අල්-බකරා · 128/286
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-බකරා
رَبَّنَا وَاجْعَلْنَا مُسْلِمَيْنِ لَكَ وَمِن ذُرِّيَّتِنَا أُمَّةً مُّسْلِمَةً لَّكَ وَأَرِنَا مَنَاسِكَنَا وَتُبْ عَلَيْنَا ۖ إِنَّكَ أَنتَ التَّوَّابُ الرَّحِيمُ ۝١٢٨
Rabbanaa waj`alnaa muslimaini laka wa min zurriyyatinaaa ummatam muslimatal laka wa arinaa manaasikanaa wa tub `alainaa innaka antat Tawwaabur Raheem
📖 සිංහලෙන්
“අප ගේ පරමාධිපතියාණෙනි, අප ව ඔබ ට අවනත වන (මුස්ලිම්වරුන්) දෙදෙනෙකු බව ට පත් කරනු මැනව! තව ද අප ගේ පරපුරින් ද ඔබ ට අවනත වන සමූහයක් ඇති කරනු මැනව ! අප ගේ (හජ්) වත් පිළිවෙත් අප ට පෙන්වා දෙනු මැනව ! තව ද අප වෙත පාප ක්‍ෂමා ව පිරි නමනු මැනව! සැබැවින් ම අති ක්‍ෂමාශීලී අසමසම කරුණාන්විත වන්නේ ඔබම ය.”

🎧 අසන්න


📜 ආයාත් 126-130 — සූරා අල්-බකරා

126وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ اجْعَلْ هَٰذَا بَلَدًا آمِنًا وَارْزُقْ أَهْلَهُ مِنَ الثَّمَرَاتِ مَنْ آمَنَ مِنْهُم بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۖ قَالَ وَمَن كَفَرَ فَأُمَتِّعُهُ قَلِيلًا ثُمَّ أَضْطَرُّهُ إِلَىٰ عَذَابِ النَّارِ ۖ وَبِئْسَ الْمَصِيرُ
“මාගේ පරමාධිපතියාණෙනි, මෙය අභයදායී නගරයක් බවට පත් කරනු මැනව! එහි වැසියන් අතුරින් අල්ලාහ් ව හා පරමාන්ත දිනය ගැන විශ්වාස කළවුන් ට බවභෝග වලින් පෝෂණය කරනු මැනව!” යැයි ඉබ්‍රාහීම් පැවසූ අවස්ථාව සිහිපත් කරනු. ඔහු (අල්ලාහ් මෙසේ) පැවසී ය. “තව ද කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද එවිට මම ස්වල්ප කලක ට ඔහු ට බුක්ති විඳින්න ට ඉඩ හරිමි. පසු ව ඔහු ව මම නිරා ගින්නේ දඬුවම ට යොමු කරන්නෙමි. එම පිවිසුම් ස්ථානය නපුරු විය.
127وَإِذْ يَرْفَعُ إِبْرَاهِيمُ الْقَوَاعِدَ مِنَ الْبَيْتِ وَإِسْمَاعِيلُ رَبَّنَا تَقَبَّلْ مِنَّا ۖ إِنَّكَ أَنتَ السَّمِيعُ الْعَلِيمُ
ඉබ්‍රාහීම් හා ඉස්මාඊල් (කඃබාව නම්) නිවසේ අත්තිවාරම එස වූ අවස්ථාව සිහිපත් කරනු. “අප ගේ පරමාධිපතියාණෙනි, (අප කළ ක්‍රියාවන්) අපගෙන් පිළි ගනු මැනව! නියත වශයෙන් ම සර්ව ශ්‍රාවක සර්ව ඥානී වන්නේ ඔබම ය.”
128رَبَّنَا وَاجْعَلْنَا مُسْلِمَيْنِ لَكَ وَمِن ذُرِّيَّتِنَا أُمَّةً مُّسْلِمَةً لَّكَ وَأَرِنَا مَنَاسِكَنَا وَتُبْ عَلَيْنَا ۖ إِنَّكَ أَنتَ التَّوَّابُ الرَّحِيمُ
“අප ගේ පරමාධිපතියාණෙනි, අප ව ඔබ ට අවනත වන (මුස්ලිම්වරුන්) දෙදෙනෙකු බව ට පත් කරනු මැනව! තව ද අප ගේ පරපුරින් ද ඔබ ට අවනත වන සමූහයක් ඇති කරනු මැනව ! අප ගේ (හජ්) වත් පිළිවෙත් අප ට පෙන්වා දෙනු මැනව ! තව ද අප වෙත පාප ක්‍ෂමා ව පිරි නමනු මැනව! සැබැවින් ම අති ක්‍ෂමාශීලී අසමසම කරුණාන්විත වන්නේ ඔබම ය.”
129رَبَّنَا وَابْعَثْ فِيهِمْ رَسُولًا مِّنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِكَ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُزَكِّيهِمْ ۚ إِنَّكَ أَنتَ الْعَزِيزُ الْحَكِيمُ
“අප ගේ පරමාධිපතියාණෙනි! තව ද ඔබ ගේ වැකි ඔවුන ට පාරායනය කර පෙන් වන, දේව ග්‍රන්ථය හා ප්‍රඥා ව ඔවුන ට උගන් වන, ඔවුන් ව පිවිතුරු කරන, ඔවුන්ගෙන් ම වූ ධර්ම දූතයෙකු ඔවුන් අතර ට එවනු මැනව! සැබැවින් ම සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත වන්නේ ඔබම ය.” (යනුවෙන් ඉබ්‍රාහීම් නබි තුමා ප්‍රාර්ථනා කළහ.)
130وَمَن يَرْغَبُ عَن مِّلَّةِ إِبْرَاهِيمَ إِلَّا مَن سَفِهَ نَفْسَهُ ۚ وَلَقَدِ اصْطَفَيْنَاهُ فِي الدُّنْيَا ۖ وَإِنَّهُ فِي الْآخِرَةِ لَمِنَ الصَّالِحِينَ
තමන් ව අඥාන භාවය ට පත් කර ගත්තෙකු මිස ඉබ්‍රාහීම් ගේ පිළිවෙතින් ඉවත් වනුයේ කවරෙක් ද? තව ද සැබැවින් ම මෙලොවෙ හි අපි ඔහු ව තෝරා ගත්තෙමු. තව ද සැබැවින් ම ඔහු පරලොවෙ හි දැහැමියන් අතර සිටින්නේය.
අල්-බකරාකුර්ආන් දර්ශකය
286ආයාත්
MedinanRevelation
128ආයාත්

පරිවර්තනය — අල්-බකරා 128

සූරා අල්-බකරා ආයාත් 128 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : “අප ගේ පරමාධිපතියාණෙනි, අප ව ඔබ ට අවනත වන (මුස්ලිම්වරුන්)…

සූරා ආයාත් 128/286 — සූරා අල්-බකරා البقرة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-බකරා අසන්න, සූරා අල්-බකරා පරිවර්තනය, සූරා අල්-බකරා mp3, සූරා අල්-බකරා pdf. ආයාත් 126–130. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers