අල්-බකරා · 245/286
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-බකරා
مَّن ذَا الَّذِي يُقْرِضُ اللَّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ أَضْعَافًا كَثِيرَةً ۚ وَاللَّهُ يَقْبِضُ وَيَبْسُطُ وَإِلَيْهِ تُرْجَعُونَ ٢٤٥
Transliteration
Man zal lazee yuqridul laaha qardan hasanan fayudaa `ifahoo lahoo ad`aafan kaseerah; wallaahu yaqbidu wa yabsut-u wa ilaihi turja`oon
පරිවර්තනය (සිංහලෙන්)
📖 සිංහලෙන්
කවරෙකු අල්ලාහ්ට අලංකාර ණයක් ලබා දෙන්නෙකු වන්නේ ද එවිට ඔහු එය ඔහුට අධික වශයෙන් ගුණ කර දෙයි. තවද අල්ලාහ් (එය) හකුළයි. තවද දිගු හරියි. තවද ඔහු වෙතම නුඹලා නැවත යොමු කරනු ලබන්නෙහුය.
Additional reference in தமிழ்
🎧 අසන්න
📜 ආයාත් 243-247 — අල්-බකරා
243۞ أَلَمْ تَرَ إِلَى الَّذِينَ خَرَجُوا مِن دِيَارِهِمْ وَهُمْ أُلُوفٌ حَذَرَ الْمَوْتِ فَقَالَ لَهُمُ اللَّهُ مُوتُوا ثُمَّ أَحْيَاهُمْ ۚ إِنَّ اللَّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَشْكُرُونَ
ඔවුන් දහස් ගණනින් සිටිය දී මරණයට බියෙන් තම නිවෙස් වලින් බැහැර ව ගියවුන් දෙස නුඹ නොබැලුවෙහි ද? එවිට නුඹලා මිය යනු යැයි අල්ලාහ් ඔවුනට පැවසුවේය. පසු ව ඔහු ඔවුනට යළි ජීවය දුන්නේය. නියත වශයෙන් ම අල්ලාහ් ජනයා වෙත භාග්‍ය සම්පන්නයා ය. නමුත් ජනයාගෙන් බහුතරය කෘතවේදී නොවෙති.
244وَقَاتِلُوا فِي سَبِيلِ اللَّهِ وَاعْلَمُوا أَنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ
අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා සටන් වදිනු. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවක, සර්ව ඥානී බව නුඹලා දැන ගනු.
245مَّن ذَا الَّذِي يُقْرِضُ اللَّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ أَضْعَافًا كَثِيرَةً ۚ وَاللَّهُ يَقْبِضُ وَيَبْسُطُ وَإِلَيْهِ تُرْجَعُونَ
කවරෙකු අල්ලාහ්ට අලංකාර ණයක් ලබා දෙන්නෙකු වන්නේ ද එවිට ඔහු එය ඔහුට අධික වශයෙන් ගුණ කර දෙයි. තවද අල්ලාහ් (එය) හකුළයි. තවද දිගු හරියි. තවද ඔහු වෙතම නුඹලා නැවත යොමු කරනු ලබන්නෙහුය.
246أَلَمْ تَرَ إِلَى الْمَلَإِ مِن بَنِي إِسْرَائِيلَ مِن بَعْدِ مُوسَىٰ إِذْ قَالُوا لِنَبِيٍّ لَّهُمُ ابْعَثْ لَنَا مَلِكًا نُّقَاتِلْ فِي سَبِيلِ اللَّهِ ۖ قَالَ هَلْ عَسَيْتُمْ إِن كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ أَلَّا تُقَاتِلُوا ۖ قَالُوا وَمَا لَنَا أَلَّا نُقَاتِلَ فِي سَبِيلِ اللَّهِ وَقَدْ أُخْرِجْنَا مِن دِيَارِنَا وَأَبْنَائِنَا ۖ فَلَمَّا كُتِبَ عَلَيْهِمُ الْقِتَالُ تَوَلَّوْا إِلَّا قَلِيلًا مِّنْهُمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ
මූසාගෙ (කාලයෙ) න් පසුව ඉස්රාඊල් දරුවන්ගෙන් වූ ප්‍රධානීන් පිරිසක් දෙස නුඹ නොබැලුවෙහි ද? අප වෙත රජෙකු එවනු මැනව! අපි අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදින්නෙමු යැයි ඔවුනට අයත් වක්තෘවරයෙකුට පැවසූ අවස්ථාවේ දී නුඹලාට සටන් කිරීම නියම කරනු ලැබුවහොත් නුඹලා සටන් නොකර සිටීමට සිතන්නෙහු ද? යැයි ඔහු ඇසීය. අප ව අපගේ නිවෙස් වලින් හා අපගේ දරුවන්ගෙන් අපව බැහැර කරනු ලැබ සිටිය දී අප අල්ලාහ්ගේ මාර්ගයේ සටන් නොවදින්නට අපට කුමක් වීදැයි ඔවුහු ඇසූහ. නමුත් සටන් කිරීම ඔවුනට නියම කරනු ලැබූ කල්හි ඔවුන් අතුරින් කිහිප දෙනකු හැර (අන් අය) පිටුපෑවෝය. තවද අල්ලාහ් අපරාධරකරුවන් පිළිබඳ ව සර්ව ඥානීය.
247وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ اللَّهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًا ۚ قَالُوا أَنَّىٰ يَكُونُ لَهُ الْمُلْكُ عَلَيْنَا وَنَحْنُ أَحَقُّ بِالْمُلْكِ مِنْهُ وَلَمْ يُؤْتَ سَعَةً مِّنَ الْمَالِ ۚ قَالَ إِنَّ اللَّهَ اصْطَفَاهُ عَلَيْكُمْ وَزَادَهُ بَسْطَةً فِي الْعِلْمِ وَالْجِسْمِ ۖ وَاللَّهُ يُؤْتِي مُلْكَهُ مَن يَشَاءُ ۚ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ
තවද සැබැවින් ම අල්ලාහ් තාලූත් ව නුඹලාට රජෙකු ලෙස එවා ඇත්තේ යැයි ඔවුන්ගේ නබිවරයා ඔවුනට පැවසුවේය. අප ඔහුට වඩා පාලනය සමබන්ධයෙන් සුදුස්සන් ව සිටිය දී හා ධනයෙන් කිසිදු සමෘද්ධියක් ඔහුට දෙනු නොලැබ තිබිය දී අප පාලනය කිරීම ඔහුට කෙසේ නම් හැකි වේ දැයි ඔවුහු ඇසූහ. සැබැවින් ම අල්ලාහ් නුඹලා වෙත ඔහු තෝරා ගෙන ඇත්තේය. තවද දැනුමෙහි හා ශරීරයෙහි පුළුල් භාවය ඔහුට අමතර ව ලබා දී ඇත්තේය. තවද අල්ලාහ් ඔහු අභිමත කරන අයට තම පාලනය පිරිනමන්නේය. තවද අල්ලාහ් සර්ව ව්‍යාපක ය; සර්ව ඥානී ය.
අල්-බකරාකුර්ආන් දර්ශකය
286ආයාත්
MedinanRevelation
245ආයාත්
පරිවර්තනය — අල්-බකරා 245
සූරා අල්-බකරා ආයාත් 245 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : කවරෙකු අල්ලාහ්ට අලංකාර ණයක් ලබා දෙන්නෙකු වන්නේ ද එවිට ඔහු…සූරා ආයාත් 245/286 — අල්-බකරා البقرة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-බකරා අසන්න, අල්-බකරා පරිවර්තනය, අල්-බකරා mp3, අල්-බකරා pdf. ආයාත් 243–247. සිංහලෙන්: தமிழ்.
العربية
English
Bahasa Indonesia
Türkçe
Русский
فارسی
Français
اردو
বাংলা
Deutsch
Español
中文
हिन्दी
Português
Italiano
ภาษาไทย
Polski
Nederlands
Shqip
Kiswahili
O'zbek
தமிழ்
Melayu
Bosanski
Soomaali
Azərbaycan
کوردی
한국어
日本語
Svenska
Dansk
Norsk
پښتو
മലയാളം
සිංහල
Tamazight
Hausa
አማርኛ
Български
Тоҷикӣ
Қазақша
Filipino
سنڌي
Yorùbá
Fulfulde
Татарча
ئۇيغۇرچە
Кыргызча
ਪੰਜਾਬੀ
Jawa
తెలుగు
မြန်မာ
ગુજરાતી
Oromo
मराठी
Tiếng Việt
Malagasy
Нохчийн
Wolof
ދިވެހި
ಕನ್ನಡ
Українська
Ελληνικά
ქართული
ខ្មែរ
دری
Qafar af
Maranao
नेपाली
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers








