ෆාතිර් · 7/45
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — ෆාතිර්
الَّذِينَ كَفَرُوا لَهُمْ عَذَابٌ شَدِيدٌ ۖ وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ ۝٧
Allazeena kafaroo lahum `azaabun shadeed; wallazeena aamanoo wa `amilus saalihaati lahum maghfiratunw wa ajrun kabeer
📖 සිංහලෙන්
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට දැඩි දඬුවමක් ඇත. තවද දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට සමාව හා මහත් වූ ප්‍රතිඵල ඇත.
🎧 අසන්න

📜 ආයාත් 5-9 — ෆාතිර්

5يَا أَيُّهَا النَّاسُ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ ۖ فَلَا تَغُرَّنَّكُمُ الْحَيَاةُ الدُّنْيَا ۖ وَلَا يَغُرَّنَّكُم بِاللَّهِ الْغَرُورُ
අහෝ ජනයිනි! නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. එහෙයින් මෙලොව ජීවිතය නුඹලා රවටා නොදැමිය යුතුය. තවද මහා රැවටිලිකරු ද අල්ලාහ් ගැන නුඹලාව නොරැවටිය යුතුය.
6إِنَّ الشَّيْطَانَ لَكُمْ عَدُوٌّ فَاتَّخِذُوهُ عَدُوًّا ۚ إِنَّمَا يَدْعُو حِزْبَهُ لِيَكُونُوا مِنْ أَصْحَابِ السَّعِيرِ
නියත වශයෙන්ම ෂෙයිතාන් නුඹලාට සතුරුය. එහෙයින් නුඹලා ඔහු සතුරකු ලෙසින්ම ගනු. නියත වශයෙන්ම ඔහු ඔහුගේ කණ්ඩායම ඇරයුම් කරනුයේ ඔවුන් ඇවිළෙන ගින්නේ සගයින් අතරට පත් වීමටය.
7الَّذِينَ كَفَرُوا لَهُمْ عَذَابٌ شَدِيدٌ ۖ وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට දැඩි දඬුවමක් ඇත. තවද දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට සමාව හා මහත් වූ ප්‍රතිඵල ඇත.
8أَفَمَن زُيِّنَ لَهُ سُوءُ عَمَلِهِ فَرَآهُ حَسَنًا ۖ فَإِنَّ اللَّهَ يُضِلُّ مَن يَشَاءُ وَيَهْدِي مَن يَشَاءُ ۖ فَلَا تَذْهَبْ نَفْسُكَ عَلَيْهِمْ حَسَرَاتٍ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا يَصْنَعُونَ
තම ක්‍රියාවන්හි නපුර තමන්ට අලංකාර කරනු ලැබ එය ඔහු යහපතක් ලෙස දකින්නා (අල්ලාහ් මග පෙන් වූ අයකු මෙන් වේ)ද? එහෙයින් නියම වශයෙන්ම අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග හරියි. තවද ඔහු අභිමත කරන අයට මග පෙන්වයි. එහෙයින් ඔවුන් ගැන නුඹ දුක් වෙමින් නුඹේ ආත්මය පහකර නොයවනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් සිදුකරන දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
9وَاللَّهُ الَّذِي أَرْسَلَ الرِّيَاحَ فَتُثِيرُ سَحَابًا فَسُقْنَاهُ إِلَىٰ بَلَدٍ مَّيِّتٍ فَأَحْيَيْنَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ كَذَٰلِكَ النُّشُورُ
තවද සුළඟ එවා සිටියේ අල්ලාහ් ය. එවිට එය වලාකුළු නංවයි. එවිට අපි එයින් (වියළී ගිය) මළ භූමියකට ජලය සපයන්නෙමු. එවිට මහපොළොව එය මිය ගිය පසු ව එමගින් ප්රාණවත් කළෙමු. (මරණයෙන් පසු) නැවත නැගිටුවනු ලැබීමද එලෙසය.
ෆාතිර්කුර්ආන් දර්ශකය
45ආයාත්
MeccanRevelation
7ආයාත්

පරිවර්තනය — ෆාතිර් 7

සූරා ෆාතිර් ආයාත් 7 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට දැඩි දඬුවමක් ඇත. තවද දේවත්වය…

සූරා ආයාත් 7/45 — ෆාතිර් فاطر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: ෆාතිර් අසන්න, ෆාතිර් පරිවර්තනය, ෆාතිර් mp3, ෆාතිර් pdf. ආයාත් 5–9. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers