PDF —
19 ආයාත් Meccan PDF
Built right in your browser — download starts automatically

සූරා අල්-අලක් pdf — බාගත කරන්න (සිංහල)

සූරා අල්-අලක් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-අලක් පරිවර්තනය. සූරා අල්-අලක් (Meccan) 19 ආයාත්.

← අත්-තීන්සූරා අල්-අලක් අල්-කද්ර් →


19 ආයාත් · Meccan · සිංහල
bismillah
ﮕﮖﮗﮘﮙﮚ
96:1 මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.
ﮛﮜﮝﮞﮟ
96:2 ඔහු මිනිසා ව ලේ කැටියෙන් මැව්වේය.
ﮠﮡﮢﮣ
96:3 නුඹ කියවනු. නුඹේ පරමාධිපති අති ගෞරවනීය.
ﮤﮥﮦﮧ
96:4 ඔහු පන්හිඳෙන් (ලිවීමට) ඉගැන්වූයේය.
ﮨﮩﮪﮫﮬﮭ
96:5 මිනිසාට ඔහු නොදැන සිටි දෑ ඔහු ඉගැන්වූයේය.
ﮮﮯﮰﮱﯓ
96:6 නොඑසේය, නියත වශයෙන්ම මිනිසා සීමාව ඉක්මවා යන්නේය.
ﯔﯕﯖﯗ
96:7 තමන් ස්වාධීන යැයි ඔහු සිතන්නේය.
ﯘﯙﯚﯛﯜ
96:8 නියත වශයෙන්ම නැවත හැරී යාම නුඹගේ පරමාධිපති වෙතය.
ﯝﯞﯟﯠ
96:9 වළක්වන අය ව නුඹ දුටුවෙහිද?
ﯡﯢﯣﯤ
96:10 ගැත්තා සලාතය ඉටු කරන විට (ඔහුව වළක්වන අය ව නුඹ දුටුවෙහිද?)
ﯥﯦﯧﯨﯩﯪ
96:11 ඔහු යහමඟෙහි සිටන වග නුඹ දුටුවෙහිද?
ﯫﯬﯭﯮ
96:12 නැතහොත් බිය බැතිමත්භාවය පිළිබඳ අණ කර සිටින වග (නුඹ දුටුවෙහිද?)
ﭑﭒﭓﭔﭕ
96:13 තවද ඔහු (සත්යය) බොරු කර පිටුපාන වග නුඹ දුටුවෙහි ද?
ﭖﭗﭘﭙﭚﭛ
96:14 නියත වශයෙන්ම අල්ලාහ් දකින්නේ යැයි ඔහු නොදැන සිටියා ද?
ﭜﭝﭞﭟﭠﭡﭢ
96:15 නොඑසේය. ඔහු එයින් නොවැළකුණේ නම් අපි ඉදිරි නළල් කෙස් රොදින් (ඔහු ව) ඇදගෙන එන්නෙමු.
ﭣﭤﭥﭦ
96:16 එනම් වැරදි කරමින් ද බොරුකරමින් ද සිටි (ඔහුගේ) නළල් කෙස් රොදිනි.
ﭧﭨﭩ
96:17 එබැවින් ඔහු ඔහුගේ කැඳවුම් කරුවන් කැඳවත්වා!
ﭪﭫﭬ
96:18 මතුවට අපි ද අපගේ (නිරයේ භාරකාර මලක්වරුන් වන) zසබානියාවරුන් ව කැඳවන්නෙමු.
ﭭﭮﭯﭰﭱﭲﭳ
96:19 නොඑසේය. නුඹ ඔහුට අවනත නොවනු. නුඹගේ (පරමාධිපතිට) සජදා කරනු. තවද ඔහුට සමීප වනු.

ශුද්ධ වූ අල් කුර්ආනය


Wednesday, September 9, 2026

Don't forget us in your sincere prayers