අල්-මාඉදා · 17/120
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මාඉදා
لَّقَدْ كَفَرَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ هُوَ الْمَسِيحُ ابْنُ مَرْيَمَ ۚ قُلْ فَمَن يَمْلِكُ مِنَ اللَّهِ شَيْئًا إِنْ أَرَادَ أَن يُهْلِكَ الْمَسِيحَ ابْنَ مَرْيَمَ وَأُمَّهُ وَمَن فِي الْأَرْضِ جَمِيعًا ۗ وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۚ يَخْلُقُ مَا يَشَاءُ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ ۝١٧
Laqad kafaral lazeena qaalooo innal laaha huwal maseehub nu Maryam; qul famany-yamliku minal laahi shai`an in araada ai yuhlikal Maseehab na Maryama wa ummahoo wa man fil ardi jamee`aa, wa lillaahi mmulkus samaawaati wal ardi wa maa bainahumaa; yakhluqu maa Yashaaa`; wakhluqu maa yashaaa`; wallaahu `alaa kulli shai`in Qadeer
📖 සිංහලෙන්
අල්ලාහ් වන ඔහුමය මර්යම්ගේ පුත් මසීහ් යැයි පැවසූ අය සැබැවින්ම ප්‍රතික්ෂේප කළෝය. මර්යම්ගේ පුත් මසීහ් ද ඔහුගේ මව ද මිහිතලයේ සිටින සියල්ලන් ද විනාශ කිරීමට අල්ලාහ් සිතුවේ නම් ඔහුගෙන් (ආරක්ෂා කිරීමට) කිසියම් හෝ ආධිපත්‍යයක් දරනුයේ කවරෙකු ද? අහස්හි හා මිහිතලයේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය අල්ලාහ් සතුය. ඔහු අභිමත කළ දෑ මවන්නේය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 15-19 — සූරා අල්-මාඉදා

15يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ كَثِيرًا مِّمَّا كُنتُمْ تُخْفُونَ مِنَ الْكِتَابِ وَيَعْفُو عَن كَثِيرٍ ۚ قَدْ جَاءَكُم مِّنَ اللَّهِ نُورٌ وَكِتَابٌ مُّبِينٌ
අහෝ ධර්ම ග්‍රන්ථ හිමියනි! ධර්ම ග්‍රන්ථයෙන් නුඹලා සඟවමින් සිටි දැයින් බොහෝමයක් නුඹලාට පැහැදිලි කරන තවද බොහෝ දේවල් නොසලකා හරින අපගේ රසූල්වරයා සැබැවින්ම නුඹලා වෙත පැමිණ ඇත. සැබැවින්ම අල්ලාහ්ගෙන් වූ ආලෝකයක් ද පැහැදිලි ධර්ම ග්‍රන්ථයක් ද නුඹලා වෙත පැමිණ ඇත.
16يَهْدِي بِهِ اللَّهُ مَنِ اتَّبَعَ رِضْوَانَهُ سُبُلَ السَّلَامِ وَيُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِهِ وَيَهْدِيهِمْ إِلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ
ඔහුගේ තෘප්තිය අනුගමනය කළවුන් හට, එමගින් ඔහු ශාන්තියේ මාවත් දෙසට මඟ පෙන්වනු ඇත. ඔහුගේ අනුහසින් අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත ඔවුන් ව ඔහු බැහැර කරනු ඇත. තවද ඍජු මාර්ගය වෙත ඔහු ඔවුන්ට මඟ පෙන්වනු ඇත.
17لَّقَدْ كَفَرَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ هُوَ الْمَسِيحُ ابْنُ مَرْيَمَ ۚ قُلْ فَمَن يَمْلِكُ مِنَ اللَّهِ شَيْئًا إِنْ أَرَادَ أَن يُهْلِكَ الْمَسِيحَ ابْنَ مَرْيَمَ وَأُمَّهُ وَمَن فِي الْأَرْضِ جَمِيعًا ۗ وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۚ يَخْلُقُ مَا يَشَاءُ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
අල්ලාහ් වන ඔහුමය මර්යම්ගේ පුත් මසීහ් යැයි පැවසූ අය සැබැවින්ම ප්‍රතික්ෂේප කළෝය. මර්යම්ගේ පුත් මසීහ් ද ඔහුගේ මව ද මිහිතලයේ සිටින සියල්ලන් ද විනාශ කිරීමට අල්ලාහ් සිතුවේ නම් ඔහුගෙන් (ආරක්ෂා කිරීමට) කිසියම් හෝ ආධිපත්‍යයක් දරනුයේ කවරෙකු ද? අහස්හි හා මිහිතලයේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය අල්ලාහ් සතුය. ඔහු අභිමත කළ දෑ මවන්නේය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.
18وَقَالَتِ الْيَهُودُ وَالنَّصَارَىٰ نَحْنُ أَبْنَاءُ اللَّهِ وَأَحِبَّاؤُهُ ۚ قُلْ فَلِمَ يُعَذِّبُكُم بِذُنُوبِكُم ۖ بَلْ أَنتُم بَشَرٌ مِّمَّنْ خَلَقَ ۚ يَغْفِرُ لِمَن يَشَاءُ وَيُعَذِّبُ مَن يَشَاءُ ۚ وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ وَإِلَيْهِ الْمَصِيرُ
යුදෙව්වෝ හා කිතුනුවෝ තමන් අල්ලාහ්ගේ දරුවන් බවත් ඔහුගේ සෙනෙහෙවන්තයින් බවත් පවසති. එසේ නම් නුඹලාගේ පාපයන්ට නුඹලාට ඔහු දඬුවම් කරනුයේ ඇයිදැ?යි විමසනු. එසේ නොව, නුඹලා ද ඔහු මැවූ අය අතරින් වූ මිනිසුන්ය. ඔහු අභිමත අයට සමාව දෙයි. එමෙන්ම ඔහු අභිමත අයට දඬුවම් කරයි. තවද අහස්හි හා මිහිතලයේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය අල්ලාහ් සතුය. තවද නැවත යොමු වීම ඔහු වෙතමය.
19يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ عَلَىٰ فَتْرَةٍ مِّنَ الرُّسُلِ أَن تَقُولُوا مَا جَاءَنَا مِن بَشِيرٍ وَلَا نَذِيرٍ ۖ فَقَدْ جَاءَكُم بَشِيرٌ وَنَذِيرٌ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
අහෝ ධර්ම ග්‍රන්ථ ලත් ජනයිනි! (ඊසාට පසු) ධර්ම දූතයින් නොපැමිණි කාලයේ අප වෙත ශුභාරංචි පවසන්නෙකු හෝ අවවාද කරන්නෙකු හෝ නොපැමිණියේ යැයි නුඹලා නොපවසනු වස් (දැන්) නුඹලාට පැහැදිලි කර දෙන අපගේ රසූල්වරයා නුඹලා වෙත පැමිණ ඇත. දැන් ශුභාරංචි පවසන්නෙකු හා අවවාද කරන්නෙකු නුඹලා වෙත පැමිණ ඇත. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.
අල්-මාඉදාකුර්ආන් දර්ශකය
120ආයාත්
MedinanRevelation
17ආයාත්

පරිවර්තනය — අල්-මාඉදා 17

සූරා අල්-මාඉදා ආයාත් 17 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අල්ලාහ් වන ඔහුමය මර්යම්ගේ පුත් මසීහ් යැයි පැවසූ අය සැබැවින්ම…

සූරා ආයාත් 17/120 — සූරා අල්-මාඉදා المائدة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මාඉදා අසන්න, සූරා අල්-මාඉදා පරිවර්තනය, සූරා අල්-මාඉදා mp3, සූරා අල්-මාඉදා pdf. ආයාත් 15–19. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers