අල්-ආරාෆ් · 168/206
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ආරාෆ්
وَقَطَّعْنَاهُمْ فِي الْأَرْضِ أُمَمًا ۖ مِّنْهُمُ الصَّالِحُونَ وَمِنْهُمْ دُونَ ذَٰلِكَ ۖ وَبَلَوْنَاهُم بِالْحَسَنَاتِ وَالسَّيِّئَاتِ لَعَلَّهُمْ يَرْجِعُونَ ۝١٦٨
Wa qatta`naahum fil ardi umamam minhumus aalihoona wa min hum doona zaalika wa balawnaahum bilhasanaati wassaiyi aati la`allahum yarji`oon
📖 සිංහලෙන්
තවද අපි මහපොළොවේ සමූහයන් වශයෙන් ඔවුන් බෙදා වෙන් කළෙමු. ඔවුන් අතරින් දැහැමියන් වෙති. තවද ඔවුන් අතරින් එසේ නොවන අය ද වෙති. තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස යහපත් හා නපුරු දැයින් අපි ඔවුන් පරීක්ෂා කළෙමු.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 166-170 — සූරා අල්-ආරාෆ්

166فَلَمَّا عَتَوْا عَن مَّا نُهُوا عَنْهُ قُلْنَا لَهُمْ كُونُوا قِرَدَةً خَاسِئِينَ
එයින් තහනම් කරනු ලැබූ දෑ සම්බන්ධයෙන් ඔවුන් සීමාව ඉක්මවා කටයුතු කළ කල්හි ‘නුඹලා අවමානයට පත් වූවන් ලෙසින්, වඳුරන් මෙන් වනු යැයි අපි ඔවුනට පැවසුවෙමු.
167وَإِذْ تَأَذَّنَ رَبُّكَ لَيَبْعَثَنَّ عَلَيْهِمْ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ مَن يَسُومُهُمْ سُوءَ الْعَذَابِ ۗ إِنَّ رَبَّكَ لَسَرِيعُ الْعِقَابِ ۖ وَإِنَّهُ لَغَفُورٌ رَّحِيمٌ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා ඔවුනට එරෙහි ව නපුරු දඬුවමෙන් දඬුවම් කරන අය එවනු ඇතැයි නුඹගේ පරමාධිපති නිවේදනය කළ අවස්ථාව සිහිපත් කරනු. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති දඬුවම් දීමෙහි ඉතා වේගවත්ය. තවද නියත වශයෙන්ම ඔහු අති ක්ෂමාශීලීය; කරුණා ගුණයෙන් යුක්තය.
168وَقَطَّعْنَاهُمْ فِي الْأَرْضِ أُمَمًا ۖ مِّنْهُمُ الصَّالِحُونَ وَمِنْهُمْ دُونَ ذَٰلِكَ ۖ وَبَلَوْنَاهُم بِالْحَسَنَاتِ وَالسَّيِّئَاتِ لَعَلَّهُمْ يَرْجِعُونَ
තවද අපි මහපොළොවේ සමූහයන් වශයෙන් ඔවුන් බෙදා වෙන් කළෙමු. ඔවුන් අතරින් දැහැමියන් වෙති. තවද ඔවුන් අතරින් එසේ නොවන අය ද වෙති. තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස යහපත් හා නපුරු දැයින් අපි ඔවුන් පරීක්ෂා කළෙමු.
169فَخَلَفَ مِن بَعْدِهِمْ خَلْفٌ وَرِثُوا الْكِتَابَ يَأْخُذُونَ عَرَضَ هَٰذَا الْأَدْنَىٰ وَيَقُولُونَ سَيُغْفَرُ لَنَا وَإِن يَأْتِهِمْ عَرَضٌ مِّثْلُهُ يَأْخُذُوهُ ۚ أَلَمْ يُؤْخَذْ عَلَيْهِم مِّيثَاقُ الْكِتَابِ أَن لَّا يَقُولُوا عَلَى اللَّهِ إِلَّا الْحَقَّ وَدَرَسُوا مَا فِيهِ ۗ وَالدَّارُ الْآخِرَةُ خَيْرٌ لِّلَّذِينَ يَتَّقُونَ ۗ أَفَلَا تَعْقِلُونَ
ඔවුන්ගෙන් පසුව (ඔවුන් වෙනුවට) පරපුරක් පැමිණ එම දේව ග්‍රන්ථය උරුම කර ගත්තෝය. (ඒ වෙනුවට මෙලොවෙහි) පහත් භාණ්ඩය ඔවුහු ගනිති. තවද අපට සමාව දෙනු ලබනු ඇතැයි පවසති. තවද ඒ හා සමාන (තවත් පහත්) භාණ්ඩයක් ඔවුන් වෙත පැමිණෙන්නේ නම් එය ද ඔවුහු ගනිති. අල්ලාහ් වෙත සත්‍යය මිස වෙනත් කිසිවක් නොපැවසිය යුතු යැයි ද එහි ඇති දෑ ඔවුන් හැදෑරිය යුතු යැයි ද ඔවුන් වෙතින් දේව ග්‍රන්ථයේ ප්‍රතිඥාවක් ගනු නොලැබුවේ ද? දේව බිය හැඟීමෙන් කටයුතු කරන්නන්හට මතු ලොව නිවහන ශ්‍රේෂ්ඨය. (මෙය) නුඹලා වටහා ගත යුතු නොවේ ද?
170وَالَّذِينَ يُمَسِّكُونَ بِالْكِتَابِ وَأَقَامُوا الصَّلَاةَ إِنَّا لَا نُضِيعُ أَجْرَ الْمُصْلِحِينَ
තවද දේව ග්‍රන්ථය තදින් පිළිපදිමින් සලාතය විධිමත් ව ඉටු කළවුන් වනාහි නියත වශයෙන්ම අපි එවන් දැහැමියන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නොකරමු.
අල්-ආරාෆ්කුර්ආන් දර්ශකය
206ආයාත්
MeccanRevelation
168ආයාත්

පරිවර්තනය — අල්-ආරාෆ් 168

සූරා අල්-ආරාෆ් ආයාත් 168 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද අපි මහපොළොවේ සමූහයන් වශයෙන් ඔවුන් බෙදා වෙන් කළෙමු. ඔවුන්…

සූරා ආයාත් 168/206 — සූරා අල්-ආරාෆ් الأعراف (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ආරාෆ් අසන්න, සූරා අල්-ආරාෆ් පරිවර්තනය, සූරා අල්-ආරාෆ් mp3, සූරා අල්-ආරාෆ් pdf. ආයාත් 166–170. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers