අල්-මාඉදා · 112/120
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මාඉදා
إِذْ قَالَ الْحَوَارِيُّونَ يَا عِيسَى ابْنَ مَرْيَمَ هَلْ يَسْتَطِيعُ رَبُّكَ أَن يُنَزِّلَ عَلَيْنَا مَائِدَةً مِّنَ السَّمَاءِ ۖ قَالَ اتَّقُوا اللَّهَ إِن كُنتُم مُّؤْمِنِينَ ۝١١٢
Iz qaalal hawaariyyoona yaa `Eesab na Maryama hal yastatee`u Rabbuka ai yunaz zila `alinaa maaa`idatam minas samaaa`i qaalat taqul laaha in kuntum mu`mineen
📖 සිංහලෙන්
අහෝ මර්යම්ගේ පුත් ඊසා! අහසින් ආහාර බන්දේසියක් අප වෙත පහළ කිරීමට නුඹගේ පරමාධිපතිට හැකියාව ඇත්තේදැ යි ගෝලයින් විමසා සිටි විට නුඹලා විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු යැයි ඔහු පවසා සිටි අවස්ථාව සිහිපත් කරනු.
🎧 අසන්න

📜 ආයාත් 110-114 — අල්-මාඉදා

110إِذْ قَالَ اللَّهُ يَا عِيسَى ابْنَ مَرْيَمَ اذْكُرْ نِعْمَتِي عَلَيْكَ وَعَلَىٰ وَالِدَتِكَ إِذْ أَيَّدتُّكَ بِرُوحِ الْقُدُسِ تُكَلِّمُ النَّاسَ فِي الْمَهْدِ وَكَهْلًا ۖ وَإِذْ عَلَّمْتُكَ الْكِتَابَ وَالْحِكْمَةَ وَالتَّوْرَاةَ وَالْإِنجِيلَ ۖ وَإِذْ تَخْلُقُ مِنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ بِإِذْنِي فَتَنفُخُ فِيهَا فَتَكُونُ طَيْرًا بِإِذْنِي ۖ وَتُبْرِئُ الْأَكْمَهَ وَالْأَبْرَصَ بِإِذْنِي ۖ وَإِذْ تُخْرِجُ الْمَوْتَىٰ بِإِذْنِي ۖ وَإِذْ كَفَفْتُ بَنِي إِسْرَائِيلَ عَنكَ إِذْ جِئْتَهُم بِالْبَيِّنَاتِ فَقَالَ الَّذِينَ كَفَرُوا مِنْهُمْ إِنْ هَٰذَا إِلَّا سِحْرٌ مُّبِينٌ
එවිට අල්ලාහ් මෙසේ පවසයි. අහෝ මර්යම්ගේ පුත් ඊසා! නුඹ වෙත හා නුඹගේ මව වෙත වූ මාගේ ආශිර්වාදය ගැන සිහිපත් කරනු. පාරිශුද්ධ ආත්මය තුළින් මම නුඹට උපකාර කළ අවස්ථාවද සිහිපත් කරනු. තොටිල්ලෙහි ද තරුණ වියෙහි ද ජනයා සමඟ නුඹ කතා කළෙහිය. තවද මම නුඹට ධර්මය ද ප්‍රඥාව ද තව්රාතය ද ඉන්ජීලය ද ඉගැන් වූ අවස්ථාව ද සිහිපත් කරනු. මාගේ අනුමැතියෙන් පක්ෂියකුගේ හැඩයක් සේ යමක් මැටියෙන් තනා ඒ තුළ නුඹ පිඹූ විට මාගේ අනුමැතියෙන් එය පක්ෂියකු බවට පත් වූ අවස්ථාවද සිහිපත් කරනු. තවද මාගේ අනුමැතියෙන් උපතින් අන්ධයාව ද ළාදුරු රෝගයද සුව කළෙහිය. මාගේ අනුමැතියෙන් මියගියවුන් නුඹ බැහැර කළ අවස්ථාව ද සිහිපත් කරනු. (එසේ) පැහැදිලි සාධක ඉස්රාඊල් දරුවන්ට නුඹ ගෙනැවිත් ඔවුන් අතරින් ප්‍රතික්ෂේප කළවුන් මෙය පැහැදිලි හූනියමක් මිස නැතැයි පැවසූ විට මා ඔවුන් ව ඔබගෙන් මැඩලූ අවස්ථාව ද සිහිපත් කරනු.
111وَإِذْ أَوْحَيْتُ إِلَى الْحَوَارِيِّينَ أَنْ آمِنُوا بِي وَبِرَسُولِي قَالُوا آمَنَّا وَاشْهَدْ بِأَنَّنَا مُسْلِمُونَ
මා හා මාගේ රසූල්වරයා ව විශ්වාස කරනු යැයි ගෝලයින් වෙත මා දන්වා සිටි විට ඔවුහු “අපි විශ්වාස කළෙමු. තවද සැබැවින්ම අප (අල්ලාහ්ට අවනත වූ) මුස්ලිම්වරු බව නුඹ සාක්ෂි දරනු” යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
112إِذْ قَالَ الْحَوَارِيُّونَ يَا عِيسَى ابْنَ مَرْيَمَ هَلْ يَسْتَطِيعُ رَبُّكَ أَن يُنَزِّلَ عَلَيْنَا مَائِدَةً مِّنَ السَّمَاءِ ۖ قَالَ اتَّقُوا اللَّهَ إِن كُنتُم مُّؤْمِنِينَ
අහෝ මර්යම්ගේ පුත් ඊසා! අහසින් ආහාර බන්දේසියක් අප වෙත පහළ කිරීමට නුඹගේ පරමාධිපතිට හැකියාව ඇත්තේදැ යි ගෝලයින් විමසා සිටි විට නුඹලා විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු යැයි ඔහු පවසා සිටි අවස්ථාව සිහිපත් කරනු.
113قَالُوا نُرِيدُ أَن نَّأْكُلَ مِنْهَا وَتَطْمَئِنَّ قُلُوبُنَا وَنَعْلَمَ أَن قَدْ صَدَقْتَنَا وَنَكُونَ عَلَيْهَا مِنَ الشَّاهِدِينَ
අපි එයින් අනුභව කොට අපගේ හදවත් සැනසුමට පත් වීමටත් ඔබ අපට සත්‍ය පවසා ඇති බවට අප හඳුනා; ඒ කෙරහි අපද සාක්ෂිකරුවන් අතරින් වීමටත් අපි කැමැත්තෙමු යි ඔවුහු පැවසූහ.
114قَالَ عِيسَى ابْنُ مَرْيَمَ اللَّهُمَّ رَبَّنَا أَنزِلْ عَلَيْنَا مَائِدَةً مِّنَ السَّمَاءِ تَكُونُ لَنَا عِيدًا لِّأَوَّلِنَا وَآخِرِنَا وَآيَةً مِّنكَ ۖ وَارْزُقْنَا وَأَنتَ خَيْرُ الرَّازِقِينَ
අහෝ අපගේ පරමාධිපතියාණනි! අප වෙත අහසින් ආහාර බන්දේසියක් පහළ කරනු මැනව! එය අපටත් අපට පෙර වූ අයටත් අපගෙන් පසුව පැමිණෙන්නන්ටත් සැමරුමක් වනු ඇත. තවද එය ඔබගෙන් වූ සාක්ෂියක් ද වනු ඇත. තවද අපව පෝෂණය කරනු මැනව! පෝෂණය කරන්නන්ගෙන් වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ ඔබම වේ යැයි මර්යම්ගේ පුත් ඊසා පැවසුවේය.
අල්-මාඉදාකුර්ආන් දර්ශකය
120ආයාත්
MedinanRevelation
112ආයාත්

පරිවර්තනය — අල්-මාඉදා 112

සූරා අල්-මාඉදා ආයාත් 112 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අහෝ මර්යම්ගේ පුත් ඊසා! අහසින් ආහාර බන්දේසියක් අප වෙත පහළ…

සූරා ආයාත් 112/120 — අල්-මාඉදා المائدة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මාඉදා අසන්න, අල්-මාඉදා පරිවර්තනය, අල්-මාඉදා mp3, අල්-මාඉදා pdf. ආයාත් 110–114. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers