සූරා අල්-බලද් pdf — බාගත කරන්න (සිංහල)
සූරා අල්-බලද් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-බලද් පරිවර්තනය. සූරා අල්-බලද් (Meccan) 20 ආයාත්.
Related
- සූරා අල්-බලද් පරිවර්තනයසිංහල
- සූරා අල්-බලද් mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා අල්-බලද්

ﭽﭾﭿﮀﮁ
90:1
මෙම නගරය (මක්කාහ් ව) මත මම දිවුරමි.
ﮂﮃﮄﮅﮆ
90:2
නුඹ මෙම නගරයේ රැඳී සිටිය දී,
ﮇﮈﮉﮊ
90:3
පියා හා ඔහු ජනිත කළ දෑ මත (දිවුරමි.)
ﮋﮌﮍﮎﮏﮐ
90:4
සැබැවින්ම මිනිසා ව දැඩි දුෂ්කරතාවක අපි මැව්වෙමු.
ﮑﮒﮓﮔﮕﮖﮗ
90:5
ඔහු කෙරෙහි කිසිවෙකු බලය නොදරන්නේම යැයි ඔහු සිතන්නේ ද?
ﮘﮙﮚﮛﮜ
90:6
මම අධික වශයෙන් ධනය නාස්ති කළෙමි යැයි ඔහු පවසයි.
ﮝﮞﮟﮠﮡﮢ
90:7
ඔහු ව කිසිවෙක් නොදුටුවේ යැයි ඔහු සිතන්නේ ද?
ﮣﮤﮥﮦﮧ
90:8
අපි ඔහුට දෑස් ඇති නොකළෙමු ද?
ﮨﮩﮪ
90:9
දිව ද දෙතොල් ද (ඇති නොකළෙමු ද?)
ﮫﮬﮭ
90:10
තවද අපි ඔහුට (හොඳ නරක යන) මාවත් දෙක වෙත මඟ පෙන්වූයෙමු.
ﮮﮯﮰﮱ
90:11
එනමුත් ඔහු අකබා ව තරණය නොකළේය.
ﯓﯔﯕﯖﯗ
90:12
අකබා ව යනු කුමක්දැයි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?
ﯘﯙﯚ
90:13
(එය) වහලෙකු නිදහස් කිරීම;
ﯛﯜﯝﯞﯟﯠﯡ
90:14
එසේ නැතහොත් සාගින්නෙන් යුත් දිනක ආහාර සැපයීම ය.
ﯢﯣﯤﯥ
90:15
සමීපකම් ඇති අනාථ ඥාතියෙකුට;
ﯦﯧﯨﯩﯪ
90:16
එසේ නැතහොත් අසරණ වූ දුගියෙකුට (ආහාර සැපයීම ය.)
ﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴ
90:17
පසු ව ඔහු විශ්වාස කර ඉවසීම පිළිබඳ එකිනෙකාට උපදෙස් දෙමින් කරුණා දයාව පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය අතරින් කෙනෙකු බවට පත් විය.
ﯵﯶﯷﯸ
90:18
ඔවුහුමය දකුණත පාර්ශවයින් වන්නෝ.
ﭑﭒﭓﭔﭕﭖﭗ
90:19
තවද අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහුමය වමත් පාර්ශවයින් වන්නෝ.
ﭘﭙﭚﭛ
90:20
ඔවුන්හට මොළවන ලද (නිරයේ) ගින්න ඇත.
ශුද්ධ වූ අල් කුර්ආනය
Wednesday, September 9, 2026
Don't forget us in your sincere prayers







