අල්-මාඉදා · 54/120
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මාඉදා
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا مَن يَرْتَدَّ مِنكُمْ عَن دِينِهِ فَسَوْفَ يَأْتِي اللَّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى الْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى الْكَافِرِينَ يُجَاهِدُونَ فِي سَبِيلِ اللَّهِ وَلَا يَخَافُونَ لَوْمَةَ لَائِمٍ ۚ ذَٰلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَن يَشَاءُ ۚ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ ۝٥٤
Yaa aiyuhal lazeena aamanoo mai yartadda minkum `an deenihee fasawfa yaatil laahu biqawminy yuhibbuhum wa yuhibboonahoo azillatin `alal mu`mineena a`izzatin `alal kaafireena yujaahidoona fee sabeelil laahi wa laa yakhaafoona lawmata laaa`im; zaalika fadlul laahi yu`teehi mai yashaaa`; wallaahu Waasi`un `Aleem
📖 සිංහලෙන්
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අතරින් කවරෙකු තම දහමින් හැරී යන්නේ ද එවිට ඔහු ඔවුන් ව ප්‍රිය කරන ඔවුහු ද ඔහු ව ප්‍රිය කරන තවත් පිරිසක් අල්ලාහ් ගෙන එනු ඇත. ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් හට නිහතමානී වෙති. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් සමඟ ඉතා දැඩි ව සිටිති. අල්ලාහ්ගේ මාර්ගයේ කැප වෙති. කිසිදු දොස් කියන්නෙකුගේ දොසට බිය නොවෙති. එය අල්ලාහ්ගේ භාග්‍යයයි. තමන් අභිමත කරන අයට ඔහු එය පිරිනමයි. තවද අල්ලාහ් සර්ව ව්‍යාපකය; සර්වඥානීය.
🎧 අසන්න

📜 ආයාත් 52-56 — අල්-මාඉදා

52فَتَرَى الَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ يُسَارِعُونَ فِيهِمْ يَقُولُونَ نَخْشَىٰ أَن تُصِيبَنَا دَائِرَةٌ ۚ فَعَسَى اللَّهُ أَن يَأْتِيَ بِالْفَتْحِ أَوْ أَمْرٍ مِّنْ عِندِهِ فَيُصْبِحُوا عَلَىٰ مَا أَسَرُّوا فِي أَنفُسِهِمْ نَادِمِينَ
තම හදවත් වල රෝග ඇත්තවුන් වන ඔවුහු ඔවුන් අතර යුහුසුලුව කටයුතු කරනු නුඹ දකිනු ඇත. (ඔවුන් සමඟ අමනාප වූ විට) "අපට අර්බුද හට ගනු ඇතැයි අපි බියවීමු" යැයි පවසති. අල්ලාහ් ජයග්‍රහණය හෝ ඔහුගෙන් වූ නියමයක් හෝ ගෙන දෙන්නට පුළුවන. එවිට ඔවුන්ගේ සිත් තුළ ඔවුන් සඟවා සිටි දෑ කෙරෙහි ඔවුහු පසුතැවිලි වන්නන් බවට පත් වෙති.
53وَيَقُولُ الَّذِينَ آمَنُوا أَهَٰؤُلَاءِ الَّذِينَ أَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ ۙ إِنَّهُمْ لَمَعَكُمْ ۚ حَبِطَتْ أَعْمَالُهُمْ فَأَصْبَحُوا خَاسِرِينَ
සැබැවින්ම ඔවුන් නුඹලා සමඟ යැයි අල්ලාහ් මත ඉතා ස්ථීර ලෙස දිවුරා සිටියවුන් මොවුහු දැ යි දේවත්වය විශ්වාස කළවුන් විමසා සිටිති. ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල විය. එබැවින් ඔවුහු අලාභවන්තයින් බවට පත් වූහ.
54يَا أَيُّهَا الَّذِينَ آمَنُوا مَن يَرْتَدَّ مِنكُمْ عَن دِينِهِ فَسَوْفَ يَأْتِي اللَّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى الْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى الْكَافِرِينَ يُجَاهِدُونَ فِي سَبِيلِ اللَّهِ وَلَا يَخَافُونَ لَوْمَةَ لَائِمٍ ۚ ذَٰلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَن يَشَاءُ ۚ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අතරින් කවරෙකු තම දහමින් හැරී යන්නේ ද එවිට ඔහු ඔවුන් ව ප්‍රිය කරන ඔවුහු ද ඔහු ව ප්‍රිය කරන තවත් පිරිසක් අල්ලාහ් ගෙන එනු ඇත. ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් හට නිහතමානී වෙති. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් සමඟ ඉතා දැඩි ව සිටිති. අල්ලාහ්ගේ මාර්ගයේ කැප වෙති. කිසිදු දොස් කියන්නෙකුගේ දොසට බිය නොවෙති. එය අල්ලාහ්ගේ භාග්‍යයයි. තමන් අභිමත කරන අයට ඔහු එය පිරිනමයි. තවද අල්ලාහ් සර්ව ව්‍යාපකය; සර්වඥානීය.
55إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ
සැබැවින්ම නුඹලාගේ භාරකරු වන්නේ අල්ලාහ් ,ඔහුගේ ධර්ම දූතයාණන් හා (අල්ලාහ්ගේ නියෝගයන්ට) යටහත් වන්නන් ලෙස සලාතය විධිමත් ව ඉටු කර zසකාත් පිරිනමන දේවත්වය විශ්වාස කළවුන් වෙති.
56وَمَن يَتَوَلَّ اللَّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُوا فَإِنَّ حِزْبَ اللَّهِ هُمُ الْغَالِبُونَ
තවද කවරෙකු හෝ අල්ලාහ්ව, ඔහුගේ ධර්ම දූතයාණන්ව, හා දේවත්වය විශ්වාස කළවුන්ව තම භාරකරුවන් ලෙස ගන්නේ ද (දැනගනු!) සැබැවින්ම අල්ලාහ්ගේ කණ්ඩායම වන ඔවූහුමය ජයග්‍රහකයෝ.
අල්-මාඉදාකුර්ආන් දර්ශකය
120ආයාත්
MedinanRevelation
54ආයාත්

පරිවර්තනය — අල්-මාඉදා 54

සූරා අල්-මාඉදා ආයාත් 54 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අතරින් කවරෙකු තම දහමින් හැරී…

සූරා ආයාත් 54/120 — අල්-මාඉදා المائدة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මාඉදා අසන්න, අල්-මාඉදා පරිවර්තනය, අල්-මාඉදා mp3, අල්-මාඉදා pdf. ආයාත් 52–56. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers