අත්-තව්බා · 117/129
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අත්-තව්බා
لَّقَد تَّابَ اللَّهُ عَلَى النَّبِيِّ وَالْمُهَاجِرِينَ وَالْأَنصَارِ الَّذِينَ اتَّبَعُوهُ فِي سَاعَةِ الْعُسْرَةِ مِن بَعْدِ مَا كَادَ يَزِيغُ قُلُوبُ فَرِيقٍ مِّنْهُمْ ثُمَّ تَابَ عَلَيْهِمْ ۚ إِنَّهُ بِهِمْ رَءُوفٌ رَّحِيمٌ ۝١١٧
Laqat taabal laahu `alan nabiyyi wal Muhaajireena wal Ansaaril lazeenat taba`oohu fee saa`atil `usrati mim ba`di maa kaada yazeeghu quloobu fareeqim minhum summma taaba `alaihim; innahoo bihim Ra`oofur Raheem
📖 සිංහලෙන්
නබිවරයාට, දුෂ්කර කාලයෙහි ඔහු ව අනුගමනය කළා වූ (මක්කාවෙන්) නික්ම ගියවුනට හා (නික්ම ගිය මක්කා වාසීන්ට) උදව් කළවුනට අල්ලාහ් පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේය. ඔවුන් අතරින් පිරිසකගේ හදවත් (වෙනතකට) නැඹුරුවන්නට තිබුණ ද පසුව ඔවුන් කෙරෙහි පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේය. නියත වශයෙන්ම ඔහු ඔවුන් සම්බන්ධයෙන් සානුකම්පිතය; කරුණාවන්තය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 115-119 — සූරා අත්-තව්බා

115وَمَا كَانَ اللَّهُ لِيُضِلَّ قَوْمًا بَعْدَ إِذْ هَدَاهُمْ حَتَّىٰ يُبَيِّنَ لَهُم مَّا يَتَّقُونَ ۚ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
කිසියම් පිරිසකට ඔහු මඟ පෙන්වූ පසු, ඔවුන් වැළකිය යුතු දෑ ඔවුනට පැහැදිලි කරන තෙක් ඔවුන් නොමඟ යවන්නට අල්ලාහ්ට නොවීය. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
116إِنَّ اللَّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ يُحْيِي وَيُمِيتُ ۚ وَمَا لَكُم مِّن دُونِ اللَّهِ مِن وَلِيٍّ وَلَا نَصِيرٍ
අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු සතුය. ඔහු ප්‍රාණය දෙයි. තවද මරණයට පත් කරයි. තවද අල්ලාහ්ගෙන් තොරව කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ නුඹලාට නොමැත.
117لَّقَد تَّابَ اللَّهُ عَلَى النَّبِيِّ وَالْمُهَاجِرِينَ وَالْأَنصَارِ الَّذِينَ اتَّبَعُوهُ فِي سَاعَةِ الْعُسْرَةِ مِن بَعْدِ مَا كَادَ يَزِيغُ قُلُوبُ فَرِيقٍ مِّنْهُمْ ثُمَّ تَابَ عَلَيْهِمْ ۚ إِنَّهُ بِهِمْ رَءُوفٌ رَّحِيمٌ
නබිවරයාට, දුෂ්කර කාලයෙහි ඔහු ව අනුගමනය කළා වූ (මක්කාවෙන්) නික්ම ගියවුනට හා (නික්ම ගිය මක්කා වාසීන්ට) උදව් කළවුනට අල්ලාහ් පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේය. ඔවුන් අතරින් පිරිසකගේ හදවත් (වෙනතකට) නැඹුරුවන්නට තිබුණ ද පසුව ඔවුන් කෙරෙහි පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේය. නියත වශයෙන්ම ඔහු ඔවුන් සම්බන්ධයෙන් සානුකම්පිතය; කරුණාවන්තය.
118وَعَلَى الثَّلَاثَةِ الَّذِينَ خُلِّفُوا حَتَّىٰ إِذَا ضَاقَتْ عَلَيْهِمُ الْأَرْضُ بِمَا رَحُبَتْ وَضَاقَتْ عَلَيْهِمْ أَنفُسُهُمْ وَظَنُّوا أَن لَّا مَلْجَأَ مِنَ اللَّهِ إِلَّا إِلَيْهِ ثُمَّ تَابَ عَلَيْهِمْ لِيَتُوبُوا ۚ إِنَّ اللَّهَ هُوَ التَّوَّابُ الرَّحِيمُ
(යුද්ධයට නොගොස්) පසු බැස රැඳී සිටියා වූ තිදෙනාට ද (අල්ලාහ්ගේ සමාව හිමි) විය. මහපොළොව විශාල ව තිබුණ ද එය ඔවුනට පටු වී, ඔවුන්ගේ ජීවන තත්ත්වයද දුෂ්කර වී, අල්ලාහ් වෙත සරණ පතන තැනක් මිස (වෙනත් සරණක්) නොමැති බව ඔවුහු ස්ථීරව දැනගත්හ. පසුව ඔවුන් පශ්චාත්තාප වී යොමු වීම පිණිස, ඔහු ඔවුන්ගේ පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගෙන සමාව දෙන කරුණා ගුණයෙන් යුක්තය.
119يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَكُونُوا مَعَ الصَّادِقِينَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා සත්‍යවාදීන් සමඟ වනු.
අත්-තව්බාකුර්ආන් දර්ශකය
129ආයාත්
MedinanRevelation
117ආයාත්

පරිවර්තනය — අත්-තව්බා 117

සූරා අත්-තව්බා ආයාත් 117 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නබිවරයාට, දුෂ්කර කාලයෙහි ඔහු ව අනුගමනය කළා වූ (මක්කාවෙන්) නික්ම…

සූරා ආයාත් 117/129 — සූරා අත්-තව්බා التوبة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අත්-තව්බා අසන්න, සූරා අත්-තව්බා පරිවර්තනය, සූරා අත්-තව්බා mp3, සූරා අත්-තව්බා pdf. ආයාත් 115–119. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers