අල්-මාඉදා · 13/120
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මාඉදා
فَبِمَا نَقْضِهِم مِّيثَاقَهُمْ لَعَنَّاهُمْ وَجَعَلْنَا قُلُوبَهُمْ قَاسِيَةً ۖ يُحَرِّفُونَ الْكَلِمَ عَن مَّوَاضِعِهِ ۙ وَنَسُوا حَظًّا مِّمَّا ذُكِّرُوا بِهِ ۚ وَلَا تَزَالُ تَطَّلِعُ عَلَىٰ خَائِنَةٍ مِّنْهُمْ إِلَّا قَلِيلًا مِّنْهُمْ ۖ فَاعْفُ عَنْهُمْ وَاصْفَحْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُحْسِنِينَ ۝١٣
Fabimaa naqdihim meesaa qahum la`annaahum wa ja`alnaa quloobahum qaasiyatany yuharrifoonal kalima `ammawaadi`ihee wa nasoo hazzam mimmaa zukkiroo bih; khaaa`inatim minhum illaa qaleelam minhum fa`fu `anhum wasfah; innal laaha yuhibbul muhsineen
📖 සිංහලෙන්
ඔවුන් ඔවුන්ගේ ප්‍රතිඥාව කඩ කළ හේතුවෙන් අපි ඔවුනට ශාප කළෙමු. තවද ඔවුන්ගේ හදවත් දැඩි (හදවත්) බවට පත් කළෙමු. ඔවුහු එම වදන් එහි නියමිත ස්ථානයෙන් වෙනස් කරති. ඔවුනට කවර දෙයක් උපදෙස් දෙනු ලැබුවේ ද ඉන් කොටසක් ඔවුහු අමතක කළෝය. ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙකු හැරෙන්නට ඔවුන් අතරින් වැඩි දෙනා කුමක් හෝ (නව) කුමන්ත්‍රණයක සිටිනු නුඹ දකින්නෙහුමය. එබැවින් ඔවුන් ව අත හැර දමා ඔවුන් ව නොසලකා හරිනු. සැබැවින්ම අල්ලාහ් දැහැමියන් ව ප්‍රිය කරයි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 11-15 — සූරා අල්-මාඉදා

11يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ إِذْ هَمَّ قَوْمٌ أَن يَبْسُطُوا إِلَيْكُمْ أَيْدِيَهُمْ فَكَفَّ أَيْدِيَهُمْ عَنكُمْ ۖ وَاتَّقُوا اللَّهَ ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! පිරිසක් ඔවුන්ගේ අත් නුඹලාට එරෙහි ව දිගු කරන්නට සිතූ විට නුඹලා වෙත වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් මෙනෙහි කරනු. ඔහු ඔවුන්ගේ අත් නුඹලාගෙන් වළක්වාලීය. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද දේවත්වය විශ්වාස කළවුන් අල්ලාහ් කෙරෙහිම (සියල්ල) භාර කළ යුතුය.
12۞ وَلَقَدْ أَخَذَ اللَّهُ مِيثَاقَ بَنِي إِسْرَائِيلَ وَبَعَثْنَا مِنْهُمُ اثْنَيْ عَشَرَ نَقِيبًا ۖ وَقَالَ اللَّهُ إِنِّي مَعَكُمْ ۖ لَئِنْ أَقَمْتُمُ الصَّلَاةَ وَآتَيْتُمُ الزَّكَاةَ وَآمَنتُم بِرُسُلِي وَعَزَّرْتُمُوهُمْ وَأَقْرَضْتُمُ اللَّهَ قَرْضًا حَسَنًا لَّأُكَفِّرَنَّ عَنكُمْ سَيِّئَاتِكُمْ وَلَأُدْخِلَنَّكُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۚ فَمَن كَفَرَ بَعْدَ ذَٰلِكَ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَاءَ السَّبِيلِ
සැබැවින්ම අල්ලාහ් ඉස්රාඊල් දරුවන්ගෙන් ප්‍රතිඥාවක් ගත්තේය. තවද ඔවුන් අතරින් භාරකරුවන් දොළොස් දෙනෙකු අපි එව්වෙමු. සැබැවින්ම මම නුඹලා සමඟය. නුඹලා සලාතය විධිමත් ව ඉටු කර; zසකාතය ද පිරිනමා; මාගේ රසූල්වරුන්ව විශ්වාස කොට ඔවුනට උපකාර කර; තවද අලංකාර ණයකින් අල්ලාහ්ට ණය ලබා දුන්නේ නම් නුඹලාගේ පාපයන් නුඹලාගෙන් මම පහ කරමි. යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් වලට නුඹලා ව ඇතුළත් කරමි යැයි අල්ලාහ් පැවසුවේය. එහෙයින් මින් පසුව නුඹලා අතරින් කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද සැබැවින්ම ඔහු නිවැරදි මාර්ගයෙන් මුළා විය.
13فَبِمَا نَقْضِهِم مِّيثَاقَهُمْ لَعَنَّاهُمْ وَجَعَلْنَا قُلُوبَهُمْ قَاسِيَةً ۖ يُحَرِّفُونَ الْكَلِمَ عَن مَّوَاضِعِهِ ۙ وَنَسُوا حَظًّا مِّمَّا ذُكِّرُوا بِهِ ۚ وَلَا تَزَالُ تَطَّلِعُ عَلَىٰ خَائِنَةٍ مِّنْهُمْ إِلَّا قَلِيلًا مِّنْهُمْ ۖ فَاعْفُ عَنْهُمْ وَاصْفَحْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُحْسِنِينَ
ඔවුන් ඔවුන්ගේ ප්‍රතිඥාව කඩ කළ හේතුවෙන් අපි ඔවුනට ශාප කළෙමු. තවද ඔවුන්ගේ හදවත් දැඩි (හදවත්) බවට පත් කළෙමු. ඔවුහු එම වදන් එහි නියමිත ස්ථානයෙන් වෙනස් කරති. ඔවුනට කවර දෙයක් උපදෙස් දෙනු ලැබුවේ ද ඉන් කොටසක් ඔවුහු අමතක කළෝය. ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙකු හැරෙන්නට ඔවුන් අතරින් වැඩි දෙනා කුමක් හෝ (නව) කුමන්ත්‍රණයක සිටිනු නුඹ දකින්නෙහුමය. එබැවින් ඔවුන් ව අත හැර දමා ඔවුන් ව නොසලකා හරිනු. සැබැවින්ම අල්ලාහ් දැහැමියන් ව ප්‍රිය කරයි.
14وَمِنَ الَّذِينَ قَالُوا إِنَّا نَصَارَىٰ أَخَذْنَا مِيثَاقَهُمْ فَنَسُوا حَظًّا مِّمَّا ذُكِّرُوا بِهِ فَأَغْرَيْنَا بَيْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ ۚ وَسَوْفَ يُنَبِّئُهُمُ اللَّهُ بِمَا كَانُوا يَصْنَعُونَ
තවද “සැබැවින්ම අපි කිතුනුවන් වෙමු” යැයි පැවසූ අය අතුරින් ද අපි ඔවුන්ගේ ප්‍රතිඥාව ගතිමු. නමුත් ඔවුනට කවර දෙයක් උපදෙස් දෙනු ලැබුවේ ද ඉන් කොටසක් ඔවුහු ද අමතක කළෝය. එබැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා අපි ඔවුන් අතර සතුරුකම හා ක්‍රෝධය හෙළුවෙමු. තවද ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ ව අල්ලාහ් ඔවුනට මතු දන්වනු ඇත.
15يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ كَثِيرًا مِّمَّا كُنتُمْ تُخْفُونَ مِنَ الْكِتَابِ وَيَعْفُو عَن كَثِيرٍ ۚ قَدْ جَاءَكُم مِّنَ اللَّهِ نُورٌ وَكِتَابٌ مُّبِينٌ
අහෝ ධර්ම ග්‍රන්ථ හිමියනි! ධර්ම ග්‍රන්ථයෙන් නුඹලා සඟවමින් සිටි දැයින් බොහෝමයක් නුඹලාට පැහැදිලි කරන තවද බොහෝ දේවල් නොසලකා හරින අපගේ රසූල්වරයා සැබැවින්ම නුඹලා වෙත පැමිණ ඇත. සැබැවින්ම අල්ලාහ්ගෙන් වූ ආලෝකයක් ද පැහැදිලි ධර්ම ග්‍රන්ථයක් ද නුඹලා වෙත පැමිණ ඇත.
අල්-මාඉදාකුර්ආන් දර්ශකය
120ආයාත්
MedinanRevelation
13ආයාත්

පරිවර්තනය — අල්-මාඉදා 13

සූරා අල්-මාඉදා ආයාත් 13 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔවුන් ඔවුන්ගේ ප්‍රතිඥාව කඩ කළ හේතුවෙන් අපි ඔවුනට ශාප කළෙමු.…

සූරා ආයාත් 13/120 — සූරා අල්-මාඉදා المائدة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මාඉදා අසන්න, සූරා අල්-මාඉදා පරිවර්තනය, සූරා අල්-මාඉදා mp3, සූරා අල්-මාඉදා pdf. ආයාත් 11–15. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers