අත්-තක්වීර් සූරා අරාබි සහ සිංහල

අත්-තක්වීර් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (29 ආයාත් — مكية). අත්-තක්වීර් අසන්න, අත්-තක්වීර් පරිවර්තනය, අත්-තක්වීර් mp3, අත්-තක්වීර් pdf.

අත්-තක්වීර් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
x1
إِذَا الشَّمْسُ كُوِّرَتْ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
හිරු හකුළනු ලබන විට;
وَإِذَا النُّجُومُ انكَدَرَتْ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
තවද තරු කඩා හැලෙන විට;
وَإِذَا الْجِبَالُ سُيِّرَتْ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
තවද කඳු විතැන් කරනු ලබන විට,
وَإِذَا الْعِشَارُ عُطِّلَتْ ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
තවද ගැබ්බර ඔටු දෙනුන් අතහැර දමනු ලබන විට,
وَإِذَا الْوُحُوشُ حُشِرَتْ ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
තවද වන සතුන් රැස් කරනු ලබන විට,
وَإِذَا الْبِحَارُ سُجِّرَتْ ۝٦
📖 පරිවර්තනය ආයාත් 6
තවද මුහුදු ගිනිබත් කරනු ලබන විට,
وَإِذَا النُّفُوسُ زُوِّجَتْ ۝٧
📖 පරිවර්තනය ආයාත් 7
තවද ආත්මාවෝ (එයට සමාන ආත්මාවන් සමඟ) සම්බන්ධ කරනු ලබන විට,
وَإِذَا الْمَوْءُودَةُ سُئِلَتْ ۝٨
📖 පරිවර්තනය ආයාත් 8
තවද පණ පිටින් වළලනු ලැබූ ගැහැණු දරුවෝ විමසනු ලබන විට,
بِأَيِّ ذَنبٍ قُتِلَتْ ۝٩
📖 පරිවර්තනය ආයාත් 9
තමන් කුමන පාපයක් නිසා ඝාතනය කරනු ලැබුවෝ දැයි? (විමසනු ලබන විට,)
وَإِذَا الصُّحُفُ نُشِرَتْ ۝١٠
📖 පරිවර්තනය ආයාත් 10
තවද (හොඳ නරක ලියවුණු) ලේඛන දිග හරිනු ලබන විට,
وَإِذَا السَّمَاءُ كُشِطَتْ ۝١١
📖 පරිවර්තනය ආයාත් 11
තවද අහස නිරාවරණය කරනු ලබන විට,
وَإِذَا الْجَحِيمُ سُعِّرَتْ ۝١٢
📖 පරිවර්තනය ආයාත් 12
තවද නිරය මොලවනු ලබන විට,
وَإِذَا الْجَنَّةُ أُزْلِفَتْ ۝١٣
📖 පරිවර්තනය ආයාත් 13
තවද ස්වර්ගය සමීප කරවනු ලබන විට,
عَلِمَتْ نَفْسٌ مَّا أَحْضَرَتْ ۝١٤
📖 පරිවර්තනය ආයාත් 14
ආත්මය තමන් ඉදිරිපත් කර ඇති දෑ කුමක්දැයි දැන ගනු ඇත.
فَلَا أُقْسِمُ بِالْخُنَّسِ ۝١٥
📖 පරිවර්තනය ආයාත් 15
එබැවින් මුළුමණින් ම සැඟවී පවතින ග්‍රහතාරකාව මත මම දිවුරමි.
الْجَوَارِ الْكُنَّسِ ۝١٦
📖 පරිවර්තනය ආයාත් 16
(එය) පෙනී නොපෙනී ගමන් කරන්නකි.
وَاللَّيْلِ إِذَا عَسْعَسَ ۝١٧
📖 පරිවර්තනය ආයාත් 17
රාත්‍රිය එය ගෙවී යන විට ඒ මත දිවුරමින්,
وَالصُّبْحِ إِذَا تَنَفَّسَ ۝١٨
📖 පරිවර්තනය ආයාත් 18
පෙරවරුව එය උදා වී පවතින විට ඒ මත දිවුරමින්.
إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ ۝١٩
📖 පරිවර්තනය ආයාත් 19
නියත වශයෙන්ම මෙය ගෞරවනීය දූතයකුගේ වදන වේ.
ذِي قُوَّةٍ عِندَ ذِي الْعَرْشِ مَكِينٍ ۝٢٠
📖 පරිවර්තනය ආයාත් 20
(ඔහු) බලවත් අයෙකි. අර්ෂ්හි හිමිකරු අබියස නිලයක් ඇත්තෙකි.
مُّطَاعٍ ثَمَّ أَمِينٍ ۝٢١
📖 පරිවර්තනය ආයාත් 21
තවද (මලක්වරුන් විසින්) යටහත් වනු ලබන්නෙකි. එහි විශ්වාසවන්ත අයෙකි.
وَمَا صَاحِبُكُم بِمَجْنُونٍ ۝٢٢
📖 පරිවර්තනය ආයාත් 22
තවද (ජනයිනි) නුඹලාගේ සගයා (මුහම්මද්) උන්මත්තකයකු නොවේ.
وَلَقَدْ رَآهُ بِالْأُفُقِ الْمُبِينِ ۝٢٣
📖 පරිවර්තනය ආයාත් 23
තවද සැබැවින්ම ඔහු ඔහු ව පැහැදිලි ක්‍ෂිතිජයෙහි දුටුවේය.
وَمَا هُوَ عَلَى الْغَيْبِ بِضَنِينٍ ۝٢٤
📖 පරිවර්තනය ආයාත් 24
තවද ඔහු (ගුප්ත දෑ) සඟවන මසුරකු නොවේ.
وَمَا هُوَ بِقَوْلِ شَيْطَانٍ رَّجِيمٍ ۝٢٥
📖 පරිවර්තනය ආයාත් 25
තවද එය පලවා හරින ලද ෂෙයිතාන්ගේ වදනක් නොවේ.
فَأَيْنَ تَذْهَبُونَ ۝٢٦
📖 පරිවර්තනය ආයාත් 26
එබැවින් නුඹලා යන්නේ කොයිබට ද?
إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ ۝٢٧
📖 පරිවර්තනය ආයාත් 27
එය ලෝවැසියනට මෙනෙහි කිරීමක් මිස නැත.
لِمَن شَاءَ مِنكُمْ أَن يَسْتَقِيمَ ۝٢٨
📖 පරිවර්තනය ආයාත් 28
නුඹලා අතරින් කවරෙක් සෘජු මාර්ගය පැතීමට අභිමත කරන්නේ ද එවැනි අයට ය.
وَمَا تَشَاءُونَ إِلَّا أَن يَشَاءَ اللَّهُ رَبُّ الْعَالَمِينَ ۝٢٩
📖 පරිවර්තනය ආයාත් 29
තවද ලෝ වැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස, නුඹලා අභිමත නොකරන්නෙහුය.
← 80 අත්-තක්වීර් (81/114) 82 →
කියවන්න අත්-තක්වීර් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

81التكوير At-Takwir 📚 29 ආයාත් مكية

ආයාත් ආයාත් – අත්-තක්වීර් සූරා — 29 ආයාත්




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers