ආල්-ඉම්රාන් · 174/200
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා ආල්-ඉම්රාන්
فَانقَلَبُوا بِنِعْمَةٍ مِّنَ اللَّهِ وَفَضْلٍ لَّمْ يَمْسَسْهُمْ سُوءٌ وَاتَّبَعُوا رِضْوَانَ اللَّهِ ۗ وَاللَّهُ ذُو فَضْلٍ عَظِيمٍ ۝١٧٤
Fanqalaboo bini`matim minal laahi wa fadlil lam yamsashum sooo`unw wattaba`oo ridwaanal laah; wallaahu zoo fadlin `azeem
📖 සිංහලෙන්
එබැවින් අල්ලාහ්ගෙන් වූ සම්පත හා භාග්‍යය සමඟ ඔවුහු හැරී ගියහ. ඔවුනට නපුරක් ස්පර්ශ නොවීය. තවද ඔවුහු අල්ලාහ්ගේ තෘප්තිය (අපේක්ෂාවෙන්) අනුගමනය කළෝය. තවද අල්ලාහ් මහත් භාග්‍යයෙන් යුක්ත ය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 172-176 — සූරා ආල්-ඉම්රාන්

172الَّذِينَ اسْتَجَابُوا لِلَّهِ وَالرَّسُولِ مِن بَعْدِ مَا أَصَابَهُمُ الْقَرْحُ ۚ لِلَّذِينَ أَحْسَنُوا مِنْهُمْ وَاتَّقَوْا أَجْرٌ عَظِيمٌ
ඔවුහු තමන්ට තුවාල ඇති වූ පසු ව පවා අල්ලාහ්ට ද රසූල්වරයාට ද ප්‍රතිචාර දැක් වූ අය වෙති. ඔවුන් අතරින් දැහැමි ලෙස කටයුතු කර බිය බැතිමත් වූවනට මහත් වූ ප්‍රතිඵල ඇත.
173الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُوا لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَانًا وَقَالُوا حَسْبُنَا اللَّهُ وَنِعْمَ الْوَكِيلُ
ඔවුහු වනාහි නියත වශයෙන්ම ජනයා නුඹලාට (එරෙහිව) එක් රැස් වී ඇත. එබැවින් නුඹලා ඔවුනට බිය වනු යැයි ජනයා ඔවුනට පැවසූහ. එවිට එය(එම ප්‍රකාශය) ඔවුනට විශ්වාසය වැඩි කළේය. තවද ඔවුහු අල්ලාහ් අපට ප්‍රමාණවත් ය. තවද භාරකරු වශයෙන් ඔහු යහපත් යැයි පැවසූහ.
174فَانقَلَبُوا بِنِعْمَةٍ مِّنَ اللَّهِ وَفَضْلٍ لَّمْ يَمْسَسْهُمْ سُوءٌ وَاتَّبَعُوا رِضْوَانَ اللَّهِ ۗ وَاللَّهُ ذُو فَضْلٍ عَظِيمٍ
එබැවින් අල්ලාහ්ගෙන් වූ සම්පත හා භාග්‍යය සමඟ ඔවුහු හැරී ගියහ. ඔවුනට නපුරක් ස්පර්ශ නොවීය. තවද ඔවුහු අල්ලාහ්ගේ තෘප්තිය (අපේක්ෂාවෙන්) අනුගමනය කළෝය. තවද අල්ලාහ් මහත් භාග්‍යයෙන් යුක්ත ය.
175إِنَّمَا ذَٰلِكُمُ الشَّيْطَانُ يُخَوِّفُ أَوْلِيَاءَهُ فَلَا تَخَافُوهُمْ وَخَافُونِ إِن كُنتُم مُّؤْمِنِينَ
සැබැවින් ම එලෙස ය ෂෙයිතාන් තම මිතුරන් ගැන බිය ගන්වනුයේ. එබැවින් නුඹලා ඔවුනට බිය නොවනු. තවද නුඹලා විශ්වාස කළවුන් ලෙස සිටියෙහු නම් නුඹලා මට බිය වනු.
176وَلَا يَحْزُنكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ ۚ إِنَّهُمْ لَن يَضُرُّوا اللَّهَ شَيْئًا ۗ يُرِيدُ اللَّهُ أَلَّا يَجْعَلَ لَهُمْ حَظًّا فِي الْآخِرَةِ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ
දේවත්වය ප්‍රතික්ෂේප කිරීමෙහි යුහුසුලු ව කටයුතු කරන අය නුඹ ව දුකට පත් නොකළ යුතුය. නියත වශයෙන් ම ඔවුනට කිසිවකින් අල්ලාහ්ට හානි පමුණු විය නොහැක්කේ ම ය. ඔවුනට මතු ලොවෙහි කොටසක් ඇති නොකිරීමට අල්ලාහ් අපේක්ෂා කරයි. තවද ඔවුනට මහත් වූ දඬුවමක් ඇත.
ආල්-ඉම්රාන්කුර්ආන් දර්ශකය
200ආයාත්
MedinanRevelation
174ආයාත්

පරිවර්තනය — ආල්-ඉම්රාන් 174

සූරා ආල්-ඉම්රාන් ආයාත් 174 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එබැවින් අල්ලාහ්ගෙන් වූ සම්පත හා භාග්‍යය සමඟ ඔවුහු හැරී ගියහ.…

සූරා ආයාත් 174/200 — සූරා ආල්-ඉම්රාන් آل عمران (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා ආල්-ඉම්රාන් අසන්න, සූරා ආල්-ඉම්රාන් පරිවර්තනය, සූරා ආල්-ඉම්රාන් mp3, සූරා ආල්-ඉම්රාන් pdf. ආයාත් 172–176. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers