔﮕﮖ
51:18 තවද අලුයම් කාලයන්හි ඔවුහු (පාපොච්චාරණය කරමින්) සමාව අයැදිති.
ﮗﮘﮙﮚﮛﮜ
51:19 තවද ඉල්ලා සිටින්නාට හා (ධනය) වළක්වනු ලැබූවන්ට ඔවුන්ගේ ධනයෙන් කොටසක් විය.
ﮝﮞﮟﮠﮡ
51:20 තවද තරයේ විශ්වාස කරන්නන්හට මහපොළොවේ සංඥාවන් ඇත.
ﮢﮣﮤﮥﮦﮧ
51:21 තවද නුඹලා තුළ ද (සංඥාවන් ඇත). එහෙයින් නුඹලා අවධානයෙන් නොබලන්නෙහු ද?
ﮨﮩﮪﮫﮬﮭ
51:22 තවද නුඹලාගේ පෝෂණය හා නුඹලාට ප්‍රතිඥා දෙනු ලැබු දෑ අහස තුළ ඇත.
ﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘ
51:23 අහස්හි හා මහපොළොවේ හිමිපාණන් මත දිවුරමින්. නියත වශයෙන්ම නුඹලා කතා කරනවාක් මෙන් සැබැවින්ම එය සත්‍යයක්මය.
ﯙﯚﯛﯜﯝﯞﯟ
51:24 ඉබ්රාහීම්ගේ සම්භාවනීය ආගන්තුකයින්ගේ කතාව නුඹ වෙත පැමිණියේ ද?
ﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪ
51:25 ඔවුහු ඔහු වෙත පිවිසුණු අවස්ථාවේ ඔවුහු සලාම් (සාමය) යැයි පැවසුවෝය. ඔහු ද සලාම් (සාමයයි) පැවසීය. (මොවුහු) නාඳුනන පිරිසකි (යැයි ඉබ්රාහීම් සිතුවේය.)
ﯫﯬﯭﯮﯯﯰﯱ
51:26 එසැණින් ඔහු තම පවුල වෙත ගොස් බැඳපු (පුෂ්ටිමත්) වසුපැටවකු ගෙන ආවේය.
ﯲﯳﯴﯵﯶﯷ
51:27 ඔහු එය ඔවුන් වෙත සමීප කරවීය. (ඔවුන් එයින් වැළකී සිටිනු දැක) “නුඹලා අනුභව නොකරන්නෙහු දැ”යි ඔහු විමසීය.
ﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃ
51:28 ඔවුන් ගැන බියක් ඔහු තුළ ඇති විය. (එවිට) “නුඹ බිය නොවනු”යි ඔවුහු පැවසූහ. තවද ඥානවන්ත දරුවකු පිළිබඳ ව ඔවුහු ඔහුට ශුභාරංචි දන්වා සිටියහ.
ﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍ
51:29 එවිට ඔහුගේ බිරිය හඬ නගමින් ඉදිරියට පැමිණ ඇයගේ මුහුණට ඇය ගසා ගනිමින් (තමන්) “වයෝවෘද්ධ වඳ කතක්” යැයි පැවසුවාය.
ﰎﰏﰐﰑﰒﰓﰔﰕﰖﰗ
51:30 “නුඹලාගේ පරමාධිපති පවසා ඇත්තේ එලෙසය. නියත වශයෙන්ම ඔහු සර්ව ඥානී මහා ප්‍රඥාවන්තය.” යැයි ඔවුහු පැවසූහ.
ﭑﭒﭓﭔﭕﭖﭗ
51:31 අහෝ එවනු ලැබූ දූතයිනි! එසේනම් නුඹලාගේ දූත පණිවිඩය කුමක් දැ?යි ඔහු (ඉබ්රාහීම්) විමසීය.
ﭘﭙﭚﭛﭜﭝﭞ
51:32 “සාපරාධි පිරිසක් වෙත නියත වශයෙන්ම අපි එවනු ලැබුවෙමු” යැයි ඔවුහු පැවසූහ.
ﭟﭠﭡﭢﭣﭤ
51:33 “මැටියෙන් යුත් ගල් (වර්ෂාවක්) ඔවුන් වෙත අප එවනු පිණිස.”
ﭥﭦﭧﭨﭩ
51:34 “සීමාව ඉක්මවා ගියවුන් සඳහා නුඹගේ පරමාධිපති වෙතින් සලකුණු තබනු ලැබූවක් ලෙසින්”
ﭪﭫﭬﭭﭮﭯﭰ
51:35 එවිට එහි සිටියවුන් අතරින් දේවත්වය විශ්වාස කරන්නන් අපි බැහැර කළෙමු.
ﭱﭲﭳﭴﭵﭶﭷﭸ
51:36 එහෙයින් අවනතවන්නන්ගෙන් එක් නිවසක් හැර වෙනත් කිසිවක් අපි එහි නොදුටුවෙමු.
ﭹﭺﭻﭼﭽﭾﭿﮀ
51:37 තවද වේදනීය දඬුවමට බියවන්නන් හට අපි එහි සංඥාවක් අත හැර දැමුවෙමු.
ﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉ
51:38 තවද මූසා තුළ ද (සංඥාවක්) විය. එය අපි ඔහු ෆිර්අවුන් වෙත පැහැදිලි බලයක් සමග එවූ අවස්ථාවේ දී ය.
ﮊﮋﮌﮍﮎﮏﮐ
51:39 එවිට ඔහු (ෆිර්අවුන්) ඔහුගේ බල ඇණිය හේතුවෙන් පිටුපෑවේය. තවද (මූසා) “මායාකරුවෙකි. එසේ නැතහොත් උම්මත්තකයෙකි” යැයි ඔහු පැවසීය.
ﮑﮒﮓﮔﮕﮖﮗﮘ
51:40 එවිට අපි ඔහු හා ඔහුගේ සේනාව ග්‍රහණය කළෙමු. එවිට ඔහු දොස් නගනු ලැබූවෙකු ලෙසින් අපි ඔවුන් මුහුදට හෙළුවෙමු.
ﮙﮚﮛﮜﮝﮞﮟﮠ
51:41 තවද ආද් ජනයා තුළ ද (සංඥාවක් විය). එය ඔවුන් වෙත අපි වද සුළඟක් එවූ අවස්ථාවේ දී ය.
ﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪ
51:42 එය කවර කරුණක් මත ගැටුණ ද එය දිරාපත් වී ගිය දෑ මෙන් පත් කළාක් මිස අත්හැරියේ නැත.
ﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔ
51:43 තවද සමූද් ජනයා තුළ ද (සංඥාවක්) විය. එය “නුඹලා ටික කලකට භුක්ති විඳිනු” යැයි කියනු ලැබූ අවස්ථාවේ දී ය.
ﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝ
51:44 නමුත් ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝගයට ඔවුහු අකීකරු වූවෝය. එවිට ඔවුන් බලා සිටියදීම අකුණු පහර ඔවුන් ග්‍රහණය කළේය.
ﯞﯟﯠﯡﯢﯣﯤﯥ
51:45 එවිට සිට ගැනීමට පවා ඔවුනට නොහැකි විය. තවද ඔවුහු තමන්ටම උදව් කරගන්නන් නොවූවෝය.
ﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯ
51:46 තවද මීට පෙර නූහ්ගේ ජනයා ද (අපි ග්‍රහණය කළෙමු.) නියත වශයෙන්ම ඔවුහු දුෂ්ඨ සමාජයක් වූහ.
ﯰﯱﯲﯳﯴﯵ
51:47 තවද අපි අහස එය (අපගේ) බල ශක්තිය යොදා ඉදි කළෙමු. තවද නියත වශයෙන්ම අපි ප්‍රසාරණය කරන්නන් වෙමු.
ﯶﯷﯸﯹﯺ
51:48 තවද මහපොළොව, අපි එය දිග හැරියෙමු. (විධිමත් ව) දිග හැරියවුන් යහපත් විය.
ﯻﯼﯽﯾﯿﰀﰁﰂ
51:49 තවද නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස සෑම දෙයක්ම යුගල වශයෙන්ම අපි මැව්වෙමු.
ﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌ
51:50 එහෙයින් නුඹලා අල්ලාහ් වෙත වේගයෙන් යනු. නියත වශයෙන්ම මම නුඹලා වෙනුවෙන් ඔහුගෙන් වූ පැහැදිලි අනතුරු හඟවන්නෙකි.
ﰍﰎﰏﰐﰑﰒﰓﰔﰕﰖﰗﰘﰙ
51:51 තවද නුඹලා අල්ලාහ් සමග වෙනත් දෙවියෙකු පත් නොකරනු. නියත වශයෙන්ම මම ඔහුගෙන් නුඹලා වෙනුවෙන් පැමිණි පැහැදිලි අවවාද කරන්නෙකු වෙමි.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞ
51:52 එලෙසය ඔවුනට පෙර සිටියවුන් වෙත යම් ධර්ම දූතයකු පැමිණි විට හූනියම් කරුවෙකි නැතහොත් උම්මත්තකයෙකි යැයි ඔවුහු පැවසුවා මිස නොවීය.
ﭟﭠﭡﭢﭣﭤﭥﭦ
51:53 ඔවුහු එකිනෙකා මේ ගැන උපදෙස් කර ගත්තෝ ද? එසේ නොව ඔවුන් සීමාව ඉක්මවා ගිය පිරිසකි.
ﭧﭨﭩﭪﭫﭬ
51:54 එහෙයින් (නබිවරය!) නුඹ ඔවුන්ගෙන් ඉවත් වනු. නුඹ දොස් නගනු ලබන්නෙකු නොවනු ඇත.
ﭭﭮﭯﭰﭱﭲ
51:55 තවද (නබිවරය!) නුඹ මෙනෙහි කරනු. නියත වශයෙන්ම මෙනෙහි කිරීම දේවත්වය විශ්වාස කරන්නන් හට ප්‍රයෝජනවත් වනු ඇත.
ﭳﭴﭵﭶﭷﭸﭹ
51:56 තවද ජින් වර්ගයා හා මානව වර්ගයා වන ඔවුන් මට ගැතිකම් කිරීමට මිස මම නොමැව්වෙමි.
ﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃ
51:57 ඔවුන්ගෙන් මම කිසිදු පෝෂණයක් අපේක්ෂා නොකරමි. එමෙන්ම ඔවුන් මට ආහාර සැපයිය යුතු යැයි ද මම අපේක්ෂා නොකරමි.
ﮄﮅﮆﮇﮈﮉﮊﮋ
51:58 නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු ස්ථාවර බලය ඇති මහා පෝෂකයාය.
ﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕ
51:59 එහෙයින් නියත වශයෙන්ම අපරාධ කළවුන් වනාහි ඔවුන්ගේ සගයින්ගේ පාපයන් මෙන් පාපයන් ඔවුනට ඇත. එහෙයින් ඔවුහු (දඬුවම) ඉක්මන් කරන්නැයි මගෙන් නොපැතිය යුතුය.
ﮖﮗﮘﮙﮚﮛﮜﮝ
51:60 ප්‍රතික්ෂේප කළවුනට, ඔවුනට ප්‍රතිඥා දෙනු ලබන ඔවුන්ගේ දිනයේ විනාශය ඇත.

ශුද්ධ වූ අල් කුර්ආනය


Wednesday, September 9, 2026

Don't forget us in your sincere prayers