අන්-නිසා · 62/176
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නිසා
فَكَيْفَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ثُمَّ جَاءُوكَ يَحْلِفُونَ بِاللَّهِ إِنْ أَرَدْنَا إِلَّا إِحْسَانًا وَتَوْفِيقًا ۝٦٢
Fakaifa izaaa asaabathum museebatum summa jaaa`ooka yahlifoona billaahi in aradnaaa illaaa ihsaananw wa tawfeeqaa
📖 සිංහලෙන්
ඔවුන්ගේ දෑත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් ඔවුනට යම් දුර්භාග්‍යයක් ඇති වූ විට ඉන් පසුව අපි යහපත හා එකඟතාව හැර වෙනත් කිසිවක් අපේක්ෂා නොකරමු යැයි අල්ලාහ් මත දිවුරමින් නුඹ වෙත ඔවුහු පැමිණි විට කෙසේ වේවි ද?

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 60-64 — සූරා අන්-නිසා

60أَلَمْ تَرَ إِلَى الَّذِينَ يَزْعُمُونَ أَنَّهُمْ آمَنُوا بِمَا أُنزِلَ إِلَيْكَ وَمَا أُنزِلَ مِن قَبْلِكَ يُرِيدُونَ أَن يَتَحَاكَمُوا إِلَى الطَّاغُوتِ وَقَدْ أُمِرُوا أَن يَكْفُرُوا بِهِ وَيُرِيدُ الشَّيْطَانُ أَن يُضِلَّهُمْ ضَلَالًا بَعِيدًا
නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ද නුඹට පෙර පහළ කරනු ලැබූ දෑ ද ඇත්තෙන්ම තමන් විශ්වාස කළ බවට සිතමින් සිටි අය දෙස නුඹ නොබැලුවෙහි ද? ඔවුහු නපුරු බලවේගයන් වෙත තීන්දු පැතීමට අපේක්ෂා කරති. සැබැවින්ම එය ප්‍රතික්ෂේප කරන ලෙස ඔවුහු නියෝග කරනු ලැබ සිටියහ. තවද ෂෙයිතාන් අන්ත මුළාවක ඔවුන් ව මුළා කිරීමට අපේක්ෂා කරයි.
61وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا إِلَىٰ مَا أَنزَلَ اللَّهُ وَإِلَى الرَّسُولِ رَأَيْتَ الْمُنَافِقِينَ يَصُدُّونَ عَنكَ صُدُودًا
තවද අල්ලාහ් පහළ කළ දෑ වෙත ද රසූල්වරයා වෙත ද නුඹලා පැමිණෙනු යැයි ඔවුනට පවසනු ලැබූ විට, කුහකයින් නුඹෙන් දැඩි ලෙස වැළකී සිටිනු නුඹ දුටුවෙහිය.
62فَكَيْفَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ثُمَّ جَاءُوكَ يَحْلِفُونَ بِاللَّهِ إِنْ أَرَدْنَا إِلَّا إِحْسَانًا وَتَوْفِيقًا
ඔවුන්ගේ දෑත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් ඔවුනට යම් දුර්භාග්‍යයක් ඇති වූ විට ඉන් පසුව අපි යහපත හා එකඟතාව හැර වෙනත් කිසිවක් අපේක්ෂා නොකරමු යැයි අල්ලාහ් මත දිවුරමින් නුඹ වෙත ඔවුහු පැමිණි විට කෙසේ වේවි ද?
63أُولَٰئِكَ الَّذِينَ يَعْلَمُ اللَّهُ مَا فِي قُلُوبِهِمْ فَأَعْرِضْ عَنْهُمْ وَعِظْهُمْ وَقُل لَّهُمْ فِي أَنفُسِهِمْ قَوْلًا بَلِيغًا
ඔවුහු කවරහුද යත් ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ අල්ලාහ් දන්නේය. එබැවින් ඔවුන් ව නොසලකා හරිනු. තවද ඔවුනට උපදෙස් දෙනු. ඔවුන්ගේ සිත් තුළට (වැටහෙන සේ) පැහැදිලි වදනින් ඔවුනට පවසනු.
64وَمَا أَرْسَلْنَا مِن رَّسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذْنِ اللَّهِ ۚ وَلَوْ أَنَّهُمْ إِذ ظَّلَمُوا أَنفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَّحِيمًا
අල්ලාහ්ගේ අනුමැතියෙන් පිළිපදිනු ලැබීමට මිස කිසිදු ධර්ම දූතයකු අපි නොඑව්වෙමු. සැබැවින්ම ඔවුන් ඔවුන්ටම අපරාධ කරගත් අවස්ථාවක, ඔවුන් නුඹ වෙත පැමිණ, තවද ඔවුන් අල්ලාහ්ගෙන් සමාව අයැද සිටියදී, රසූල්වරයා (වන ඔබත්) ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටියේ නම්, අල්ලාහ් පාපක්ෂමාව පිළිගන්නා ලෙසත්, අසමසම කරුණාවන්ත ලෙසත් ඔවුන් දැක ගනු ඇත.
අන්-නිසාකුර්ආන් දර්ශකය
176ආයාත්
MedinanRevelation
62ආයාත්

පරිවර්තනය — අන්-නිසා 62

සූරා අන්-නිසා ආයාත් 62 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔවුන්ගේ දෑත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් ඔවුනට යම් දුර්භාග්‍යයක් ඇති…

සූරා ආයාත් 62/176 — සූරා අන්-නිසා النساء (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නිසා අසන්න, සූරා අන්-නිසා පරිවර්තනය, සූරා අන්-නිසා mp3, සූරා අන්-නිසා pdf. ආයාත් 60–64. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers