ආල්-ඉම්රාන් · 36/200
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — ආල්-ඉම්රාන්
فَلَمَّا وَضَعَتْهَا قَالَتْ رَبِّ إِنِّي وَضَعْتُهَا أُنثَىٰ وَاللَّهُ أَعْلَمُ بِمَا وَضَعَتْ وَلَيْسَ الذَّكَرُ كَالْأُنثَىٰ ۖ وَإِنِّي سَمَّيْتُهَا مَرْيَمَ وَإِنِّي أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ الشَّيْطَانِ الرَّجِيمِ ۝٣٦
Falammaa waqa`athaa qaalat Rabbi innee wada`tuhaaa unsaa wallaahu a`lamu bimaa wada`at wa laisaz zakaru kalunsaa wa innee sammaituhaa Maryama wa innee u`eezuhaa bika wa zurriyyatahaa minash Shaitaanir Rajeem
📖 සිංහලෙන්
පසුව ඇය එය ප්‍රසූත කළ කල්හි මාගේ පරමාධිපතියාණෙනි! සැබැවින් ම මම එය ප්‍රසූත කළේ ගැහැනු දරුවකු ලෙසිනි. තවද ඇය ප්‍රසූත කළ දෑ පිළිබඳ ව අල්ලාහ් මැනවින් දන්නා ය. පිරිමියා ගැහැනිය මෙන් නොවේ. තවද සැබැවින් ම ඇයට මම මර්යම් යැයි නම් තැබුවෙමි. තවද ඇයට හා ඇයගේ පරපුරට පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම ඔබ වෙතින් පතන්නෙමි යැයි ඇය පැවසුවාය.
🎧 අසන්න

📜 ආයාත් 34-38 — ආල්-ඉම්රාන්

34ذُرِّيَّةً بَعْضُهَا مِن بَعْضٍ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගෙන් පැවත එන පරපුරකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය.
35إِذْ قَالَتِ امْرَأَتُ عِمْرَانَ رَبِّ إِنِّي نَذَرْتُ لَكَ مَا فِي بَطْنِي مُحَرَّرًا فَتَقَبَّلْ مِنِّي ۖ إِنَّكَ أَنتَ السَّمِيعُ الْعَلِيمُ
මාගේ පරමාධිපතියාණනි! සැබැවින් ම මම මාගේ කුස තුළ ඇති දෑ කැප කරනු ලබන්නක් ලෙස ඔබ වෙනුවෙන් භාරයක් තැබුවෙමි. එබැවින් මගෙන් (එය) පිළිගනු මැනව. නියත වශයෙන්ම ඔබ සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය යැයි ඉම්රාන්ගේ බිරිය පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
36فَلَمَّا وَضَعَتْهَا قَالَتْ رَبِّ إِنِّي وَضَعْتُهَا أُنثَىٰ وَاللَّهُ أَعْلَمُ بِمَا وَضَعَتْ وَلَيْسَ الذَّكَرُ كَالْأُنثَىٰ ۖ وَإِنِّي سَمَّيْتُهَا مَرْيَمَ وَإِنِّي أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ الشَّيْطَانِ الرَّجِيمِ
පසුව ඇය එය ප්‍රසූත කළ කල්හි මාගේ පරමාධිපතියාණෙනි! සැබැවින් ම මම එය ප්‍රසූත කළේ ගැහැනු දරුවකු ලෙසිනි. තවද ඇය ප්‍රසූත කළ දෑ පිළිබඳ ව අල්ලාහ් මැනවින් දන්නා ය. පිරිමියා ගැහැනිය මෙන් නොවේ. තවද සැබැවින් ම ඇයට මම මර්යම් යැයි නම් තැබුවෙමි. තවද ඇයට හා ඇයගේ පරපුරට පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම ඔබ වෙතින් පතන්නෙමි යැයි ඇය පැවසුවාය.
37فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٍ وَأَنبَتَهَا نَبَاتًا حَسَنًا وَكَفَّلَهَا زَكَرِيَّا ۖ كُلَّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا الْمِحْرَابَ وَجَدَ عِندَهَا رِزْقًا ۖ قَالَ يَا مَرْيَمُ أَنَّىٰ لَكِ هَٰذَا ۖ قَالَتْ هُوَ مِنْ عِندِ اللَّهِ ۖ إِنَّ اللَّهَ يَرْزُقُ مَن يَشَاءُ بِغَيْرِ حِسَابٍ
එවිට ඇයගේ පරමාධිපති යහපත් පිළිගැනීමකින් ඇය ව පිළිගත්තේය. තවද යහපත් වැඩීමකින් හදා වඩා ගන්නට සැලැස්සුවේය. ඇය ව zසකරිය්යාට භාර කළේය. නැමදුම් ස්ථානයේ ඇය වෙත zසකරිය්යා පිවිසෙන සෑම අවස්ථාවක ම ඇය අසල ආහාර දුටුවේය. අහෝ මර්යම්! ඔබට මෙය කෙසේ (ලැබුණේ) ද? යැයි ඔහු ඇසුවේය. මෙය අල්ලාහ් වෙතින් යැයි ඇය පැවසුවාය. නියත වශයෙන් ම අල්ලාහ් තමන් අභිමත අයට ගණනයකින් තොර ව පෝෂණය ලබා දෙන්නේය.
38هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُ ۖ قَالَ رَبِّ هَبْ لِي مِن لَّدُنكَ ذُرِّيَّةً طَيِّبَةً ۖ إِنَّكَ سَمِيعُ الدُّعَاءِ
එම අවස්ථාවේ දී Zසකරිය්යා තම පරමාධිපති ව අයැද සිටියේය. මාගේ පරමාධිපතියාණනි! ඔබ වෙතින් මට දැහැමි පරපුරක් පිරිනමනු මැනව! සැබැවින් ම ඔබ ප්‍රාර්ථනාවට සවන් දෙන්නා යැයි ඔහු පැවසුවේය.
ආල්-ඉම්රාන්කුර්ආන් දර්ශකය
200ආයාත්
MedinanRevelation
36ආයාත්

පරිවර්තනය — ආල්-ඉම්රාන් 36

සූරා ආල්-ඉම්රාන් ආයාත් 36 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : පසුව ඇය එය ප්‍රසූත කළ කල්හි මාගේ පරමාධිපතියාණෙනි! සැබැවින් ම…

සූරා ආයාත් 36/200 — ආල්-ඉම්රාන් آل عمران (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: ආල්-ඉම්රාන් අසන්න, ආල්-ඉම්රාන් පරිවර්තනය, ආල්-ඉම්රාන් mp3, ආල්-ඉම්රාන් pdf. ආයාත් 34–38. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers