අත්-තව්බා · 110/129
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අත්-තව්බා
لَا يَزَالُ بُنْيَانُهُمُ الَّذِي بَنَوْا رِيبَةً فِي قُلُوبِهِمْ إِلَّا أَن تَقَطَّعَ قُلُوبُهُمْ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ ۝١١٠
Laa yazaalu bunyaanu humul lazee banaw reebatan fee quloobihim illaaa an taqatta`a quloobuhum; wal laahu `Aleemun Hakeem
📖 සිංහලෙන්
ඔවුන් ඉදි කළා වූ ඔවුන්ගේ ගොඩනැගිල්ල ඔවුන්ගේ හදවත් කැබලි වන තෙක් ඔවුන්ගේ හදවත් තුළ සැකයෙන්ම පවතී. තවද අල්ලාහ් සර්වඥානීය; ප්‍රඥාවන්තය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 108-112 — සූරා අත්-තව්බා

108لَا تَقُمْ فِيهِ أَبَدًا ۚ لَّمَسْجِدٌ أُسِّسَ عَلَى التَّقْوَىٰ مِنْ أَوَّلِ يَوْمٍ أَحَقُّ أَن تَقُومَ فِيهِ ۚ فِيهِ رِجَالٌ يُحِبُّونَ أَن يَتَطَهَّرُوا ۚ وَاللَّهُ يُحِبُّ الْمُطَّهِّرِينَ
කිසිවිටෙක එහි (නැමදුම්) ඉටු නොකරනු. නුඹ (නැමදුම්) ඉටු කිරීමට වඩාත් සුදුසු වනුයේ ආරම්භක දිනයේ දේව බිය හැඟීමෙන් යුතු ව ස්ථාපිත කරන ලද මස්ජිදයයි. තමන් පිරිසිදු වීමට ප්‍රිය කරන පුද්ගලයින් එහි වෙති. තවද අල්ලාහ් පිරිසිදුව සිටින්නන් ප්‍රිය කරයි.
109أَفَمَنْ أَسَّسَ بُنْيَانَهُ عَلَىٰ تَقْوَىٰ مِنَ اللَّهِ وَرِضْوَانٍ خَيْرٌ أَم مَّنْ أَسَّسَ بُنْيَانَهُ عَلَىٰ شَفَا جُرُفٍ هَارٍ فَانْهَارَ بِهِ فِي نَارِ جَهَنَّمَ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ අල්ලාහ් පිළිබඳ වූ බිය හැඟීමෙන් යුතුව (ඔහුගේ) තෘප්තිය බලාපොරොත්තුවෙන් ගොඩනැගිල්ලක් ඉදි කරන්නා ද එසේ නැතහොත්, ඒ සමඟම නිරා ගින්නට වැටෙන තත්ත්වයේ ගරා වැටෙන ඉවුරු තීරුවේ ගොඩනැගිල්ලක් ඉදි කරන්නා ද? තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මඟ නොපෙන්වයි.
110لَا يَزَالُ بُنْيَانُهُمُ الَّذِي بَنَوْا رِيبَةً فِي قُلُوبِهِمْ إِلَّا أَن تَقَطَّعَ قُلُوبُهُمْ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
ඔවුන් ඉදි කළා වූ ඔවුන්ගේ ගොඩනැගිල්ල ඔවුන්ගේ හදවත් කැබලි වන තෙක් ඔවුන්ගේ හදවත් තුළ සැකයෙන්ම පවතී. තවද අල්ලාහ් සර්වඥානීය; ප්‍රඥාවන්තය.
111۞ إِنَّ اللَّهَ اشْتَرَىٰ مِنَ الْمُؤْمِنِينَ أَنفُسَهُمْ وَأَمْوَالَهُم بِأَنَّ لَهُمُ الْجَنَّةَ ۚ يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ فَيَقْتُلُونَ وَيُقْتَلُونَ ۖ وَعْدًا عَلَيْهِ حَقًّا فِي التَّوْرَاةِ وَالْإِنجِيلِ وَالْقُرْآنِ ۚ وَمَنْ أَوْفَىٰ بِعَهْدِهِ مِنَ اللَّهِ ۚ فَاسْتَبْشِرُوا بِبَيْعِكُمُ الَّذِي بَايَعْتُم بِهِ ۚ وَذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ
සැබැවින්ම ඔවුනට ස්වර්ගය ඇතැයි පවසා නියත වශයෙන්ම අල්ලාහ් දේවත්වය විශ්වාස කරන්නන්ගෙන් ඔවුන්ගේ ජීවිත හා ඔවුන්ගේ වස්තු ඒ වෙනුවට (මිලට) ගත්තේය. ඔවුහු අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරති. එවිට (සතුරන්) නසා දමති. ඔවුන් ද නසනු ලබති. මෙය තව්රාතයේ ඉන්ජීලයේ හා අල් කුර්ආනයේ (සඳහන්) තමන් වෙතම නියම කරගත් ප්‍රතිඥාවක් වශයෙනි. අල්ලාහ්ට වඩා තම ප්‍රතිඥාව වඩාත් පූර්ණවත් ව ඉටු කරන්නේ කවරෙකු ද? නුඹලා කවර දෙයක් සම්බන්ධයෙන් ගිවිස ගත්තෙහු ද නුඹලාගේ එම ගනුදෙනු ව පිළිබඳ නුඹලා සතුටු වනු. තවද එයයි අති මහත් ජයග්‍රහණය වනුයේ.
112التَّائِبُونَ الْعَابِدُونَ الْحَامِدُونَ السَّائِحُونَ الرَّاكِعُونَ السَّاجِدُونَ الْآمِرُونَ بِالْمَعْرُوفِ وَالنَّاهُونَ عَنِ الْمُنكَرِ وَالْحَافِظُونَ لِحُدُودِ اللَّهِ ۗ وَبَشِّرِ الْمُؤْمِنِينَ
ඔවුන් වනාහි (අල්ලාහ් වෙත) පශ්චාත්තාප වී යොමු වන, (ඔහුට) නැමදුම් කරන, (ඔහුට) ප්‍රශංසා කරන, උපවාසය රකින, (නැමී) රුකූඃ කරන, (නළල බිම තබා) සුජූද් කරන, යහපත විධානය කරන, අයහපත් දැයින් වළක්වාලන, තවද අල්ලාහ්ගේ සීමාවන් සුරක්ෂා කරන්නෝ වෙති. තවද (එවන්) දේවත්වය විශ්වාස කරන්නන් හට නුඹ සුබාරංචි දන්වනු.
අත්-තව්බාකුර්ආන් දර්ශකය
129ආයාත්
MedinanRevelation
110ආයාත්

පරිවර්තනය — අත්-තව්බා 110

සූරා අත්-තව්බා ආයාත් 110 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔවුන් ඉදි කළා වූ ඔවුන්ගේ ගොඩනැගිල්ල ඔවුන්ගේ හදවත් කැබලි වන…

සූරා ආයාත් 110/129 — සූරා අත්-තව්බා التوبة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අත්-තව්බා අසන්න, සූරා අත්-තව්බා පරිවර්තනය, සූරා අත්-තව්බා mp3, සූරා අත්-තව්බා pdf. ආයාත් 108–112. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers