ආල්-ඉම්රාන් · 71/200
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — ආල්-ඉම්රාන්
يَا أَهْلَ الْكِتَابِ لِمَ تَلْبِسُونَ الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُونَ الْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ ۝٧١
Yaaa Ahalal Kitaabi lima talbisoonal haqqa bilbaatili wa taktumoonal haqqa wa antum ta`lamoon
📖 සිංහලෙන්
දහම් ලත් ජනයිනි! සත්‍යය සමඟ අසත්‍යය නුඹලා මුසු කරනුයේ මන් ද? නුඹලා දැනුවත් ව සිටිය දී සත්‍යය වසන් කරන්නෙහුය.

🎧 අසන්න


📜 ආයාත් 69-73 — ආල්-ඉම්රාන්

69وَدَّت طَّائِفَةٌ مِّنْ أَهْلِ الْكِتَابِ لَوْ يُضِلُّونَكُمْ وَمَا يُضِلُّونَ إِلَّا أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ
නුඹලා ව නොමඟ යවන්නට ඇත් නම් යැයි දහම් ලත් ජනයා අතරින් පිරිසක් ප්‍රිය කරති. ඔවුන් ව ම මිස වෙනත් කිසිවෙකු ව ඔවුන් නොමඟ හැරියේ නැත. නමුත් ඔවුහු (එය) වටහා නොගන්නෝය.
70يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَأَنتُمْ تَشْهَدُونَ
අහෝ දහම් ලත් ජනයිනි! නුඹලා සාක්ෂි දරමින් සිටිය දී අල්ලාහ්ගේ වැකි නුඹලා ප්‍රතික්ෂේප කරනුයේ මන් ද?
71يَا أَهْلَ الْكِتَابِ لِمَ تَلْبِسُونَ الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُونَ الْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ
දහම් ලත් ජනයිනි! සත්‍යය සමඟ අසත්‍යය නුඹලා මුසු කරනුයේ මන් ද? නුඹලා දැනුවත් ව සිටිය දී සත්‍යය වසන් කරන්නෙහුය.
72وَقَالَت طَّائِفَةٌ مِّنْ أَهْلِ الْكِتَابِ آمِنُوا بِالَّذِي أُنزِلَ عَلَى الَّذِينَ آمَنُوا وَجْهَ النَّهَارِ وَاكْفُرُوا آخِرَهُ لَعَلَّهُمْ يَرْجِعُونَ
දහම් ලත් ජනයා අතුරින් පිරිසක් (තම වාර්ගිකයින්ට) “විශ්වාස කළවුනට පහළ කළ දෑ නුඹලා දහවල් කාලයේ විශ්වාස කර, එහි අවසන් භාගයේ නුඹලා ප්‍රතික්ෂේප කරනු. ඔවුන් (ගේ විශ්වාසයෙන්) නැවත හැරී පැමිණිය හැකි” යැයි පවසති.
73وَلَا تُؤْمِنُوا إِلَّا لِمَن تَبِعَ دِينَكُمْ قُلْ إِنَّ الْهُدَىٰ هُدَى اللَّهِ أَن يُؤْتَىٰ أَحَدٌ مِّثْلَ مَا أُوتِيتُمْ أَوْ يُحَاجُّوكُمْ عِندَ رَبِّكُمْ ۗ قُلْ إِنَّ الْفَضْلَ بِيَدِ اللَّهِ يُؤْتِيهِ مَن يَشَاءُ ۗ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ
තවද නුඹලාගේ දහම පිළිපදින අය ව පමණක් මිස (වෙන කිසිවෙකු) නුඹලා විශ්වාස නොකරනු. (යැයි ද ඔවුහු පවසති.) සැබැවින් ම සැබෑ මඟ පෙන්වීම වනුයේ අල්ලාහ්ගේ මඟ පෙන්වීම යැයි (නබිවරය) නුඹ පවසනු. (තවදුරටත්) නුඹලාට දෙනු ලැබුවක් මෙන් (දේව ග්‍රන්ථයක්) කිසිවෙකුට දෙනු ලබනු ඇතැ යි හෝ ඔවුන් නුඹලාගේ පරමාධිපති අබියස වාද කරනු ඇතැ යි හෝ නුඹලා විශ්වාස නොකරනු. (යැයි ඔවුහු පවසති) “සැබෑ භාග්‍යය අල්ලාහ්ගේ අතෙහි ය. එය ඔහු අභිමත අයට පිරිනමන්නේය. තවද අල්ලාහ් සර්ව ව්‍යාපක ය; සර්ව ඥානී ය” යැයි (නබිවරය නුඹ) පවසනු.
ආල්-ඉම්රාන්කුර්ආන් දර්ශකය
200ආයාත්
MedinanRevelation
71ආයාත්

පරිවර්තනය — ආල්-ඉම්රාන් 71

සූරා ආල්-ඉම්රාන් ආයාත් 71 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : දහම් ලත් ජනයිනි! සත්‍යය සමඟ අසත්‍යය නුඹලා මුසු කරනුයේ මන්…

සූරා ආයාත් 71/200 — ආල්-ඉම්රාන් آل عمران (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: ආල්-ඉම්රාන් අසන්න, ආල්-ඉම්රාන් පරිවර්තනය, ආල්-ඉම්රාන් mp3, ආල්-ඉම්රාන් pdf. ආයාත් 69–73. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers