අල්-මුජාදිලා · 6/22
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මුජාදිලා
يَوْمَ يَبْعَثُهُمُ اللَّهُ جَمِيعًا فَيُنَبِّئُهُم بِمَا عَمِلُوا ۚ أَحْصَاهُ اللَّهُ وَنَسُوهُ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ ۝٦
Yawma yab`asuhumul laahu jamee`an fayunabbi`uhum bimaa `amiloo; ahsaahul laahu wa nasooh; wallaahu `alaa kulli shai`in shaheed
📖 සිංහලෙන්
එදින අල්ලාහ් ඔවුන් සියලු දෙනා නැගිටුවා ඔවුන් සිදු කළ දෑ පිළිබඳ ව දන්වා සිටියි. අල්ලාහ් එය ගණන් ගෙන ඇත. නමුත් ඔවුහු එය අමතක කළෝය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 4-8 — සූරා අල්-මුජාදිලා

4فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ مِن قَبْلِ أَن يَتَمَاسَّا ۖ فَمَن لَّمْ يَسْتَطِعْ فَإِطْعَامُ سِتِّينَ مِسْكِينًا ۚ ذَٰلِكَ لِتُؤْمِنُوا بِاللَّهِ وَرَسُولِهِ ۚ وَتِلْكَ حُدُودُ اللَّهِ ۗ وَلِلْكَافِرِينَ عَذَابٌ أَلِيمٌ
එවිට කවරෙකු එය (වහලෙක් නිදහස් කිරීමට වත්කම්) නොලැබුවේ ද, එවිට ඔවුන් එකිනෙකා පහස විඳීමට පෙර අඛණ්ඩ ව මාස දෙකක් උපවාසයේ නිරත විය යුතු ව ඇත. එයට ඔහු ශක්තිය නොදැරුවේ නම් දුගියන් හැට දෙනෙකුට ආහාර සැපයිය යුතු ව ඇත. එය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව නුඹලා විශ්වාස කරනු පිණිසය. තවද මේවා අල්ලාහ්ගේ සීමාවන්ය. තවද දේව ප්‍රතික්ෂේපකයින්ට වේදනීය දඬුවමක් ඇත.
5إِنَّ الَّذِينَ يُحَادُّونَ اللَّهَ وَرَسُولَهُ كُبِتُوا كَمَا كُبِتَ الَّذِينَ مِن قَبْلِهِمْ ۚ وَقَدْ أَنزَلْنَا آيَاتٍ بَيِّنَاتٍ ۚ وَلِلْكَافِرِينَ عَذَابٌ مُّهِينٌ
නියත වශයෙන්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්(ගේ නියෝගය) ට විරුද්ධ වන්නන් වනාහි ඔවුනට පෙර සිටියවුන් නින්දාවට පත් කරනු ලැබුවාක් මෙන්ම ඔවුන්ද නින්දාවට පත් කරනු ලබන්නෝය. තවද සැබැවින්ම අපි පැහැදිලි වදන් පහළ කළෙමු. තවද දේව ප්‍රතික්ෂේපකයින්ට නින්දනීය දඬුවමක් ඇත.
6يَوْمَ يَبْعَثُهُمُ اللَّهُ جَمِيعًا فَيُنَبِّئُهُم بِمَا عَمِلُوا ۚ أَحْصَاهُ اللَّهُ وَنَسُوهُ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ
එදින අල්ලාහ් ඔවුන් සියලු දෙනා නැගිටුවා ඔවුන් සිදු කළ දෑ පිළිබඳ ව දන්වා සිටියි. අල්ලාහ් එය ගණන් ගෙන ඇත. නමුත් ඔවුහු එය අමතක කළෝය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය.
7أَلَمْ تَرَ أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۖ مَا يَكُونُ مِن نَّجْوَىٰ ثَلَاثَةٍ إِلَّا هُوَ رَابِعُهُمْ وَلَا خَمْسَةٍ إِلَّا هُوَ سَادِسُهُمْ وَلَا أَدْنَىٰ مِن ذَٰلِكَ وَلَا أَكْثَرَ إِلَّا هُوَ مَعَهُمْ أَيْنَ مَا كَانُوا ۖ ثُمَّ يُنَبِّئُهُم بِمَا عَمِلُوا يَوْمَ الْقِيَامَةِ ۚ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
නියත වශයෙන්ම අල්ලාහ් අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ දන්නා බව නුඹ නොදුටුවෙහි ද? තිදෙනෙකුගේ සාකච්ඡාවක් ඔහු සිව් වැන්නා ලෙස සිටිමින් මිස සිදු නොවනු ඇත. එමෙන්ම පස් දෙනෙකු අතර ඔහු ඔවුන්ගේ සයවැන්නා ලෙස සිටිමින් මිස නැත. ඊට වඩා අඩු හෝ වේවා වැඩි හෝ වේවා ඔවුන් කොතැනක සිටිය ද ඔහු ඔවුන් සමග මිස නැත. පසු ව ඔවුන් සිදු කළ දෑ පිළිබඳ ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට දන්වනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
8أَلَمْ تَرَ إِلَى الَّذِينَ نُهُوا عَنِ النَّجْوَىٰ ثُمَّ يَعُودُونَ لِمَا نُهُوا عَنْهُ وَيَتَنَاجَوْنَ بِالْإِثْمِ وَالْعُدْوَانِ وَمَعْصِيَتِ الرَّسُولِ وَإِذَا جَاءُوكَ حَيَّوْكَ بِمَا لَمْ يُحَيِّكَ بِهِ اللَّهُ وَيَقُولُونَ فِي أَنفُسِهِمْ لَوْلَا يُعَذِّبُنَا اللَّهُ بِمَا نَقُولُ ۚ حَسْبُهُمْ جَهَنَّمُ يَصْلَوْنَهَا ۖ فَبِئْسَ الْمَصِيرُ
රහස් සාකච්ඡා කිරීමෙන් වළක්වනු ලැබූවන් නුඹ නොදුටුවෙහි ද? ඔවුන් කවර දෙයකින් වළක්වනු ලැබුවේ ද ඒ දේ වෙත ඔවුහු නැවත හැරී යති. පාපය, සතුරුකම හා රසූල්වරයාට පිටුපෑම සඳහා ඔවුහු සාකච්ඡා කරති. තවද ඔවුහු නුඹ වෙත පැමිණි විට අල්ලාහ් නුඹට සුබ නොපැතූ දැයින් ඔවුහු නුඹට සුබ පතති. තවද අප පවසන දෑට අල්ලාහ් අපට දඬුවම් නොකරනුයේ මන් දැයි ඔවුන් තුළ පවසා ගනිති. ඔවුනට නිරය ප්‍රමාණවත්ය. ඔවුහු එහි පිවිස දැවෙති. එහෙයින් යොමු වන ස්ථානය නපුරු විය.
අල්-මුජාදිලාකුර්ආන් දර්ශකය
22ආයාත්
MedinanRevelation
6ආයාත්

පරිවර්තනය — අල්-මුජාදිලා 6

සූරා අල්-මුජාදිලා ආයාත් 6 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එදින අල්ලාහ් ඔවුන් සියලු දෙනා නැගිටුවා ඔවුන් සිදු කළ දෑ…

සූරා ආයාත් 6/22 — සූරා අල්-මුජාදිලා المجادلة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මුජාදිලා අසන්න, සූරා අල්-මුජාදිලා පරිවර්තනය, සූරා අල්-මුජාදිලා mp3, සූරා අල්-මුජාදිලා pdf. ආයාත් 4–8. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers