ආල්-ඉම්රාන් · 78/200
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — ආල්-ඉම්රාන්
وَإِنَّ مِنْهُمْ لَفَرِيقًا يَلْوُونَ أَلْسِنَتَهُم بِالْكِتَابِ لِتَحْسَبُوهُ مِنَ الْكِتَابِ وَمَا هُوَ مِنَ الْكِتَابِ وَيَقُولُونَ هُوَ مِنْ عِندِ اللَّهِ وَمَا هُوَ مِنْ عِندِ اللَّهِ وَيَقُولُونَ عَلَى اللَّهِ الْكَذِبَ وَهُمْ يَعْلَمُونَ ٧٨
Transliteration
Wa inna minhum lafaree qany yalwoona alsinatahum bil Kitaabi litahsaboohu minal Kitaab, wa maa huwa minal Kitaabi wa yaqooloon huwa min `indillaahi wa maa huwa min `indillaahi wa yaqooloona `alal laahil kaziba wa hum ya`lamoon
පරිවර්තනය (සිංහලෙන්)
📖 සිංහලෙන්
තවද නියත වශයෙන් ම ඔවුන් අතරින් තවත් පිරිසක් ද වෙති. ඔවුහු ධර්ම ග්‍රන්ථය දිවවල් හරවමින් කියවති. එය, ධර්ම ග්‍රන්ථයේ දෙයක් බව නුඹලා සිතනු පිණිසය. නමුත් එය ධර්ම ග්‍රන්ථයෙන් නොවෙයි. එමෙන් ම එය අල්ලාහ් වෙතින් යැයි පවසති. එහෙත් එය අල්ලාහ් වෙතින් ද නොවෙයි. තවද ඔවුහු දැනුවත් ව ම අල්ලාහ් කෙරෙහි බොරු ගොතා පවසති.
Additional reference in தமிழ்
🎧 අසන්න
📜 ආයාත් 76-80 — ආල්-ඉම්රාන්
76بَلَىٰ مَنْ أَوْفَىٰ بِعَهْدِهِ وَاتَّقَىٰ فَإِنَّ اللَّهَ يُحِبُّ الْمُتَّقِينَ
එසේ නොව කවරෙකු තම ගිවිසුම ඉටු කර බැතිමත් වූයේ ද සැබැවින් ම අල්ලාහ් බැතිමත් අය ව ප්‍රිය කරන්නේය.
77إِنَّ الَّذِينَ يَشْتَرُونَ بِعَهْدِ اللَّهِ وَأَيْمَانِهِمْ ثَمَنًا قَلِيلًا أُولَٰئِكَ لَا خَلَاقَ لَهُمْ فِي الْآخِرَةِ وَلَا يُكَلِّمُهُمُ اللَّهُ وَلَا يَنظُرُ إِلَيْهِمْ يَوْمَ الْقِيَامَةِ وَلَا يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
සැබැවින් ම අල්ලාහ්ගේ ගිවිසුම ද ඔවුන්ගේ දිවුරුම් ද සුළු මිලකට විකුණන්නන් වනාහි මතු ලොවෙහි කිසිදු කොටසක් නොලබනුයේ ඔවුහුමය. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී අල්ලාහ් ඔවුන් සමඟ කතා නොකරයි. ඔවුන් දෙස නොබලයි. තවද ඔවුන් ව පිවිතුරු නොකරයි. ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත.
78وَإِنَّ مِنْهُمْ لَفَرِيقًا يَلْوُونَ أَلْسِنَتَهُم بِالْكِتَابِ لِتَحْسَبُوهُ مِنَ الْكِتَابِ وَمَا هُوَ مِنَ الْكِتَابِ وَيَقُولُونَ هُوَ مِنْ عِندِ اللَّهِ وَمَا هُوَ مِنْ عِندِ اللَّهِ وَيَقُولُونَ عَلَى اللَّهِ الْكَذِبَ وَهُمْ يَعْلَمُونَ
තවද නියත වශයෙන් ම ඔවුන් අතරින් තවත් පිරිසක් ද වෙති. ඔවුහු ධර්ම ග්‍රන්ථය දිවවල් හරවමින් කියවති. එය, ධර්ම ග්‍රන්ථයේ දෙයක් බව නුඹලා සිතනු පිණිසය. නමුත් එය ධර්ම ග්‍රන්ථයෙන් නොවෙයි. එමෙන් ම එය අල්ලාහ් වෙතින් යැයි පවසති. එහෙත් එය අල්ලාහ් වෙතින් ද නොවෙයි. තවද ඔවුහු දැනුවත් ව ම අල්ලාහ් කෙරෙහි බොරු ගොතා පවසති.
79مَا كَانَ لِبَشَرٍ أَن يُؤْتِيَهُ اللَّهُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ ثُمَّ يَقُولَ لِلنَّاسِ كُونُوا عِبَادًا لِّي مِن دُونِ اللَّهِ وَلَٰكِن كُونُوا رَبَّانِيِّينَ بِمَا كُنتُمْ تُعَلِّمُونَ الْكِتَابَ وَبِمَا كُنتُمْ تَدْرُسُونَ
කෙනෙකුට ධර්ම ග්‍රන්ථය ද ප්‍රඥාව ද නබිත්වය ද පිරිනමා තිබියදී, ඉන් අනතුරු ව අල්ලාහ්ව හැර දමා මටම දාසයින් වී සිටිනු යැයි ජනයාට පැවසීමට කිසිදු මිනිසෙකුට බලයක් නැත. එහෙත් දේව ග්‍රන්ථය නුඹලා උගන්වමින් සිටින බැවින් ද නුඹලා ඉගෙන ගනිමින් සිටින බැවින් ද නුඹලා ගැඹුරු ප්‍රඥාවෙන් යුත් විද්වතුන් වනු. (යැයි ඔහු පවසනු ඇත)
80وَلَا يَأْمُرَكُمْ أَن تَتَّخِذُوا الْمَلَائِكَةَ وَالنَّبِيِّينَ أَرْبَابًا ۗ أَيَأْمُرُكُم بِالْكُفْرِ بَعْدَ إِذْ أَنتُم مُّسْلِمُونَ
තවද නුඹලා මලක්වරුන් ව හා නබිවරුන් දෙවිවරුන් ලෙස ගැනීමට ඔහු නුඹලාට නියෝග නොකරයි. නුඹලා මුස්ලිම්වරුන් බවට පත් වූ පසු දේව ප්‍රතික්ෂේපය ඔහු නුඹලාට අණ කරනු ඇත් ද?
ආල්-ඉම්රාන්කුර්ආන් දර්ශකය
200ආයාත්
MedinanRevelation
78ආයාත්
පරිවර්තනය — ආල්-ඉම්රාන් 78
සූරා ආල්-ඉම්රාන් ආයාත් 78 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද නියත වශයෙන් ම ඔවුන් අතරින් තවත් පිරිසක් ද වෙති.…සූරා ආයාත් 78/200 — ආල්-ඉම්රාන් آل عمران (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: ආල්-ඉම්රාන් අසන්න, ආල්-ඉම්රාන් පරිවර්තනය, ආල්-ඉම්රාන් mp3, ආල්-ඉම්රාන් pdf. ආයාත් 76–80. සිංහලෙන්: தமிழ்.
العربية
English
Bahasa Indonesia
Türkçe
Русский
فارسی
Français
اردو
বাংলা
Deutsch
Español
中文
हिन्दी
Português
Italiano
ภาษาไทย
Polski
Nederlands
Shqip
Kiswahili
O'zbek
தமிழ்
Melayu
Bosanski
Soomaali
Azərbaycan
کوردی
한국어
日本語
Svenska
Dansk
Norsk
پښتو
മലയാളം
සිංහල
Tamazight
Hausa
አማርኛ
Български
Тоҷикӣ
Қазақша
Filipino
سنڌي
Yorùbá
Fulfulde
Татарча
ئۇيغۇرچە
Кыргызча
ਪੰਜਾਬੀ
Jawa
తెలుగు
မြန်မာ
ગુજરાતી
Oromo
मराठी
Tiếng Việt
Malagasy
Нохчийн
Wolof
ދިވެހި
ಕನ್ನಡ
Українська
Ελληνικά
ქართული
ខ្មែរ
دری
Qafar af
Maranao
नेपाली
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers








