وَلَن تَرْضَىٰ عَنكَ الْيَهُودُ وَلَا النَّصَارَىٰ حَتَّىٰ تَتَّبِعَ مِلَّتَهُمْ ۗ قُلْ إِنَّ هُدَى اللَّهِ هُوَ الْهُدَىٰ ۗ وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُم بَعْدَ الَّذِي جَاءَكَ مِنَ الْعِلْمِ ۙ مَا لَكَ مِنَ اللَّهِ مِن وَلِيٍّ وَلَا نَصِيرٍ ١٢٠
🔤 Transliteration
Wa lan tardaa `ankal Yahoodu wa lan Nasaaraa hattaa tattabi`a millatahum; qul inna hudal laahi huwalhudaa; wa la`init taba`ta ahwaaa`ahum ba`dal lazee jaaa`aka minal `ilmimaa laka minal laahi minw waliyyinw wa laa naseer
📖 පරිවර්තනය (සිංහලෙන්)
📖 සිංහලෙන්
යුදෙව්වෝ ද කිතුනුවෝ ද ඔවුන් ගේ පිළිවෙත නුඹ අනුගමනය කරන තෙක් නුඹ ගැන තෘප්තිය ට පත් නොවෙති. (නබිවරය) පවසනු. සැබැවින් ම අල්ලාහ් ගේ යහ මග, එයම ය යහ මග වනුයේ. ඥානය නුඹ වෙත පැමිණි පසුව ද නුඹ ඔවුන් ගේ මනෝ ආශාවන් පිළිපදින්නෙ හි නම් අල්ලාහ්ගෙන් කිසිදු භාරකරුවෙක් හෝ උදව්කරු වෙක් හෝ නුඹ ට නොමැත.
🌐 Additional reference in தமிழ்
වදන්හි අර්ථ: මිල්ලතහුම් – ඔවුන්ගේ ආගම හා අනුගමනය කරන ක්රමයහුදා – මග පෙන්වීම, යහමඟඅහ්වාඅහුම් – ඔවුන්ගේ ආශාවන් හා මනස්කාන්තයන්වලිය් – ආරක්ෂක මිතුරානසීර් – උපකාරකයා, උදව්කරුඅර්ථ විවරණය: නබිතුමනි! යුදෙව්වන් හා කිතුනුවන් ඔබ ගැන කිසිදා සතුටු නොවනු ඇත. ඔවුන් සතුටු වීමට නම් ඔබ ඔවුන්ගේ ආගම් අනුගමනය කළ යුතුය. ඔවුන් ඔබ සමඟ සාම ගිවිසුම් කර ගත්තද, ඔවුන්ගේ සැබෑ අභිප්‍රාය එය නොවේ. ඔවුන්ගේ අරමුණ ඔබව ඔවුන්ගේ මාර්ගයට හරවා ගැනීමයි. එබැවින් ඔවුන්ට පවසන්න: "අල්ලාහ්ගේ මග පෙන්වීමයි සැබෑ මග පෙන්වීම වන්නේ" – එනම් ඉස්ලාමයයි. එය හැර අන් කිසිවක් යහමඟ නොවේ.
ඉන්පසු අල්ලාහ් තම නබිවරයාට අනතුරු අඟවයි: ඔබ වෙත පැමිණි සත්‍ය දැනුමෙන් පසුව (එනම් කුර්ආනය හා වහීය) ඔබ ඔවුන්ගේ ආශාවන් අනුගමනය කළහොත් – එය නබිතුමාට කළ අනතුරු ඇඟවීමක් වන අතර, ඇත්ත වශයෙන්ම එය මුළු උම්මතයටම අදාළ අවවාදයකි – එවිට අල්ලාහ්ගෙන් ඔබව ආරක්ෂා කරන කිසිදු මිතුරෙකු හෝ ඔබට උපකාර කරන කිසිදු උදව්කරුවෙකු නොලැබෙනු ඇත. එනම්, සත්‍යය අත්හැර බොරුව අනුගමනය කිරීමේ ප්‍රතිඵලය අල්ලාහ්ගේ ආරක්ෂාව හා උපකාරය අහිමි වීමයි.
උපදේශ හා පාඩම්: සත්‍යයේ මාර්ගයේ ස්ථීරව සිටින තාක් කල්, විරුද්ධවාදීන්ගේ සතුට හෝ අප්‍රසාදය ගැන අප තැකීමක් නොකළ යුතුය. අපගේ ඉලක්කය විය යුත්තේ අල්ලාහ්ගේ සතුට පමණි. අල්ලාහ්ගේ මග පෙන්වීම (ඉස්ලාමය) පමණක් සැබෑ මග පෙන්වීමයි. අන් සියලු මාර්ග අයහපත් මාර්ග වේ. සත්‍යය දැනගත් පසු එය අත්හැර බොරුව අනුගමනය කිරීම ඉතා බරපතල වරදකි. එය අල්ලාහ්ගේ ආරක්ෂාව අහිමි කරවයි. අල්ලාහ්ගේ උපකාරය හා ආරක්ෂාව ලබා ගැනීමට නම්, ඔහුගේ නියෝගවලට අවනත වී ඔහුගේ මාර්ගයේ ස්ථීරව සිටිය යුතුය. මෙම ආයතය තුළින් අපට පැහැදිලි වන්නේ, අන්‍ය ආගමිකයන් සතුටු කිරීම සඳහා අපගේ ආගමික මූලධර්මවලට හානි කිරීම කිසිසේත් අනුමත නොවන බවයි.
وَلَن تَرۡضَىٰ عَنكَ ٱلۡيَهُودُ وَلَا ٱلنَّصَٰرَىٰ حَتَّىٰ تَتَّبِعَ مِلَّتَهُمۡۗ قُلۡ إِنَّ هُدَى ٱللَّهِ هُوَ ٱلۡهُدَىٰۗ وَلَئِنِ ٱتَّبَعۡتَ أَهۡوَآءَهُم بَعۡدَ ٱلَّذِي جَآءَكَ مِنَ ٱلۡعِلۡمِ مَا لَكَ مِنَ ٱللَّهِ مِن وَلِيٍّ وَلَا نَصِيرٍ ١٢٠
යුදෙව්වෝ ද කිතුනුවෝ ද ඔවුන් ගේ පිළිවෙත නුඹ අනුගමනය කරන තෙක් නුඹ ගැන තෘප්තිය ට පත් නොවෙති. (නබිවරය) පවසනු. සැබැවින් ම අල්ලාහ් ගේ යහ මග, එයම ය යහ මග වනුයේ. ඥානය නුඹ වෙත පැමිණි පසුව ද නුඹ ඔවුන් ගේ මනෝ ආශාවන් පිළිපදින්නෙ හි නම් අල්ලාහ්ගෙන් කිසිදු භාරකරුවෙක් හෝ උදව්කරු වෙක් හෝ නුඹ ට නොමැත.
🖼️ Save Image
🎬 Save Video
📜 ආයාත් 118-122 — සූරා අල්-බකරා
118 وَقَالَ الَّذِينَ لَا يَعْلَمُونَ لَوْلَا يُكَلِّمُنَا اللَّهُ أَوْ تَأْتِينَا آيَةٌ ۗ كَذَٰلِكَ قَالَ الَّذِينَ مِن قَبْلِهِم مِّثْلَ قَوْلِهِمْ ۘ تَشَابَهَتْ قُلُوبُهُمْ ۗ قَدْ بَيَّنَّا الْآيَاتِ لِقَوْمٍ يُوقِنُونَ
තව ද දැනුම නොමැත්තෝ “අල්ලාහ් අප සමඟ කතා කළ යුතු නොවේ ද? නැතිනම් අප වෙත ප්‍රාතිහාර්‍යයක් පැමිණිය යුතු නොවේ දැ”යි අසති. ඔවුන ට පෙර සිටි අය ද මොවුන් පවසනවාක් මෙන් ම පැවසූහ. ඔවුන්ගේ හදවත් එකිනෙක ට ඒකාකාර විය. සැබැවින් ම තරයේ විශ්වාස කරන පිරිස ට අපි මෙම වැකි පැහැදිලි කරන්නෙමු.
119 إِنَّا أَرْسَلْنَاكَ بِالْحَقِّ بَشِيرًا وَنَذِيرًا ۖ وَلَا تُسْأَلُ عَنْ أَصْحَابِ الْجَحِيمِ
නියත වශයෙන් ම අපි නුඹ ව සුබාරංචි පවසන්නෙකු ලෙස ද අවවාද කරන්නෙකු ලෙස ද සත්‍ය සමඟ යැව්වෙමු. නිරයේ සගයින් පිළිබඳ ව නුඹ ප්‍රශ්න කරනු නොලබන්නෙහි ය.
120 وَلَن تَرْضَىٰ عَنكَ الْيَهُودُ وَلَا النَّصَارَىٰ حَتَّىٰ تَتَّبِعَ مِلَّتَهُمْ ۗ قُلْ إِنَّ هُدَى اللَّهِ هُوَ الْهُدَىٰ ۗ وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُم بَعْدَ الَّذِي جَاءَكَ مِنَ الْعِلْمِ ۙ مَا لَكَ مِنَ اللَّهِ مِن وَلِيٍّ وَلَا نَصِيرٍ
යුදෙව්වෝ ද කිතුනුවෝ ද ඔවුන් ගේ පිළිවෙත නුඹ අනුගමනය කරන තෙක් නුඹ ගැන තෘප්තිය ට පත් නොවෙති. (නබිවරය) පවසනු. සැබැවින් ම අල්ලාහ් ගේ යහ මග, එයම ය යහ මග වනුයේ. ඥානය නුඹ වෙත පැමිණි පසුව ද නුඹ ඔවුන් ගේ මනෝ ආශාවන් පිළිපදින්නෙ හි නම් අල්ලාහ්ගෙන් කිසිදු භාරකරුවෙක් හෝ උදව්කරු වෙක් හෝ නුඹ ට නොමැත.
121 الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَتْلُونَهُ حَقَّ تِلَاوَتِهِ أُولَٰئِكَ يُؤْمِنُونَ بِهِ ۗ وَمَن يَكْفُرْ بِهِ فَأُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ
යුදෙව්වෝ ද කිතුනුවෝ ද ඔවුන් ගේ පිළිවෙත නුඹ අනුගමනය කරන තෙක් නුඹ ගැන තෘප්තිය ට පත් නොවෙති. (නබිවරය) පවසනු. සැබැවින් ම අල්ලාහ් ගේ යහ මග, එයම ය යහ මග වනුයේ. ඥානය නුඹ වෙත පැමිණි පසුව ද නුඹ ඔවුන් ගේ මනෝ ආශාවන් පිළිපදින්නෙ හි නම් අල්ලාහ්ගෙන් කිසිදු භාරකරුවෙක් හෝ උදව්කරු වෙක් හෝ නුඹ ට නොමැත.
122 يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُوا نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ
අහෝ ඉස්රාඊල් දරුවනි! මා නුඹලා ට දායාද කළ මාගේ දායාද ය මෙනෙහි කරනු. තව ද සැබැවින් ම මම නුඹලා ව ලෝ වැසියන්ට වඩා උසස් කළෙමි.
පරිවර්තනය — අල්-බකරා 120 සූරා අල්-බකරා ආයාත් 120 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : යුදෙව්වෝ ද කිතුනුවෝ ද ඔවුන් ගේ පිළිවෙත නුඹ අනුගමනය කරන…
සූරා ආයාත් 120/286 — සූරා අල්-බකරා البقرة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-බකරා අසන්න, සූරා අල්-බකරා පරිවර්තනය, සූරා අල්-බකරා mp3, සූරා අල්-බකරා pdf. ආයාත් 118–122. සිංහලෙන්: தமிழ்.