අන්-නූර් · 19/64
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නූර්
إِنَّ الَّذِينَ يُحِبُّونَ أَن تَشِيعَ الْفَاحِشَةُ فِي الَّذِينَ آمَنُوا لَهُمْ عَذَابٌ أَلِيمٌ فِي الدُّنْيَا وَالْآخِرَةِ ۚ وَاللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ ۝١٩
Innal lazeena yuhibboona an tashee`al faahishatu fil lazeena aamanoo lahum `azaabun aleemun fid dunyaa wal Aakhirah; wallaahu ya`lamu wa antum laa ta`lamoon
📖 සිංහලෙන්
නියත වශයෙන්ම විශ්වාස කළවුන් අතර අපචාරය පැතිරීම ගැන ප්රිය කරන්නන් වනාහි ඔවුනට මෙලොව හා මතු ලොව වේදනීය දඬුවමක් ඇත. තවද අල්ලාහ් දනී. නමුත් නුඹලා නොදන්නෙහුය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 17-21 — සූරා අන්-නූර්

17يَعِظُكُمُ اللَّهُ أَن تَعُودُوا لِمِثْلِهِ أَبَدًا إِن كُنتُم مُّؤْمِنِينَ
නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් මෙවැනි දෙයකට නුඹලා නැවත කිසිවිටක එසේ හැරීමෙන් වැළැක්වීමට අල්ලාහ් නුඹලාට උපදෙස් දෙයි.
18وَيُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ ۚ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
තවද අල්ලාහ් නුඹලාට එම වදන් පැහැදිලි කරයි. තවද අල්ලාහ් සර්ව ඥානීය; මහා ප්‍රඥාවන්තය.
19إِنَّ الَّذِينَ يُحِبُّونَ أَن تَشِيعَ الْفَاحِشَةُ فِي الَّذِينَ آمَنُوا لَهُمْ عَذَابٌ أَلِيمٌ فِي الدُّنْيَا وَالْآخِرَةِ ۚ وَاللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ
නියත වශයෙන්ම විශ්වාස කළවුන් අතර අපචාරය පැතිරීම ගැන ප්රිය කරන්නන් වනාහි ඔවුනට මෙලොව හා මතු ලොව වේදනීය දඬුවමක් ඇත. තවද අල්ලාහ් දනී. නමුත් නුඹලා නොදන්නෙහුය.
20وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ وَأَنَّ اللَّهَ رَءُوفٌ رَّحِيمٌ
තවද නුඹලා වෙත අල්ලාහ්ගේ අනුග්රහය හා ඔහුගේ කරුණාව නොවී නම් (නුඹලා විනාශ වන්නට තිබුණි.) නමුත් නියත වශයෙන්ම අල්ලාහ් සානුකම්පිතය; මහා කරුණාන්විතය.
21۞ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ ۚ وَمَن يَتَّبِعْ خُطُوَاتِ الشَّيْطَانِ فَإِنَّهُ يَأْمُرُ بِالْفَحْشَاءِ وَالْمُنكَرِ ۚ وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ مَا زَكَىٰ مِنكُم مِّنْ أَحَدٍ أَبَدًا وَلَٰكِنَّ اللَّهَ يُزَكِّي مَن يَشَاءُ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා ෂෙයිතාන්ගේ පියවර අනුගමනය නොකරනු. තවද කවරෙකු ෂෙයිතාන්ගේ පියවර අනුගමනය කරන්නේ ද එවිට (දැනගනු!) ඔහු අශීලාචාර දෑ හා පිළිකුල් සහගත දෑ නියෝග කරන්නේය. තවද නුඹලා වෙත අල්ලාහ්ගේ අනුග්රහය සහ ඔහුගේ කරුණාව නොවී නම් නුඹලා අතරින් කිසිවකු හෝ පිවිතුරු නොවනු ඇත. නමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අය පිවිතුරු කරයි. තවද අල්ලාහ් සර්ව ශ්රාවකය; සර්ව ඥානීය.
අන්-නූර්කුර්ආන් දර්ශකය
64ආයාත්
MedinanRevelation
19ආයාත්

පරිවර්තනය — අන්-නූර් 19

සූරා අන්-නූර් ආයාත් 19 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නියත වශයෙන්ම විශ්වාස කළවුන් අතර අපචාරය පැතිරීම ගැන ප්රිය කරන්නන්…

සූරා ආයාත් 19/64 — සූරා අන්-නූර් النور (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නූර් අසන්න, සූරා අන්-නූර් පරිවර්තනය, සූරා අන්-නූර් mp3, සූරා අන්-නූර් pdf. ආයාත් 17–21. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers