අන්-නහ්ල් · 80/128
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අන්-නහ්ල්
وَاللَّهُ جَعَلَ لَكُم مِّن بُيُوتِكُمْ سَكَنًا وَجَعَلَ لَكُم مِّن جُلُودِ الْأَنْعَامِ بُيُوتًا تَسْتَخِفُّونَهَا يَوْمَ ظَعْنِكُمْ وَيَوْمَ إِقَامَتِكُمْ ۙ وَمِنْ أَصْوَافِهَا وَأَوْبَارِهَا وَأَشْعَارِهَا أَثَاثًا وَمَتَاعًا إِلَىٰ حِينٍ ۝٨٠
Wallaahu ja`ala lakum min juloodil an`aami buyootan tastakhif foonahaa yawma za`nikum wa yawma iqaamatikum wa min aswaafihaa wa awbaarihaa wa ash`aarihaaa asaasanw wa mataa`an ilaa been
📖 සිංහලෙන්
තවද නුඹලාගේ නිවෙස් තුළින් නුඹලාට සෙවණක් අල්ලාහ් නුඹලාට ඇති කළේය. තවද නුඹලා ගමන් බිමන් යන දිනක හෝ නුඹලා නැවතී සිටින දිනක එය (රැගෙන යාමට) නුඹලාට පහසු වන නවාතැන් ගොවිපළ සතුන්ගේ සමින් නුඹලාට ඇති කළේය. තවද උන්ගේ බැටළු රෝම වලින් ද එළු රෝම වලින් ද ඔටු රෝම වලින් ද භාණ්ඩ හා මද කලකට භුක්ති විඳීමක් ද (ඇති කළේය.)
🎧 අසන්න

📜 ආයාත් 78-82 — අන්-නහ්ල්

78وَاللَّهُ أَخْرَجَكُم مِّن بُطُونِ أُمَّهَاتِكُمْ لَا تَعْلَمُونَ شَيْئًا وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۙ لَعَلَّكُمْ تَشْكُرُونَ
තවද නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළින් නුඹලා කිසිවක් නොදැන සිටි තත්ත්වයේ නුඹලා ව බැහැර කළේ අල්ලාහ්ය. තවද ඔහු නුඹලාට ශ්‍රවණය ද බැල්ම ද හදවත් ද ඇති කළේය. නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස.
79أَلَمْ يَرَوْا إِلَى الطَّيْرِ مُسَخَّرَاتٍ فِي جَوِّ السَّمَاءِ مَا يُمْسِكُهُنَّ إِلَّا اللَّهُ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ
අහස් ගැබෙහි වසඟ කරනු ලැබූ පක්ෂීන් දෙස ඔවුහු නොබැලුවෝ ද? අල්ලාහ් හැර වෙනත් කිසිවකු උන් රඳවා තබන්නේ නැත. නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කරන ජනයාට එහි සංඥා ඇත.
80وَاللَّهُ جَعَلَ لَكُم مِّن بُيُوتِكُمْ سَكَنًا وَجَعَلَ لَكُم مِّن جُلُودِ الْأَنْعَامِ بُيُوتًا تَسْتَخِفُّونَهَا يَوْمَ ظَعْنِكُمْ وَيَوْمَ إِقَامَتِكُمْ ۙ وَمِنْ أَصْوَافِهَا وَأَوْبَارِهَا وَأَشْعَارِهَا أَثَاثًا وَمَتَاعًا إِلَىٰ حِينٍ
තවද නුඹලාගේ නිවෙස් තුළින් නුඹලාට සෙවණක් අල්ලාහ් නුඹලාට ඇති කළේය. තවද නුඹලා ගමන් බිමන් යන දිනක හෝ නුඹලා නැවතී සිටින දිනක එය (රැගෙන යාමට) නුඹලාට පහසු වන නවාතැන් ගොවිපළ සතුන්ගේ සමින් නුඹලාට ඇති කළේය. තවද උන්ගේ බැටළු රෝම වලින් ද එළු රෝම වලින් ද ඔටු රෝම වලින් ද භාණ්ඩ හා මද කලකට භුක්ති විඳීමක් ද (ඇති කළේය.)
81وَاللَّهُ جَعَلَ لَكُم مِّمَّا خَلَقَ ظِلَالًا وَجَعَلَ لَكُم مِّنَ الْجِبَالِ أَكْنَانًا وَجَعَلَ لَكُمْ سَرَابِيلَ تَقِيكُمُ الْحَرَّ وَسَرَابِيلَ تَقِيكُم بَأْسَكُمْ ۚ كَذَٰلِكَ يُتِمُّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تُسْلِمُونَ
තවද අල්ලාහ් තමන් මැවූ දැයින් නුඹලාට සෙවණ ඇති කළේය. තවද ඔහු නුඹලාට කඳුවල ලෙන් ද ඇති කළේය. උණුසුමින් නුඹලා ව ආරක්ෂා කරන කබා හා (යුද්ධයේ දී) නුඹලාට ඇති වන අනතුරු වලින් ආරක්ෂා කරන කබා ද ඔහු නුඹලාට ඇති කළේය. එලෙස නුඹලා යටහත් විය හැකි වනු පිණිස ඔහු ඔහුගේ ආශිර්වාදය නුඹලාට සම්පූර්ණ කරන්නේය.
82فَإِن تَوَلَّوْا فَإِنَّمَا عَلَيْكَ الْبَلَاغُ الْمُبِينُ
නමුත් ඔවුහු පිටුපෑවෙහු නම් එවිට නියත වශයෙන්ම නුඹ වෙත පැවරෙනුයේ (ඔවුනට) පැහැදිලි ව දන්වා සිටීම පමණි.
අන්-නහ්ල්කුර්ආන් දර්ශකය
128ආයාත්
MeccanRevelation
80ආයාත්

පරිවර්තනය — අන්-නහ්ල් 80

සූරා අන්-නහ්ල් ආයාත් 80 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද නුඹලාගේ නිවෙස් තුළින් නුඹලාට සෙවණක් අල්ලාහ් නුඹලාට ඇති කළේය.…

සූරා ආයාත් 80/128 — අන්-නහ්ල් النحل (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අන්-නහ්ල් අසන්න, අන්-නහ්ල් පරිවර්තනය, අන්-නහ්ල් mp3, අන්-නහ්ල් pdf. ආයාත් 78–82. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers