අල්-ආරාෆ් · 129/206
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ආරාෆ්
قَالُوا أُوذِينَا مِن قَبْلِ أَن تَأْتِيَنَا وَمِن بَعْدِ مَا جِئْتَنَا ۚ قَالَ عَسَىٰ رَبُّكُمْ أَن يُهْلِكَ عَدُوَّكُمْ وَيَسْتَخْلِفَكُمْ فِي الْأَرْضِ فَيَنظُرَ كَيْفَ تَعْمَلُونَ ۝١٢٩
Qaaloo oozeenaa min qabli an taatiyanaa wa mim ba`di maa ji`tanaa; qaala `asaa Rabbukum ai yuhlika `aduwwakum wa yastakhli fakum fil ardi fayanzura kaifa ta`maloon
📖 සිංහලෙන්
නුඹ අප වෙත පැමිණීමට පෙර ද නුඹ අප වෙත පැමිණීමට පසු ද අපි පීඩාවට පත් කරනු ලැබුවෙමු යැයි ඔවුහු පැවසුවෝය. නුඹලාගේ පරමාධිපති නුඹලාගේ සතුරන් විනාශ කර දමා නුඹලා ව පොළොවේ නියෝජනය කරන්නට සලස්වන්නට පුළුවන. එවිට නුඹලා ක්‍රියා කරනුයේ කෙසේ දැයි ඔහු අවධානයෙන් බලනු ඇතැයි ඔහු පැවසීය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 127-131 — සූරා අල්-ආරාෆ්

127وَقَالَ الْمَلَأُ مِن قَوْمِ فِرْعَوْنَ أَتَذَرُ مُوسَىٰ وَقَوْمَهُ لِيُفْسِدُوا فِي الْأَرْضِ وَيَذَرَكَ وَآلِهَتَكَ ۚ قَالَ سَنُقَتِّلُ أَبْنَاءَهُمْ وَنَسْتَحْيِي نِسَاءَهُمْ وَإِنَّا فَوْقَهُمْ قَاهِرُونَ
තවද මෙම පොළොවේ ඔවුන් කලහකම් කිරීමටත්, ඔබ හා ඔබගේ දෙවිවරුන් අතහැර දැමීමටත් මූසා හා මූසාගේ පිරිස ඔබ අත හැර දමන්නෙහි දැයි ෆිර්අවුන්ගේ පිරිසගෙන් වූ ප්‍රධානීහු විමසා සිටියහ. (එසේනම්) අපි ඔවුන්ගේ පිරිමි දරුවන් ඝාතනය කරමු. ඔවුන්ගේ ගැහැනු දරුවන් පණපිටින් අත හැර දමමු. තවද සැබැවින්ම අපි ඔවුනට ඉහළින් බලය යොදවන්නන් වෙමු යැයි ඔහු පැවසීය.
128قَالَ مُوسَىٰ لِقَوْمِهِ اسْتَعِينُوا بِاللَّهِ وَاصْبِرُوا ۖ إِنَّ الْأَرْضَ لِلَّهِ يُورِثُهَا مَن يَشَاءُ مِنْ عِبَادِهِ ۖ وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ
නුඹලා අල්ලාහ්ගෙන් උදව් පතනු. තවද ඉවසනු. නියත වශයෙන්ම මහපොළොව අල්ලාහ් සතුය. ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අයට එය උරුම කර දෙනු ඇත. තවද අවසානය දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන්හටය යැයි මූසා ඔහුගේ පිරිසට පැවසීය.
129قَالُوا أُوذِينَا مِن قَبْلِ أَن تَأْتِيَنَا وَمِن بَعْدِ مَا جِئْتَنَا ۚ قَالَ عَسَىٰ رَبُّكُمْ أَن يُهْلِكَ عَدُوَّكُمْ وَيَسْتَخْلِفَكُمْ فِي الْأَرْضِ فَيَنظُرَ كَيْفَ تَعْمَلُونَ
නුඹ අප වෙත පැමිණීමට පෙර ද නුඹ අප වෙත පැමිණීමට පසු ද අපි පීඩාවට පත් කරනු ලැබුවෙමු යැයි ඔවුහු පැවසුවෝය. නුඹලාගේ පරමාධිපති නුඹලාගේ සතුරන් විනාශ කර දමා නුඹලා ව පොළොවේ නියෝජනය කරන්නට සලස්වන්නට පුළුවන. එවිට නුඹලා ක්‍රියා කරනුයේ කෙසේ දැයි ඔහු අවධානයෙන් බලනු ඇතැයි ඔහු පැවසීය.
130وَلَقَدْ أَخَذْنَا آلَ فِرْعَوْنَ بِالسِّنِينَ وَنَقْصٍ مِّنَ الثَّمَرَاتِ لَعَلَّهُمْ يَذَّكَّرُونَ
තවද ඔවුන් මෙනෙහි කරනු හැකි වනු පිණිස නියඟයෙන් හා භවබෝග හිග කිරීමෙන් සැබැවින්ම අපි ෆිර්අවුන්ගේ පිරිස ග්‍රහණය කළෙමු.
131فَإِذَا جَاءَتْهُمُ الْحَسَنَةُ قَالُوا لَنَا هَٰذِهِ ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌ يَطَّيَّرُوا بِمُوسَىٰ وَمَن مَّعَهُ ۗ أَلَا إِنَّمَا طَائِرُهُمْ عِندَ اللَّهِ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
ඔවුනට යහපත පැමිණි විට මෙය අප වෙනුවෙන් යැයි ඔවුහු පවසති. තවද ඔවුනට යම් නපුරක් ඇති වන්නේ නම් මූසා හා ඔහු සමඟ වූවන්ගෙන් ඇති වූ අසුබ නිමිත්තක් යැයි සිතති. දැන ගනු. ඔවුන්ගේ අසුබ නිමිති අල්ලාහ් වෙතය. එනමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනා (ඒ බව) නොදනිති.
අල්-ආරාෆ්කුර්ආන් දර්ශකය
206ආයාත්
MeccanRevelation
129ආයාත්

පරිවර්තනය — අල්-ආරාෆ් 129

සූරා අල්-ආරාෆ් ආයාත් 129 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹ අප වෙත පැමිණීමට පෙර ද නුඹ අප වෙත පැමිණීමට…

සූරා ආයාත් 129/206 — සූරා අල්-ආරාෆ් الأعراف (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ආරාෆ් අසන්න, සූරා අල්-ආරාෆ් පරිවර්තනය, සූරා අල්-ආරාෆ් mp3, සූරා අල්-ආරාෆ් pdf. ආයාත් 127–131. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers