ආල්-ඉම්රාන් · 92/200
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — ආල්-ඉම්රාන්
لَن تَنَالُوا الْبِرَّ حَتَّىٰ تُنفِقُوا مِمَّا تُحِبُّونَ ۚ وَمَا تُنفِقُوا مِن شَيْءٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ ۝٩٢
Lan tanaalul birra hattaa tunfiqoo mimmaa tuhibboon; wa maa tunfiqoo min shai`in fa innal laaha bihee `Aleem
📖 සිංහලෙන්
නුඹලා ප්‍රිය කරන දැයින් වියදම් කරන තෙක් නුඹලා යහපත නොලබන්නෙහු ම ය. තවද කවර දැයකින් නුඹලා වියදම් කරන්නේ ද ඒ පිළිබඳ ව නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානී ය.
🎧 අසන්න

📜 ආයාත් 90-94 — ආල්-ඉම්රාන්

90إِنَّ الَّذِينَ كَفَرُوا بَعْدَ إِيمَانِهِمْ ثُمَّ ازْدَادُوا كُفْرًا لَّن تُقْبَلَ تَوْبَتُهُمْ وَأُولَٰئِكَ هُمُ الضَّالُّونَ
නියත වශයෙන් ම තම විශ්වාසයෙන් පසු ව ප්‍රතික්ෂේප කොට අනතුරු ව ප්‍රතික්ෂේපය අධික වූවන් වනාහි ඔවුන්ගේ පශ්චාත්තාපය පිළි ගනු නොලබන්නේ ම ය. තවද මුළාවූවෝ ඔවුහු ම ය.
91إِنَّ الَّذِينَ كَفَرُوا وَمَاتُوا وَهُمْ كُفَّارٌ فَلَن يُقْبَلَ مِنْ أَحَدِهِم مِّلْءُ الْأَرْضِ ذَهَبًا وَلَوِ افْتَدَىٰ بِهِ ۗ أُولَٰئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ وَمَا لَهُم مِّن نَّاصِرِينَ
නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කොට ප්‍රතික්ෂේපකයින් ලෙස සිටිය දීම මිය ගියවුන් වනාහි මහපොළොව රනින් පිරී එය වන්දි වශයෙන් ගෙවනු ලැබුව ද ඔවුන් කිසිවෙකුගෙන් එය පිළි ගනු නොලබන්නේමය. ඔවුනට වේදනීය දඬුවම ඇත. තවද ඔවුනට උදව්කරුවන් අතරින් කිසිවෙකු ද නොමැත.
92لَن تَنَالُوا الْبِرَّ حَتَّىٰ تُنفِقُوا مِمَّا تُحِبُّونَ ۚ وَمَا تُنفِقُوا مِن شَيْءٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ
නුඹලා ප්‍රිය කරන දැයින් වියදම් කරන තෙක් නුඹලා යහපත නොලබන්නෙහු ම ය. තවද කවර දැයකින් නුඹලා වියදම් කරන්නේ ද ඒ පිළිබඳ ව නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානී ය.
93۞ كُلُّ الطَّعَامِ كَانَ حِلًّا لِّبَنِي إِسْرَائِيلَ إِلَّا مَا حَرَّمَ إِسْرَائِيلُ عَلَىٰ نَفْسِهِ مِن قَبْلِ أَن تُنَزَّلَ التَّوْرَاةُ ۗ قُلْ فَأْتُوا بِالتَّوْرَاةِ فَاتْلُوهَا إِن كُنتُمْ صَادِقِينَ
තව්රාතය පහළ කරනු ලැබීමට පෙර ඉස්රාඊල් (යඃකූබ්) තමන් කෙරෙහි තහනම් කර ගත් දෑ හැර සෙසු ආහාර සියල්ල ඉස්රාඊල් දරුවන්ට අනුමත ව තිබිණ යැයි (නබිවරය) පවසනු. එහෙයින් නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් තව්රාතය ගෙනැවිත් එය කියවා බලනු.
94فَمَنِ افْتَرَىٰ عَلَى اللَّهِ الْكَذِبَ مِن بَعْدِ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ
එබැවින් කවරෙක් එයට පසු ව (පවා) අල්ලාහ් කෙරෙහි අසත්‍ය ගෙතුවෝ ද එවිට අපරාධ කරුවෝ ඔවුහු ම ය.
ආල්-ඉම්රාන්කුර්ආන් දර්ශකය
200ආයාත්
MedinanRevelation
92ආයාත්

පරිවර්තනය — ආල්-ඉම්රාන් 92

සූරා ආල්-ඉම්රාන් ආයාත් 92 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹලා ප්‍රිය කරන දැයින් වියදම් කරන තෙක් නුඹලා යහපත නොලබන්නෙහු…

සූරා ආයාත් 92/200 — ආල්-ඉම්රාන් آل عمران (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: ආල්-ඉම්රාන් අසන්න, ආල්-ඉම්රාන් පරිවර්තනය, ආල්-ඉම්රාන් mp3, ආල්-ඉම්රාන් pdf. ආයාත් 90–94. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers