අල්-අලක් සූරා අරාබි සහ සිංහල

අල්-අලක් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (19 ආයාත් — مكية). අල්-අලක් අසන්න, අල්-අලක් පරිවර්තනය, අල්-අලක් mp3, අල්-අලක් pdf.

අල්-අලක් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
x1
اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.
خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
ඔහු මිනිසා ව ලේ කැටියෙන් මැව්වේය.
اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
නුඹ කියවනු. නුඹේ පරමාධිපති අති ගෞරවනීය.
الَّذِي عَلَّمَ بِالْقَلَمِ ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
ඔහු පන්හිඳෙන් (ලිවීමට) ඉගැන්වූයේය.
عَلَّمَ الْإِنسَانَ مَا لَمْ يَعْلَمْ ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
මිනිසාට ඔහු නොදැන සිටි දෑ ඔහු ඉගැන්වූයේය.
كَلَّا إِنَّ الْإِنسَانَ لَيَطْغَىٰ ۝٦
📖 පරිවර්තනය ආයාත් 6
නොඑසේය, නියත වශයෙන්ම මිනිසා සීමාව ඉක්මවා යන්නේය.
أَن رَّآهُ اسْتَغْنَىٰ ۝٧
📖 පරිවර්තනය ආයාත් 7
තමන් ස්වාධීන යැයි ඔහු සිතන්නේය.
إِنَّ إِلَىٰ رَبِّكَ الرُّجْعَىٰ ۝٨
📖 පරිවර්තනය ආයාත් 8
නියත වශයෙන්ම නැවත හැරී යාම නුඹගේ පරමාධිපති වෙතය.
أَرَأَيْتَ الَّذِي يَنْهَىٰ ۝٩
📖 පරිවර්තනය ආයාත් 9
වළක්වන අය ව නුඹ දුටුවෙහිද?
عَبْدًا إِذَا صَلَّىٰ ۝١٠
📖 පරිවර්තනය ආයාත් 10
ගැත්තා සලාතය ඉටු කරන විට (ඔහුව වළක්වන අය ව නුඹ දුටුවෙහිද?)
أَرَأَيْتَ إِن كَانَ عَلَى الْهُدَىٰ ۝١١
📖 පරිවර්තනය ආයාත් 11
ඔහු යහමඟෙහි සිටන වග නුඹ දුටුවෙහිද?
أَوْ أَمَرَ بِالتَّقْوَىٰ ۝١٢
📖 පරිවර්තනය ආයාත් 12
නැතහොත් බිය බැතිමත්භාවය පිළිබඳ අණ කර සිටින වග (නුඹ දුටුවෙහිද?)
أَرَأَيْتَ إِن كَذَّبَ وَتَوَلَّىٰ ۝١٣
📖 පරිවර්තනය ආයාත් 13
තවද ඔහු (සත්යය) බොරු කර පිටුපාන වග නුඹ දුටුවෙහි ද?
أَلَمْ يَعْلَم بِأَنَّ اللَّهَ يَرَىٰ ۝١٤
📖 පරිවර්තනය ආයාත් 14
නියත වශයෙන්ම අල්ලාහ් දකින්නේ යැයි ඔහු නොදැන සිටියා ද?
كَلَّا لَئِن لَّمْ يَنتَهِ لَنَسْفَعًا بِالنَّاصِيَةِ ۝١٥
📖 පරිවර්තනය ආයාත් 15
නොඑසේය. ඔහු එයින් නොවැළකුණේ නම් අපි ඉදිරි නළල් කෙස් රොදින් (ඔහු ව) ඇදගෙන එන්නෙමු.
نَاصِيَةٍ كَاذِبَةٍ خَاطِئَةٍ ۝١٦
📖 පරිවර්තනය ආයාත් 16
එනම් වැරදි කරමින් ද බොරුකරමින් ද සිටි (ඔහුගේ) නළල් කෙස් රොදිනි.
فَلْيَدْعُ نَادِيَهُ ۝١٧
📖 පරිවර්තනය ආයාත් 17
එබැවින් ඔහු ඔහුගේ කැඳවුම් කරුවන් කැඳවත්වා!
سَنَدْعُ الزَّبَانِيَةَ ۝١٨
📖 පරිවර්තනය ආයාත් 18
මතුවට අපි ද අපගේ (නිරයේ භාරකාර මලක්වරුන් වන) zසබානියාවරුන් ව කැඳවන්නෙමු.
كَلَّا لَا تُطِعْهُ وَاسْجُدْ وَاقْتَرِب ۩ ۝١٩
📖 පරිවර්තනය ආයාත් 19
නොඑසේය. නුඹ ඔහුට අවනත නොවනු. නුඹගේ (පරමාධිපතිට) සජදා කරනු. තවද ඔහුට සමීප වනු.
← 95 අල්-අලක් (96/114) 97 →
කියවන්න අල්-අලක් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

96العلق Al-'Alaq 📚 19 ආයාත් مكية

ආයාත් ආයාත් – අල්-අලක් සූරා — 19 ආයාත්




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers