සූරා අෂ්-ෂම්ස් pdf — බාගත කරන්න (සිංහල)
සූරා අෂ්-ෂම්ස් pdf සිංහල — බාගත කරන්න සූරා අෂ්-ෂම්ස් පරිවර්තනය. සූරා අෂ්-ෂම්ස් (Meccan) 15 ආයාත්.
Related
- සූරා අෂ්-ෂම්ස් පරිවර්තනයසිංහල
- සූරා අෂ්-ෂම්ස් mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා අෂ්-ෂම්ස්

ﭜﭝﭞ
91:1
හිරු හා එහි ප්‍රභාව මත දිවුරමින්.
ﭟﭠﭡﭢ
91:2
එය පසුපසින් හඹා යන සඳු මත ද දිවුරමින්.
ﭣﭤﭥﭦ
91:3
දහවල එය ඔප් නංවන විට එය මත ද දිවුරමින්.
ﭧﭨﭩﭪ
91:4
රාත්‍රිය එය ආවරණය කරන විට එය මත ද දිවුරමින්.
ﭫﭬﭭﭮ
91:5
අහස හා එය ගොඩ නැගූ අය මත ද දිවුරමින්.
ﭯﭰﭱﭲ
91:6
පොළොව හා එය ව්යාප්ත කළ අය මත ද දිවුරමින්.
ﭳﭴﭵﭶ
91:7
ආත්මය හා එය සැකසූ අය මත ද දිවුරමින්,
ﭷﭸﭹﭺ
91:8
ඔහු එ(ම ආත්ම)යට එහි නපුර ද එහි ධාර්මිකතාව ද ප්‍රවේශ කළේය.
ﭻﭼﭽﭾﭿ
91:9
සැබැවින්ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්‍ර කර ගත්තේ ද ඔහු ජය ලැබීය.
ﮀﮁﮂﮃﮄ
91:10
තවද සැබැවින්ම කවරෙක් එය පාපයෙහි ගිල් වූයේ ද ඔහු පරාජයට පත් විය.
ﮅﮆﮇﮈ
91:11
සමූද් ජනයා තම සීමා ඉක්මවා යමින් බොරු කළෝය.
ﮉﮊﮋﮌ
91:12
ඔවුන්ගේ අභාග්‍යවන්තයා නැගී සිටි විට,
ﮍﮎﮏﮐﮑﮒﮓﮔ
91:13
මෙය අල්ලාහ්ගේ ඔටු දෙනයි. තවද උගේ පැන් බොන ස්ථානයයි යැයි අල්ලාහ්ගේ දූතයා ඔවුනට පැවසුවේය.
ﮕﮖﮗﮘﮙﮚﮛﮜ
91:14
එවිට ඔවුහු ඔහු ව බොරු කළෝය. පසුව උගේ නහර කපා දැමුවෝය. එබැවින් ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ පාපය හේතුවෙන් ඔවුන් මත වේදනාව පහළ කර සුනු විසුනු කළේය. එමෙන්ම ඔවුන් ව සමතලා කර දැමුවේය.
ﮝﮞﮟﮠ
91:15
තවද එහි අවසානය ගැන ඔහු බියවන්නේ නැත.
ශුද්ධ වූ අල් කුර්ආනය
Wednesday, September 9, 2026
Don't forget us in your sincere prayers







