අල්-ඉස්රා · 22/111
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-ඉස්රා
لَّا تَجْعَلْ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ فَتَقْعُدَ مَذْمُومًا مَّخْذُولًا ۝٢٢
Laa taj`al ma`al laahi ilaahan aakhara fataq`uda mazoomam makhzoolaa
📖 සිංහලෙන්
අල්ලාහ් සමග වෙනත් දෙවියකු නොගනු. එසේ කළහොත් නුඹ නින්දාවටත් අසරණ බවටත් පත්වනු ඇත.
🎧 අසන්න

📜 ආයාත් 20-24 — අල්-ඉස්රා

20كُلًّا نُّمِدُّ هَٰؤُلَاءِ وَهَٰؤُلَاءِ مِنْ عَطَاءِ رَبِّكَ ۚ وَمَا كَانَ عَطَاءُ رَبِّكَ مَحْظُورًا
මෙලොව පතන) ඔවුන් හා (මතුලොව පතන) මොවුන් යන සියල්ලන්ටම නුඹගේ පරමාධිපතිගේ ප්‍රසාදයෙන් අපි පිරිනමන්නෙමු. නුඹගේ පරමාධිපතිගේ අනුග්‍රහය වළක්වනු ලබන්නක් නොවීය.
21انظُرْ كَيْفَ فَضَّلْنَا بَعْضَهُمْ عَلَىٰ بَعْضٍ ۚ وَلَلْآخِرَةُ أَكْبَرُ دَرَجَاتٍ وَأَكْبَرُ تَفْضِيلًا
ඔවුන්ගෙන් ඇතැමෙකු ව ඇතැමෙකුට වඩා අපි උසස් කළේ කෙසේ දැයි නුඹ අධීක්ෂණය කරනු. තවද මතුලොව තරාතිරම් වලින් අති මහත්ය. එමෙන්ම මහිමයට පත් කිරීමෙන් ද අති මහත්ය.
22لَّا تَجْعَلْ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ فَتَقْعُدَ مَذْمُومًا مَّخْذُولًا
අල්ලාහ් සමග වෙනත් දෙවියකු නොගනු. එසේ කළහොත් නුඹ නින්දාවටත් අසරණ බවටත් පත්වනු ඇත.
23۞ وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا ۚ إِمَّا يَبْلُغَنَّ عِندَكَ الْكِبَرَ أَحَدُهُمَا أَوْ كِلَاهُمَا فَلَا تَقُل لَّهُمَا أُفٍّ وَلَا تَنْهَرْهُمَا وَقُل لَّهُمَا قَوْلًا كَرِيمًا
නුඹලා ඔහුට පමණක් මිස වෙනත් කිසිවකුට නැමදුම් නොකළ යුතු බවටත්, දෙමාපියන්ට උපකාර කළ යුතු බවටත් නුඹගේ පරමාධිපති නියම කළේය. නුඹ ළඟ ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ දෙදෙනාම හෝ මහලු වියට පත් වූයේ නම් ඔවුන් දෙදෙනාට උෆ් (චී) යැයි (නොමනා වචන) නොපවසනු. තවද ඔවුන් දෙදෙනාව පලවා නොහරිනු. ඔවුන් දෙදෙනා ගෞරවනීය වදනින් අමතනු.
24وَاخْفِضْ لَهُمَا جَنَاحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ وَقُل رَّبِّ ارْحَمْهُمَا كَمَا رَبَّيَانِي صَغِيرًا
කරුණාවෙන් යුත් මෘදු පියාපත් ඔවුන් දෙදෙනාට නුඹ පහත් කරනු. තවද මාගේ පරමාධිපතියණනි! ඔවුන් දෙදෙනා මා කුඩා අවදියේ හදාවඩා ගත්තාක් මෙන් ඔවුන් දෙදෙනාට ද කරුණා කරනු මැනව!
අල්-ඉස්රාකුර්ආන් දර්ශකය
111ආයාත්
MeccanRevelation
22ආයාත්

පරිවර්තනය — අල්-ඉස්රා 22

සූරා අල්-ඉස්රා ආයාත් 22 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අල්ලාහ් සමග වෙනත් දෙවියකු නොගනු. එසේ කළහොත් නුඹ නින්දාවටත් අසරණ…

සූරා ආයාත් 22/111 — අල්-ඉස්රා الإسراء (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-ඉස්රා අසන්න, අල්-ඉස්රා පරිවර්තනය, අල්-ඉස්රා mp3, අල්-ඉස්රා pdf. ආයාත් 20–24. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers