අන්-නිසා · 26/176
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නිසා
يُرِيدُ اللَّهُ لِيُبَيِّنَ لَكُمْ وَيَهْدِيَكُمْ سُنَنَ الَّذِينَ مِن قَبْلِكُمْ وَيَتُوبَ عَلَيْكُمْ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ ۝٢٦
Yureedul laahu liyubai yina lakum wa yahdiyakum sunanal lazeena min qablikum wa yatooba `alaikum; wallaahu `Aleemun Hakeem
📖 සිංහලෙන්
නුඹලාට (මේවා) පැහැදිලි කිරීමටත්, නුඹලාට පෙරවූවන්ගේ පිළිවෙත නුඹලාට පෙන්වා දීමටත්, නුඹලාට සමාව දීමටත් අල්ලාහ් අපේක්ෂා කරයි. තවද අල්ලාහ් සර්ව ඥානීය; සර්ව ප්‍රඥාවන්තය.

🎧 අසන්න


📜 ආයාත් 24-28 — සූරා අන්-නිසා

24۞ وَالْمُحْصَنَاتُ مِنَ النِّسَاءِ إِلَّا مَا مَلَكَتْ أَيْمَانُكُمْ ۖ كِتَابَ اللَّهِ عَلَيْكُمْ ۚ وَأُحِلَّ لَكُم مَّا وَرَاءَ ذَٰلِكُمْ أَن تَبْتَغُوا بِأَمْوَالِكُم مُّحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ ۚ فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُم بِهِ مِن بَعْدِ الْفَرِيضَةِ ۚ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا
(යුධ සිරකාරියන් අතරින්) නුඹලාගේ පාලනය යටතෙහි සිටින (වහල්) කාන්තාවන් හැර සෙසු විවාහක කාන්තාවන් (සමග විවාහ වීම ද තහනම් කරන ලදී. එය) නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ නියමයක් ලෙසිනි. මොවුන් හැරුණු විට (වෙනත් ස්ත්‍රීන් කාමයේ) වරදවා හැසිරීමකින් තොරව පතිවත රකිමින් නුඹලාගේ සම්පත් (මහර් පිරිනැමීම) තුළින් සෙවීම නුඹලාට අනුමත කරන ලදී. එබැවින් ඔවුන් සමඟ කවර දෙයක නුඹලා පහස විඳින්නෙහු ද ඒ වෙනුවෙන් වගකීමක් වශයෙන් ඔවුන්ගේ කුලී (මහර්) නුඹලා ලබා දෙනු. (මහර්) නියම කළ පසු (මහර් හි අඩු වැඩි කිරීම සම්බන්ධයෙන්) කවර දෙයක් පිළිබඳ ව නුඹලා එකිනෙකා අතර එකඟතාවට පැමිණෙන්නේ ද එහි නුඹලාට වරදක් නැත. සැබැවින්ම අල්ලාහ් සර්ව ඥානීය; සර්ව ප්‍රඥාවන්තය
25وَمَن لَّمْ يَسْتَطِعْ مِنكُمْ طَوْلًا أَن يَنكِحَ الْمُحْصَنَاتِ الْمُؤْمِنَاتِ فَمِن مَّا مَلَكَتْ أَيْمَانُكُم مِّن فَتَيَاتِكُمُ الْمُؤْمِنَاتِ ۚ وَاللَّهُ أَعْلَمُ بِإِيمَانِكُم ۚ بَعْضُكُم مِّن بَعْضٍ ۚ فَانكِحُوهُنَّ بِإِذْنِ أَهْلِهِنَّ وَآتُوهُنَّ أُجُورَهُنَّ بِالْمَعْرُوفِ مُحْصَنَاتٍ غَيْرَ مُسَافِحَاتٍ وَلَا مُتَّخِذَاتِ أَخْدَانٍ ۚ فَإِذَا أُحْصِنَّ فَإِنْ أَتَيْنَ بِفَاحِشَةٍ فَعَلَيْهِنَّ نِصْفُ مَا عَلَى الْمُحْصَنَاتِ مِنَ الْعَذَابِ ۚ ذَٰلِكَ لِمَنْ خَشِيَ الْعَنَتَ مِنكُمْ ۚ وَأَن تَصْبِرُوا خَيْرٌ لَّكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ
දේවත්වය විශ්වාස කළ නිදහස් කාන්තාවන් විවාහ කර ගැනීමට නුඹලා අතරින් කවරෙකුට වත්කම් නොමැත්තේ ද එවිට නුඹලාගේ පාලන යටතෙහි සිටින (වහල්) කාන්තාවන් අතරින් නුඹලා සතු දේවත්වය විශ්වාස කරන වහල් කාන්තාවන්ගෙන් (විවාහය) විය යුතුය. තවද අල්ලාහ් නුඹලාගේ විශ්වාසය පිළිබඳ මැනවින් දන්නාය. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුගෙනි. එබැවින් නුඹලා ඔවුන්ගේ පවුලේ (භාරකරුවන්ගේ) අනුමැතිය මත, පතිවත රකින, ප්‍රසිද්ධියේ දුරාචාරයේ නොයෙදන, එමෙන්ම රහසිගත ව හෝ දුරාචාරයේ නොයෙදන කාන්තාවන් ව ඔවුනට ඔවුන්ගේ කුලී (මහර්) යහ අයුරින් පිරිනමා නුඹලා විවාහ කර ගනු. විවාහ කරනු ලැබීමෙන් පසුව ඔවුන් දුරාචාරයේ යෙදුනේ නම්, එවිට නිදහස් කාන්තාවන් මත පැවරෙන දඬුවමින් අඩක් ඔවුනට හිමි වේ. මෙය නුඹලා අතරින් දුරාචාරයේ යෙදීම ගැන බිය වන අයටය. නමුත් නුඹලා ඉවසිලිමත් ව කටයුතු කිරීම නුඹලාට උතුම් ය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය; අසමසම කරුණාන්විතය.
26يُرِيدُ اللَّهُ لِيُبَيِّنَ لَكُمْ وَيَهْدِيَكُمْ سُنَنَ الَّذِينَ مِن قَبْلِكُمْ وَيَتُوبَ عَلَيْكُمْ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
නුඹලාට (මේවා) පැහැදිලි කිරීමටත්, නුඹලාට පෙරවූවන්ගේ පිළිවෙත නුඹලාට පෙන්වා දීමටත්, නුඹලාට සමාව දීමටත් අල්ලාහ් අපේක්ෂා කරයි. තවද අල්ලාහ් සර්ව ඥානීය; සර්ව ප්‍රඥාවන්තය.
27وَاللَّهُ يُرِيدُ أَن يَتُوبَ عَلَيْكُمْ وَيُرِيدُ الَّذِينَ يَتَّبِعُونَ الشَّهَوَاتِ أَن تَمِيلُوا مَيْلًا عَظِيمًا
තවද අල්ලාහ් නුඹලාට සමාව දීමටත් අපේක්ෂා කරයි. නමුත් මනෝ ආශාවන් අනුගමනය කරන්නවුන්, නුඹලා සම්පූරණයෙන්ම (නොමඟට)නැඹුරු වීම අපේක්ෂා කරති.
28يُرِيدُ اللَّهُ أَن يُخَفِّفَ عَنكُمْ ۚ وَخُلِقَ الْإِنسَانُ ضَعِيفًا
(නීති රීති) සැහැල්ලු කිරීමටත් අල්ලාහ් අපේක්ෂා කරයි. තවද මිනිසා දුර්වලයෙකු ලෙස මවනු ලැබ ඇත.
අන්-නිසාකුර්ආන් දර්ශකය
176ආයාත්
MedinanRevelation
26ආයාත්

පරිවර්තනය — අන්-නිසා 26

සූරා අන්-නිසා ආයාත් 26 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹලාට (මේවා) පැහැදිලි කිරීමටත්, නුඹලාට පෙරවූවන්ගේ පිළිවෙත නුඹලාට පෙන්වා දීමටත්,…

සූරා ආයාත් 26/176 — සූරා අන්-නිසා النساء (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නිසා අසන්න, සූරා අන්-නිසා පරිවර්තනය, සූරා අන්-නිසා mp3, සූරා අන්-නිසා pdf. ආයාත් 24–28. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers