යූනුස් · 30/109
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — යූනුස්
هُنَالِكَ تَبْلُو كُلُّ نَفْسٍ مَّا أَسْلَفَتْ ۚ وَرُدُّوا إِلَى اللَّهِ مَوْلَاهُمُ الْحَقِّ ۖ وَضَلَّ عَنْهُم مَّا كَانُوا يَفْتَرُونَ ۝٣٠
Hunaalika tabloo kullu nafsim maaa aslafat; wa ruddoo ilal laahi mawlaahu mul haqqi wa dalla `anhum maa kaanoo yaftaroon
📖 සිංහලෙන්
එවිට සෑම ආත්මයක්ම එය ඉදිරිපත් කළ දෑ සම්බන්ධයෙන් පරීක්ෂාවට භාජනය වේ. තවද ඔවුන්ගේ සැබෑ භාරකරු වන අල්ලාහ් වෙත ඔවුන් යොමු කරනු ලැබේ. තවද ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුලා වී යයි.

🎧 අසන්න


📜 ආයාත් 28-32 — යූනුස්

28وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُوا مَكَانَكُمْ أَنتُمْ وَشُرَكَاؤُكُمْ ۚ فَزَيَّلْنَا بَيْنَهُمْ ۖ وَقَالَ شُرَكَاؤُهُم مَّا كُنتُمْ إِيَّانَا تَعْبُدُونَ
තවද එදින අපි ඔවුන් සියල්ල රැස් කරන්නෙමු. පසුව නුඹලා හා නුඹලාගේ හවුල්කරුවන් නුඹලාගේ ස්ථානයේම සිටිනු යැයි ආදේශ තැබූවන්ට අපි පවසන්නෙමු. පසුව ඔවුන් අතර (තිබූ සම්බන්ධතාවය බිඳ) අපි වෙන් කරන්නෙමු. තවද ‘නුඹලා අපට ගැතිකම් කරමින් නොසිටියෙහු යැ’යි ඔවුන්ගේ හවුල්කරුවන් පවසා මිදෙන්නට බලති.
29فَكَفَىٰ بِاللَّهِ شَهِيدًا بَيْنَنَا وَبَيْنَكُمْ إِن كُنَّا عَنْ عِبَادَتِكُمْ لَغَافِلِينَ
එහෙයින් අප හා නුඹලා අතර සාක්ෂිකරුවකු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය. නුඹලා කළ නැමදුම පිළිබඳ අප අනවධානීන් ලෙස සිටියෙමු (යැයි ද එම හවුල්කරුවෝ පවසති).
30هُنَالِكَ تَبْلُو كُلُّ نَفْسٍ مَّا أَسْلَفَتْ ۚ وَرُدُّوا إِلَى اللَّهِ مَوْلَاهُمُ الْحَقِّ ۖ وَضَلَّ عَنْهُم مَّا كَانُوا يَفْتَرُونَ
එවිට සෑම ආත්මයක්ම එය ඉදිරිපත් කළ දෑ සම්බන්ධයෙන් පරීක්ෂාවට භාජනය වේ. තවද ඔවුන්ගේ සැබෑ භාරකරු වන අල්ලාහ් වෙත ඔවුන් යොමු කරනු ලැබේ. තවද ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුලා වී යයි.
31قُلْ مَن يَرْزُقُكُم مِّنَ السَّمَاءِ وَالْأَرْضِ أَمَّن يَمْلِكُ السَّمْعَ وَالْأَبْصَارَ وَمَن يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَمَن يُدَبِّرُ الْأَمْرَ ۚ فَسَيَقُولُونَ اللَّهُ ۚ فَقُلْ أَفَلَا تَتَّقُونَ
අහසින් හා පොළොවෙන් නුඹලාට පෝෂණය ලබා දෙන්නේ කවුරු ද? ශ්‍රවණය හා දෘෂ්ටීන් සතු වන්නේ කාහට ද? මළ දැයින් ජීවී දෑ මතු කොට ජීවී දැයින් මළ දෑ මතු කරන්නේ කවරෙකු ද? සියලු කරුණු සැලසුම් කරන්නේ කවරෙකු දැ? යි (නබිවරය) නුඹ විමසනු. එවිට ‘අල්ලාහ්’ යැයි ඔවුන් පවසනු ඇත. එසේ නම් නුඹලා බිය හැඟීමෙන් කටයුතු කළ යුතු නොවේ දැ? යි නුඹ විමසනු.
32فَذَٰلِكُمُ اللَّهُ رَبُّكُمُ الْحَقُّ ۖ فَمَاذَا بَعْدَ الْحَقِّ إِلَّا الضَّلَالُ ۖ فَأَنَّىٰ تُصْرَفُونَ
ඔහුමය නුඹලාගේ සැබෑ පරමාධිපති වූ අල්ලාහ්. මෙම සත්‍යයෙන් පසු මුළාව මිස වෙන කුමක් ද? එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
යූනුස්කුර්ආන් දර්ශකය
109ආයාත්
MeccanRevelation
30ආයාත්

පරිවර්තනය — යූනුස් 30

සූරා යූනුස් ආයාත් 30 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එවිට සෑම ආත්මයක්ම එය ඉදිරිපත් කළ දෑ සම්බන්ධයෙන් පරීක්ෂාවට භාජනය…

සූරා ආයාත් 30/109 — යූනුස් يونس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: යූනුස් අසන්න, යූනුස් පරිවර්තනය, යූනුස් mp3, යූනුස් pdf. ආයාත් 28–32. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers