අල්-කසස් · 25/88
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කසස්
فَجَاءَتْهُ إِحْدَاهُمَا تَمْشِي عَلَى اسْتِحْيَاءٍ قَالَتْ إِنَّ أَبِي يَدْعُوكَ لِيَجْزِيَكَ أَجْرَ مَا سَقَيْتَ لَنَا ۚ فَلَمَّا جَاءَهُ وَقَصَّ عَلَيْهِ الْقَصَصَ قَالَ لَا تَخَفْ ۖ نَجَوْتَ مِنَ الْقَوْمِ الظَّالِمِينَ ۝٢٥
Fajaaa`at hu ihdaahumaa tamshee `alas tihyaaa`in qaalat inna abee yad`ooka li yajziyaka ajra maa saqaita lanaa; falammaa jaaa`ahoo wa qassa `alaihil qasasa qaala laa takhaf najawta minal qawmiz zaalimeen
📖 සිංහලෙන්
ඔවුන් දෙදෙනාගෙන් එකියක ලැජ්ජාවෙන් යුතු ව ගමන් කරමින් පැමිණ නියත වශයෙන්ම අප වෙත ඔබ ජලය සැපයූ දෑ සඳහා කුලිය ඔබට පිරිනමනු පිණිස මාගේ පියාණන් ඔබට ආරාධනා කරන්නේ යැයි පැවසුවාය. එවිට ඔහු ඔහුවෙත පැමිණි කල්හි (තමාගේ) කතාව ඔහු වෙත පැවසීය. ඔබ බිය නොවනු. අපරාධකාර ජනයාගෙන් ඔබ මිදුණෙහිය යැයි ඔහු පැවසීය.

🎧 අසන්න


📜 ආයාත් 23-27 — සූරා අල්-කසස්

23وَلَمَّا وَرَدَ مَاءَ مَدْيَنَ وَجَدَ عَلَيْهِ أُمَّةً مِّنَ النَّاسِ يَسْقُونَ وَوَجَدَ مِن دُونِهِمُ امْرَأَتَيْنِ تَذُودَانِ ۖ قَالَ مَا خَطْبُكُمَا ۖ قَالَتَا لَا نَسْقِي حَتَّىٰ يُصْدِرَ الرِّعَاءُ ۖ وَأَبُونَا شَيْخٌ كَبِيرٌ
තවද මද්යන්හි ජලාශයක් අසලට ඔහු පැමිණි කල්හි ජනයා අතරින් (තම ගොවිපළ සතුන්ට) ජලය සපයන ප්‍රජාවක් දුටුවේය. තවද ඔවුන් හැර (ඉන්) වැළකී සිටින කතුන් දෙදෙනකු ද ඔහු දුටුවේය. ඔබ දෙදෙනා අහකට වී සිටින්නේ ඇයි දැයි ඔහු විමසීය. මෙම එඬේරුන් පිට ව යන තෙක් අපට ජලය සැපයිය නොහැක. තවද අපගේ පියාණන් ඉතා වයෝවෘද්ධ කෙනෙකි යැයි ඔවුන් දෙදෙනා පැවසුවෝය.
24فَسَقَىٰ لَهُمَا ثُمَّ تَوَلَّىٰ إِلَى الظِّلِّ فَقَالَ رَبِّ إِنِّي لِمَا أَنزَلْتَ إِلَيَّ مِنْ خَيْرٍ فَقِيرٌ
එවිට ඔවුන් දෙදෙනාහට ඔහු(මූසා) ජලය සපයා පසු ව හෙවණ වෙත හැරී ගොස් ‘මාගේ පරමාධිපතියාණනි! ඔබ මා වෙත පහළ කළ යහපත කෙරෙහි සැබැවින්ම මම අවශ්යතා ඇත්තෙකු වෙමි’ යැයි ඔහු පැවසීය.
25فَجَاءَتْهُ إِحْدَاهُمَا تَمْشِي عَلَى اسْتِحْيَاءٍ قَالَتْ إِنَّ أَبِي يَدْعُوكَ لِيَجْزِيَكَ أَجْرَ مَا سَقَيْتَ لَنَا ۚ فَلَمَّا جَاءَهُ وَقَصَّ عَلَيْهِ الْقَصَصَ قَالَ لَا تَخَفْ ۖ نَجَوْتَ مِنَ الْقَوْمِ الظَّالِمِينَ
ඔවුන් දෙදෙනාගෙන් එකියක ලැජ්ජාවෙන් යුතු ව ගමන් කරමින් පැමිණ නියත වශයෙන්ම අප වෙත ඔබ ජලය සැපයූ දෑ සඳහා කුලිය ඔබට පිරිනමනු පිණිස මාගේ පියාණන් ඔබට ආරාධනා කරන්නේ යැයි පැවසුවාය. එවිට ඔහු ඔහුවෙත පැමිණි කල්හි (තමාගේ) කතාව ඔහු වෙත පැවසීය. ඔබ බිය නොවනු. අපරාධකාර ජනයාගෙන් ඔබ මිදුණෙහිය යැයි ඔහු පැවසීය.
26قَالَتْ إِحْدَاهُمَا يَا أَبَتِ اسْتَأْجِرْهُ ۖ إِنَّ خَيْرَ مَنِ اسْتَأْجَرْتَ الْقَوِيُّ الْأَمِينُ
මාගේ පියාණනි! ඔබ මොහු කුලී කරුවකු බවට පත් කර ගනු. ඔබ කුලී කරුවකු බවට පත් කර ගන්නන්ගෙන් ශ්රේෂ්ඨ වනුයේ විශ්වාසනීය බලවත් අයකි යැයි ඔවුන් දෙදෙනාගෙන් එකියක පැවසුවාය.
27قَالَ إِنِّي أُرِيدُ أَنْ أُنكِحَكَ إِحْدَى ابْنَتَيَّ هَاتَيْنِ عَلَىٰ أَن تَأْجُرَنِي ثَمَانِيَ حِجَجٍ ۖ فَإِنْ أَتْمَمْتَ عَشْرًا فَمِنْ عِندِكَ ۖ وَمَا أُرِيدُ أَنْ أَشُقَّ عَلَيْكَ ۚ سَتَجِدُنِي إِن شَاءَ اللَّهُ مِنَ الصَّالِحِينَ
වසර අටක් මට ඔබ කුලී සේවයේ නිරත වීමේ පදනම යටතේ මේ මාගේ දූවරුන් දෙදෙනාගෙන් එකියක ඔබට විවාහ කර දීමට නියත වශයෙන්ම මම අදහස් කරමි. නමුත් ඔබ වසර දහයක් සම්පූර්ණ කළෙහි නම් එය (විය යුත්තේ) ඔබේ කැමැත්ත අනුවය. මම ඔබ දුෂ්කරතාවට පත් කිරීමට ප්රිය නොකරමි. අල්ලාහ් අභිමත කළේ නම් දැහැමියන් අතරින් කෙනෙකු ලෙසින් ඔබ මා දකිනු ඇතැයි ඔහු(පියා) පැවසීය.
අල්-කසස්කුර්ආන් දර්ශකය
88ආයාත්
MeccanRevelation
25ආයාත්

පරිවර්තනය — අල්-කසස් 25

සූරා අල්-කසස් ආයාත් 25 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔවුන් දෙදෙනාගෙන් එකියක ලැජ්ජාවෙන් යුතු ව ගමන් කරමින් පැමිණ නියත…

සූරා ආයාත් 25/88 — සූරා අල්-කසස් القصص (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කසස් අසන්න, සූරා අල්-කසස් පරිවර්තනය, සූරා අල්-කසස් mp3, සූරා අල්-කසස් pdf. ආයාත් 23–27. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers