ආල්-ඉම්රාන් · 182/200
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා ආල්-ඉම්රාන්
ذَٰلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ اللَّهَ لَيْسَ بِظَلَّامٍ لِّلْعَبِيدِ ۝١٨٢
Zaalika bimaa qaddamat aideekum wa annal laaha laisa bizallaamil lil`abeed
📖 සිංහලෙන්
මෙය නුඹලාගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙනි. තවද නියත වශයෙන්ම අල්ලාහ් ගැත්තන් හට (කිසිදු අයුරින්) අරපාධ කරන්නෙක් නොවේ.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 180-184 — සූරා ආල්-ඉම්රාන්

180وَلَا يَحْسَبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آتَاهُمُ اللَّهُ مِن فَضْلِهِ هُوَ خَيْرًا لَّهُم ۖ بَلْ هُوَ شَرٌّ لَّهُمْ ۖ سَيُطَوَّقُونَ مَا بَخِلُوا بِهِ يَوْمَ الْقِيَامَةِ ۗ وَلِلَّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
අල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳ මසුරු වන්නන්, එය (එසේ මසුරු වීම) තමන්ට යහපතක් යැයි නොසිතිය යුතුය. නමුත් එය ඔවුනට නපුරු ය. ඔවුහු කවර දෙයක් පිළිබඳ මසුරු වූයේ ද එමඟින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් හට ගෙල මාල පලඳවනු ලබන්නේය. තවද අහස් හි හා මහපොළොවේ උරුමය අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥානවන්ත ය.
181لَّقَدْ سَمِعَ اللَّهُ قَوْلَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ فَقِيرٌ وَنَحْنُ أَغْنِيَاءُ ۘ سَنَكْتُبُ مَا قَالُوا وَقَتْلَهُمُ الْأَنبِيَاءَ بِغَيْرِ حَقٍّ وَنَقُولُ ذُوقُوا عَذَابَ الْحَرِيقِ
සැබැවින් ම අල්ලාහ් දිළිඳු ය. තවද අපි පොහොසත්හු වෙමු යැයි පැවසූ අයගේ ප්‍රකාශයට සැබැවින් ම අල්ලාහ් සවන් දුන්නේය. ඔවුන් පැවසූ දෑ ද යුක්තියකින් තොර ව නබි වරුන් ව ඔවුන් ඝාතනය කිරීම ද අපි සටහන් කර ගන්නෙමු. තවද නුඹලා පිලිස්සෙන දඬුවම භුක්ති විඳිනු යැයි අපි (විනිශ්චය දිනයේදී) පවසන්නෙමු.
182ذَٰلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ اللَّهَ لَيْسَ بِظَلَّامٍ لِّلْعَبِيدِ
මෙය නුඹලාගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙනි. තවද නියත වශයෙන්ම අල්ලාහ් ගැත්තන් හට (කිසිදු අයුරින්) අරපාධ කරන්නෙක් නොවේ.
183الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ عَهِدَ إِلَيْنَا أَلَّا نُؤْمِنَ لِرَسُولٍ حَتَّىٰ يَأْتِيَنَا بِقُرْبَانٍ تَأْكُلُهُ النَّارُ ۗ قُلْ قَدْ جَاءَكُمْ رُسُلٌ مِّن قَبْلِي بِالْبَيِّنَاتِ وَبِالَّذِي قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوهُمْ إِن كُنتُمْ صَادِقِينَ
ඔවුහු වනාහි කුර්බානයක් (කැපයක්) අප වෙත රැගෙන විත් ගින්න එය ගිල දමන තෙක් කිසිදු ධර්ම දූතයෙකු ව අප විශ්වාස නොකරන්නෙමු යැයි අල්ලාහ් අප සමග ගිවිසගෙන ඇතැයි පැවසුවෝය. මට පෙර ද පැහැදිලි සාධක සමඟ හා නුඹලා පවසා සිටි දෑ සමඟ ධර්ම දූතයෝ නුඹලා වෙත පැමිණියහ. එසේ නුඹලා සත්‍යවාදීන් නම් නුඹලා ඔවුන් ඝාතනය කළේ මන්දැ යි අසනු.
184فَإِن كَذَّبُوكَ فَقَدْ كُذِّبَ رُسُلٌ مِّن قَبْلِكَ جَاءُوا بِالْبَيِّنَاتِ وَالزُّبُرِ وَالْكِتَابِ الْمُنِيرِ
එසේ නුඹ ව ඔවුන් බොරු කළේ නම් එවිට (දැන ගනු), නුඹට පෙර පැහැදිලි සාධක සමඟ ද ලේඛන හා ආලෝකමත් ධර්ම ග්‍රන්ථ සමඟ ද පැමිණි රසූල්වරු ද නියත වශයෙන් ම බොරු කරනු ලැබූහ.
ආල්-ඉම්රාන්කුර්ආන් දර්ශකය
200ආයාත්
MedinanRevelation
182ආයාත්

පරිවර්තනය — ආල්-ඉම්රාන් 182

සූරා ආල්-ඉම්රාන් ආයාත් 182 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : මෙය නුඹලාගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙනි. තවද නියත වශයෙන්ම…

සූරා ආයාත් 182/200 — සූරා ආල්-ඉම්රාන් آل عمران (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා ආල්-ඉම්රාන් අසන්න, සූරා ආල්-ඉම්රාන් පරිවර්තනය, සූරා ආල්-ඉම්රාන් mp3, සූරා ආල්-ඉම්රාන් pdf. ආයාත් 180–184. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers