وَاتَّبَعْتُ مِلَّةَ آبَائِي إِبْرَاهِيمَ وَإِسْحَاقَ وَيَعْقُوبَ ۚ مَا كَانَ لَنَا أَن نُّشْرِكَ بِاللَّهِ مِن شَيْءٍ ۚ ذَٰلِكَ مِن فَضْلِ اللَّهِ عَلَيْنَا وَعَلَى النَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَشْكُرُونَ ٣٨
🔤 Transliteration
Wattab`tu millata aabaaa`eee Ibraaheema wa Ishaaqa wa Ya`qoob; maa kaana lanaaa an nushrika billaahi min shai` zaalikamin fadlil laahi `alainaa wa `alan naasi wa laakinna aksaran naasi laa yashkuroon
📖 පරිවර්තනය (සිංහලෙන්)
📖 සිංහලෙන්
තවද මාගේ මුතුන්මිත්තන් වූ ඉබ්‍රාහීම, ඉස්හාක් හා යඃකූබ්ගේ පිළිවෙත මම අනුගමනය කරමි. කිසිවකින් අල්ලාහ්ට අප ආදේශ කිරීම අපට සුදුසු නොවීය. එය අප වෙත හා ජනයා වෙත වූ අල්ලාහ්ගේ භාග්‍යය අතරිනි. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නොවෙති.
🌐 Additional reference in தமிழ்
වචන අර්ථ: මිල්ල – ධර්මය, මාර්ගයආබාඊ – මගේ පියවරුන් (පූර්වජයන්)නුෂ්රික – අපි ආදේශ කරමු (හවුල්කරුවන් පත් කරමු)ෆද්ල් – භාග්‍යය, වරප්‍රසාදය, අනුග්රහයඅර්ථ නිරූපණය: යූසුෆ් (අලයිහිස්සලාම්) නබිතුමා සිරගෙදරදී තම සිර මිතුරන්ට මෙසේ පැවසීය: “මම මගේ පියවරුන් වන ඉබ්‍රාහීම්, ඉස්හාක් සහ යාකූබ් (ඔවුන් සැමට ශාන්තිය අත්වේවා!) අනුගමනය කළ ධර්මයම අනුගමනය කරමි. එනම්, අල්ලාහ්ව පමණක් නමස්කාර කිරීමේ ඒකදේවවාදී ධර්මයයි. අපට අල්ලාහ්ට කිසිදු ආදේශකයෙකු හවුල් කිරීම කිසිසේත් යෝග්‍ය නොවේ. මන්ද, අප නබිවරුන් වශයෙන් ශුද්ධවන්තයන් වන අතර, අප අල්ලාහ්ගේ ඒකත්වය පිළිබඳ පැහැදිලි දැනුමෙන් හා මඟ පෙන්වීමෙන් යුක්ත වූවෝ වෙමු.
මෙම ඒකදේවවාදය සහ එය පිළිගැනීමට ලැබුණු ඥානය අල්ලාහ් අපට සහ සියලු මනුෂ්‍යයන්ට කළ මහත් අනුග්‍රහයකි. එනම්, අල්ලාහ් අප නබිවරුන් තෝරාගෙන අප තුළින් මනුෂ්‍යයන්ට මඟ පෙන්වීම ලබා දීම ඔහුගේ අනුග්‍රහයකි. එහෙත්, බොහෝ මිනිසුන් මෙම අනුග්‍රහය අගය නොකරති. ඔවුන් අල්ලාහ්ගේ මෙම වරප්‍රසාදයට කෘතගුණ සලකනු වෙනුවට එය ප්‍රතික්ෂේප කරමින් ඔහුට ආදේශකයන් පත් කරති.
උපදේශාත්මක පාඩම්: නබිවරුන්ගේ ධර්මය එකමය — ඒ ඒකදේවවාදයයි. ඉබ්‍රාහීම්, ඉස්හාක්, යාකූබ් සහ යූසුෆ් යන සියලු නබිවරුන්ගේ මාර්ගය එකම එක දිව්‍ය මාර්ගයකි. ශිර්ක් (අල්ලාහ්ට ආදේශ කිරීම) යනු මහත් අපරාධයක් වන අතර, එයින් ඈත්ව සිටීම නබිවරුන්ගේ සහ ඔවුන් අනුගමනය කරන්නන්ගේ ලක්ෂණයයි. ඒකදේවවාදය යනු මිනිසාට ලැබුණු මහත්ම අනුග්‍රහයයි. එය අල්ලාහ් තම ගැතියන්ට ලබා දෙන විශිෂ්ටතම ත්‍යාගයකි. අල්ලාහ්ගේ අනුග්‍රහයන් අගය කිරීමට හා කෘතගුණ සැලකීමට අප ඉගෙන ගත යුතුය. කෘතගුණ නොදැනීම මිනිසුන්ගේ බොහෝ දෙනෙකුගේ දුර්වලකමකි. අපගේ මුතුන්මිත්තන්ගේ යහපත් ධර්ම මාර්ගය අනුගමනය කිරීම ගෞරවනීය ක්‍රියාවක් වන අතර, එය අපගේ අනන්‍යතාවයේ කොටසකි.
وَٱتَّبَعۡتُ مِلَّةَ ءَابَآءِيٓ إِبۡرَٰهِيمَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَۚ مَا كَانَ لَنَآ أَن نُّشۡرِكَ بِٱللَّهِ مِن شَيۡءٍۚ ذَٰلِكَ مِن فَضۡلِ ٱللَّهِ عَلَيۡنَا وَعَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَشۡكُرُونَ ٣٨
තවද මාගේ මුතුන්මිත්තන් වූ ඉබ්‍රාහීම, ඉස්හාක් හා යඃකූබ්ගේ පිළිවෙත මම අනුගමනය කරමි. කිසිවකින් අල්ලාහ්ට අප ආදේශ කිරීම අපට සුදුසු නොවීය. එය අප වෙත හා ජනයා වෙත වූ අල්ලාහ්ගේ භාග්‍යය අතරිනි. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නොවෙති.
🖼️ Save Image
🎬 Save Video
📜 ආයාත් 36-40 — සූරා යූසුෆ්
36 وَدَخَلَ مَعَهُ السِّجْنَ فَتَيَانِ ۖ قَالَ أَحَدُهُمَا إِنِّي أَرَانِي أَعْصِرُ خَمْرًا ۖ وَقَالَ الْآخَرُ إِنِّي أَرَانِي أَحْمِلُ فَوْقَ رَأْسِي خُبْزًا تَأْكُلُ الطَّيْرُ مِنْهُ ۖ نَبِّئْنَا بِتَأْوِيلِهِ ۖ إِنَّا نَرَاكَ مِنَ الْمُحْسِنِينَ
තවද ඔහු සමග සිරගෙයට තරුණයින් දෙදෙනෙකු ද ඇතුළු වූහ. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු සැබැවින්ම මම මත්පැන් පෙරනු මම මා ගැන සිහිනයක් දුටුවෙමි යැයි පැවසුවේය. තවද අනෙකා සැබැවින්ම මම ද මාගේ හිසට ඉහළින් මා රොටියක් උසුලමින් සිටියෙමි. පක්ෂියකු ඉන් අනුභව කරනු මම මා ගැන සිහිනයක් දුටුවෙමි යැයි පැවසුවේය. එහි යථාර්ථය ඔබ අපට දන්වා සිටිනු. සැබැවින්ම අපි ඔබ ව දැහැමියන් අතරින් දකිමු (යැයි තවදුරටත් පවසා සිටියහ.)
37 قَالَ لَا يَأْتِيكُمَا طَعَامٌ تُرْزَقَانِهِ إِلَّا نَبَّأْتُكُمَا بِتَأْوِيلِهِ قَبْلَ أَن يَأْتِيَكُمَا ۚ ذَٰلِكُمَا مِمَّا عَلَّمَنِي رَبِّي ۚ إِنِّي تَرَكْتُ مِلَّةَ قَوْمٍ لَّا يُؤْمِنُونَ بِاللَّهِ وَهُم بِالْآخِرَةِ هُمْ كَافِرُونَ
නුඹලා දෙදෙනාට පෝෂණය වශයෙන් දෙනු ලබන ආහාර නුඹලා වෙත නොපැමිණි නමුත් නුඹලා දෙදෙනාට එය පැමිණීමට පෙර එහි යථාර්ථය නුඹලා දෙදෙනාට දන්වමි යැයි ඔහු පැවසුවේය. එය මාගේ පරමාධිපති මට ඉගැන්වූ දැයිනි. අල්ලාහ් ව විශ්වාස නොකරන ජනයාගේ පිළිවෙත මම අත හැරියෙමි. තවද ඔවුහු පරමාන්ත දිනය පිළිබඳ ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.
38 وَاتَّبَعْتُ مِلَّةَ آبَائِي إِبْرَاهِيمَ وَإِسْحَاقَ وَيَعْقُوبَ ۚ مَا كَانَ لَنَا أَن نُّشْرِكَ بِاللَّهِ مِن شَيْءٍ ۚ ذَٰلِكَ مِن فَضْلِ اللَّهِ عَلَيْنَا وَعَلَى النَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَشْكُرُونَ
තවද මාගේ මුතුන්මිත්තන් වූ ඉබ්‍රාහීම, ඉස්හාක් හා යඃකූබ්ගේ පිළිවෙත මම අනුගමනය කරමි. කිසිවකින් අල්ලාහ්ට අප ආදේශ කිරීම අපට සුදුසු නොවීය. එය අප වෙත හා ජනයා වෙත වූ අල්ලාහ්ගේ භාග්‍යය අතරිනි. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නොවෙති.
39 يَا صَاحِبَيِ السِّجْنِ أَأَرْبَابٌ مُّتَفَرِّقُونَ خَيْرٌ أَمِ اللَّهُ الْوَاحِدُ الْقَهَّارُ
අහෝ මාගේ මිතුරු සිරකරුවන් දෙදෙන! උතුම් වනුයේ (වෙන් වෙන් ව සිටින) විවිධ දෙවිවරුන් ද එසේ නැතහොත් බලපරාක්‍රමයාණන් වූ එකම දෙවිඳුන් අල්ලාහ් ද?
40 مَا تَعْبُدُونَ مِن دُونِهِ إِلَّا أَسْمَاءً سَمَّيْتُمُوهَا أَنتُمْ وَآبَاؤُكُم مَّا أَنزَلَ اللَّهُ بِهَا مِن سُلْطَانٍ ۚ إِنِ الْحُكْمُ إِلَّا لِلَّهِ ۚ أَمَرَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
ඔහු හැර දමා නුඹලා නැමදුම් කරන දෑ නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් විසින් ඒවාට නම් තැබූ නාමයන් මිස වෙනකක් නැත. අල්ලාහ් ඒ පිළිබඳ ව කිසිදු සාධකයක් පහළ කළේ නැත. තීන්දු කිරීම අල්ලාහ්ට මිස වෙනත් කිසිවකුව නැත. නුඹලා ඔහුට පමණක් මිස වෙනත් කිසිවකුට නැමදුම් නොකළ යුතු බවට ඔහු අණ කළේය. එයයි ඍජු දහම වනුයේ. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
පරිවර්තනය — යූසුෆ් 38 සූරා යූසුෆ් ආයාත් 38 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද මාගේ මුතුන්මිත්තන් වූ ඉබ්‍රාහීම, ඉස්හාක් හා යඃකූබ්ගේ පිළිවෙත මම…
සූරා ආයාත් 38/111 — සූරා යූසුෆ් يوسف (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා යූසුෆ් අසන්න, සූරා යූසුෆ් පරිවර්තනය, සූරා යූසුෆ් mp3, සූරා යූසුෆ් pdf. ආයාත් 36–40. සිංහලෙන්: தமிழ்.