ආල්-ඉම්රාන් · 39/200
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා ආල්-ඉම්රාන්
فَنَادَتْهُ الْمَلَائِكَةُ وَهُوَ قَائِمٌ يُصَلِّي فِي الْمِحْرَابِ أَنَّ اللَّهَ يُبَشِّرُكَ بِيَحْيَىٰ مُصَدِّقًا بِكَلِمَةٍ مِّنَ اللَّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِّنَ الصَّالِحِينَ ۝٣٩
Fanaadat hul malaaa`ikatu wa huwa qaaa`imuny yusallee fil Mihraabi annal laaha yubashshiruka bi Yahyaa musaddiqam bi Kalimatim minal laahi wa saiyidanw wa hasooranw wa Nabiyyam minas saaliheen
📖 සිංහලෙන්
එවිට ඔහු නැමදුම් ස්ථානයෙහි, සිට ගෙන සලාතය ඉටු කරමින් සිටිය දී, සැබැවින් ම අල්ලාහ් ගෙන් වූ වදන සත්‍යය කරවන්නෙකු, නායකයෙකු, (කාන්තාවන් ගෙන්) වැළකුණු අයෙකු සහ දැහැමියන් අතුරින් නබිවරයෙකු ලෙස වූ යහ්යා පිළිබඳ අල්ලාහ් නුඹට ශුභාරංචිය දන්වන්නේ යැයි සුරදූතයින් ඔහු අමතා පැවසුහ.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 37-41 — සූරා ආල්-ඉම්රාන්

37فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٍ وَأَنبَتَهَا نَبَاتًا حَسَنًا وَكَفَّلَهَا زَكَرِيَّا ۖ كُلَّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا الْمِحْرَابَ وَجَدَ عِندَهَا رِزْقًا ۖ قَالَ يَا مَرْيَمُ أَنَّىٰ لَكِ هَٰذَا ۖ قَالَتْ هُوَ مِنْ عِندِ اللَّهِ ۖ إِنَّ اللَّهَ يَرْزُقُ مَن يَشَاءُ بِغَيْرِ حِسَابٍ
එවිට ඇයගේ පරමාධිපති යහපත් පිළිගැනීමකින් ඇය ව පිළිගත්තේය. තවද යහපත් වැඩීමකින් හදා වඩා ගන්නට සැලැස්සුවේය. ඇය ව zසකරිය්යාට භාර කළේය. නැමදුම් ස්ථානයේ ඇය වෙත zසකරිය්යා පිවිසෙන සෑම අවස්ථාවක ම ඇය අසල ආහාර දුටුවේය. අහෝ මර්යම්! ඔබට මෙය කෙසේ (ලැබුණේ) ද? යැයි ඔහු ඇසුවේය. මෙය අල්ලාහ් වෙතින් යැයි ඇය පැවසුවාය. නියත වශයෙන් ම අල්ලාහ් තමන් අභිමත අයට ගණනයකින් තොර ව පෝෂණය ලබා දෙන්නේය.
38هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُ ۖ قَالَ رَبِّ هَبْ لِي مِن لَّدُنكَ ذُرِّيَّةً طَيِّبَةً ۖ إِنَّكَ سَمِيعُ الدُّعَاءِ
එම අවස්ථාවේ දී Zසකරිය්යා තම පරමාධිපති ව අයැද සිටියේය. මාගේ පරමාධිපතියාණනි! ඔබ වෙතින් මට දැහැමි පරපුරක් පිරිනමනු මැනව! සැබැවින් ම ඔබ ප්‍රාර්ථනාවට සවන් දෙන්නා යැයි ඔහු පැවසුවේය.
39فَنَادَتْهُ الْمَلَائِكَةُ وَهُوَ قَائِمٌ يُصَلِّي فِي الْمِحْرَابِ أَنَّ اللَّهَ يُبَشِّرُكَ بِيَحْيَىٰ مُصَدِّقًا بِكَلِمَةٍ مِّنَ اللَّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِّنَ الصَّالِحِينَ
එවිට ඔහු නැමදුම් ස්ථානයෙහි, සිට ගෙන සලාතය ඉටු කරමින් සිටිය දී, සැබැවින් ම අල්ලාහ් ගෙන් වූ වදන සත්‍යය කරවන්නෙකු, නායකයෙකු, (කාන්තාවන් ගෙන්) වැළකුණු අයෙකු සහ දැහැමියන් අතුරින් නබිවරයෙකු ලෙස වූ යහ්යා පිළිබඳ අල්ලාහ් නුඹට ශුභාරංචිය දන්වන්නේ යැයි සුරදූතයින් ඔහු අමතා පැවසුහ.
40قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِي غُلَامٌ وَقَدْ بَلَغَنِيَ الْكِبَرُ وَامْرَأَتِي عَاقِرٌ ۖ قَالَ كَذَٰلِكَ اللَّهُ يَفْعَلُ مَا يَشَاءُ
මාගේ පරමාධිපතියාණනි! මට දරුවෙකු ලැබිය හැක්කේ කෙසේ ද? මා වයෝවෘද්ධ භාවය මා වෙත ළඟා වී ඇත. එමෙන් ම මාගේ බිරිය වද කතකි යැයි ඔහු පැවසුවේය. එලෙස ය අල්ලාහ් තමන් අභිමත දෑ සිදු කරනුයේ යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය.
41قَالَ رَبِّ اجْعَل لِّي آيَةً ۖ قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَةَ أَيَّامٍ إِلَّا رَمْزًا ۗ وَاذْكُر رَّبَّكَ كَثِيرًا وَسَبِّحْ بِالْعَشِيِّ وَالْإِبْكَارِ
මාගේ පරමාධිපතියාණනි! ඔබ මට සලකුණක් ඇති කරනු මැනව! යැයි ඔහු පැවසුවේය. ඔබේ සලකුණ වනුයේ ඔබ ජනයා සමඟ සංඥා කිරීමකින් හැර දින තුනක් කතා නොකිරීම ය. තවද ඔබ ඔබේ පරමාධිපති ව අධික ව මෙනෙහි කරනු. තව ද උදේ සවස පිවිතුරු කරනු යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය.
ආල්-ඉම්රාන්කුර්ආන් දර්ශකය
200ආයාත්
MedinanRevelation
39ආයාත්

පරිවර්තනය — ආල්-ඉම්රාන් 39

සූරා ආල්-ඉම්රාන් ආයාත් 39 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එවිට ඔහු නැමදුම් ස්ථානයෙහි, සිට ගෙන සලාතය ඉටු කරමින් සිටිය…

සූරා ආයාත් 39/200 — සූරා ආල්-ඉම්රාන් آل عمران (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා ආල්-ඉම්රාන් අසන්න, සූරා ආල්-ඉම්රාන් පරිවර්තනය, සූරා ආල්-ඉම්රාන් mp3, සූරා ආල්-ඉම්රාන් pdf. ආයාත් 37–41. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers