ආල්-ඉම්රාන් · 68/200
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා ආල්-ඉම්රාන්
إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَٰذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُوا ۗ وَاللَّهُ وَلِيُّ الْمُؤْمِنِينَ ۝٦٨
Innaa awlan naasi bi Ibraaheema lallazeenat taba `oohu wa haazan nabiyyu wallazeena aamanoo; wallaahu waliyyul mu`mineen
📖 සිංහලෙන්
නියත වශයෙන්ම මිනිසුන්ගෙන් ඉබ්‍රාහීම්ට වඩා සමීපතම අය වනුයේ, ඔහු ව ද, මෙම නබිවරයා ව ද, අනුගමනය කළවුන් හා විශ්වාස කළවුන් ය. තව ද අල්ලාහ් විශ්වාස කළවුන්ගේ භාරකරු ය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 66-70 — සූරා ආල්-ඉම්රාන්

66هَا أَنتُمْ هَٰؤُلَاءِ حَاجَجْتُمْ فِيمَا لَكُم بِهِ عِلْمٌ فَلِمَ تُحَاجُّونَ فِيمَا لَيْسَ لَكُم بِهِ عِلْمٌ ۚ وَاللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ
මෙන්න මේ නුඹලා! නුඹලාට කවර දෙයක් ගැන දැනුමක් ඇත්තේ ද එවැනි දෙයක් පිළිබඳ ව නුඹලා වාද කර ඇත. නමුත් කවර දෙයක් පිළිබඳ ව නුඹලාට දැනුමක් නොමැත්තේ ද එවැනි දෙයක් පිළිබඳ නුඹලා වාද කරනුයේ මන් ද? තවද අල්ලාහ් දන්නේය. නමුත් නුඹලා නොදන්නෙහුය.
67مَا كَانَ إِبْرَاهِيمُ يَهُودِيًّا وَلَا نَصْرَانِيًّا وَلَٰكِن كَانَ حَنِيفًا مُّسْلِمًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ
ඉබ්‍රාහීම් යුදෙව්වෙකු හෝ කිතුනුවෙකු හෝ නොවීය. එනමුත් ඔහු අවංක මුස්ලිම්වරයෙකු විය. තවද ඔහු ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් ද නොවීය.
68إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَٰذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُوا ۗ وَاللَّهُ وَلِيُّ الْمُؤْمِنِينَ
නියත වශයෙන්ම මිනිසුන්ගෙන් ඉබ්‍රාහීම්ට වඩා සමීපතම අය වනුයේ, ඔහු ව ද, මෙම නබිවරයා ව ද, අනුගමනය කළවුන් හා විශ්වාස කළවුන් ය. තව ද අල්ලාහ් විශ්වාස කළවුන්ගේ භාරකරු ය.
69وَدَّت طَّائِفَةٌ مِّنْ أَهْلِ الْكِتَابِ لَوْ يُضِلُّونَكُمْ وَمَا يُضِلُّونَ إِلَّا أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ
නුඹලා ව නොමඟ යවන්නට ඇත් නම් යැයි දහම් ලත් ජනයා අතරින් පිරිසක් ප්‍රිය කරති. ඔවුන් ව ම මිස වෙනත් කිසිවෙකු ව ඔවුන් නොමඟ හැරියේ නැත. නමුත් ඔවුහු (එය) වටහා නොගන්නෝය.
70يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَأَنتُمْ تَشْهَدُونَ
අහෝ දහම් ලත් ජනයිනි! නුඹලා සාක්ෂි දරමින් සිටිය දී අල්ලාහ්ගේ වැකි නුඹලා ප්‍රතික්ෂේප කරනුයේ මන් ද?
ආල්-ඉම්රාන්කුර්ආන් දර්ශකය
200ආයාත්
MedinanRevelation
68ආයාත්

පරිවර්තනය — ආල්-ඉම්රාන් 68

සූරා ආල්-ඉම්රාන් ආයාත් 68 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නියත වශයෙන්ම මිනිසුන්ගෙන් ඉබ්‍රාහීම්ට වඩා සමීපතම අය වනුයේ, ඔහු ව…

සූරා ආයාත් 68/200 — සූරා ආල්-ඉම්රාන් آل عمران (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා ආල්-ඉම්රාන් අසන්න, සූරා ආල්-ඉම්රාන් පරිවර්තනය, සූරා ආල්-ඉම්රාන් mp3, සූරා ආල්-ඉම්රාන් pdf. ආයාත් 66–70. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers