ෆාතිර් · 12/45
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — ෆාතිර්
وَمَا يَسْتَوِي الْبَحْرَانِ هَٰذَا عَذْبٌ فُرَاتٌ سَائِغٌ شَرَابُهُ وَهَٰذَا مِلْحٌ أُجَاجٌ ۖ وَمِن كُلٍّ تَأْكُلُونَ لَحْمًا طَرِيًّا وَتَسْتَخْرِجُونَ حِلْيَةً تَلْبَسُونَهَا ۖ وَتَرَى الْفُلْكَ فِيهِ مَوَاخِرَ لِتَبْتَغُوا مِن فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ ۝١٢
Wa maa yastawil bahraani haaza `azbun furaatun saaa`ighun sharaabuhoo wa haazaa milhun ujaaj; wa min kullin taakuloona lahman tariyyanw wa tastakhrijoona hilyatan talbasoonahaa wa taral fulka feehi mawaakhira litabtaghoo min fadlihee wa la`allakm tashkuroon
📖 සිංහලෙන්
තවද මුහුදු දෙක සමාන වන්නේ නැත. මෙය බීමට හිතකර ඉමිහිරි රසැතිය. තවද එය තිත්ත ලුණු රසැතිය. මේ සෑම දෙයකින්ම නුඹලා මත්ස්ය මස් අනුභව කරන්නෙහුය. තවද නුඹලා පළඳින ආභරණ ගොඩ ගන්නෙහුය. තවද නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස ඔහුගේ භාග්යයෙන් නුඹලා (ඉසුරු) සොයනු පිණිස (මුහුද) දෙබෑ කරමින් එහි ගමන් කරන නැව් ඔබ දකින්නෙහිය.
🎧 අසන්න

📜 ආයාත් 10-14 — ෆාතිර්

10مَن كَانَ يُرِيدُ الْعِزَّةَ فَلِلَّهِ الْعِزَّةُ جَمِيعًا ۚ إِلَيْهِ يَصْعَدُ الْكَلِمُ الطَّيِّبُ وَالْعَمَلُ الصَّالِحُ يَرْفَعُهُ ۚ وَالَّذِينَ يَمْكُرُونَ السَّيِّئَاتِ لَهُمْ عَذَابٌ شَدِيدٌ ۖ وَمَكْرُ أُولَٰئِكَ هُوَ يَبُورُ
කවරෙකු ගෞරවය අපේක්ෂා කරමින් සිටියේ ද ඒ සියලු ගෞරවයන් අල්ලාහ් සතුය. පිවිතුරු වදන ආරෝහණය වනුයේ ඔහු වෙතය. තවද දැහැමි ක්‍රියාව ද ඔහු එය ඔසවා ගනී. තවද නපුරුකම් කුමන්ත්රණය කරන්නන් වන ඔවුනට දැඩි දඬුවමක් ඇත. ඔවුන්ගේ කුමන්ත්රණය විනාශ වී යන්නකි.
11وَاللَّهُ خَلَقَكُم مِّن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ جَعَلَكُمْ أَزْوَاجًا ۚ وَمَا تَحْمِلُ مِنْ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِ ۚ وَمَا يُعَمَّرُ مِن مُّعَمَّرٍ وَلَا يُنقَصُ مِنْ عُمُرِهِ إِلَّا فِي كِتَابٍ ۚ إِنَّ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرٌ
තවද නුඹලාව පසින් ද පසු ව ශුක්රාණුවෙන් ද අල්ලාහ් මැව්වේය. පසු ව නුඹලා ජෝඩු බවට පත් කළේය. ඔහුගේ දැනුමෙන් තොරව කාන්තාවක් පිළිසිඳ නොගනී. එමෙන්ම ඇය ප්‍රසූත නොකරයි. ලේඛනයේ සටහන් ව මිස ආයුෂ දෙනු ලබන කිසිවකුට ආයුෂ දෙනු නොලැබෙයි. එමෙන්ම ඔහුගේ ආයු කාලයෙන් අඩු කරනු නොලැබෙයි. සැබැවින්ම එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි.
12وَمَا يَسْتَوِي الْبَحْرَانِ هَٰذَا عَذْبٌ فُرَاتٌ سَائِغٌ شَرَابُهُ وَهَٰذَا مِلْحٌ أُجَاجٌ ۖ وَمِن كُلٍّ تَأْكُلُونَ لَحْمًا طَرِيًّا وَتَسْتَخْرِجُونَ حِلْيَةً تَلْبَسُونَهَا ۖ وَتَرَى الْفُلْكَ فِيهِ مَوَاخِرَ لِتَبْتَغُوا مِن فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
තවද මුහුදු දෙක සමාන වන්නේ නැත. මෙය බීමට හිතකර ඉමිහිරි රසැතිය. තවද එය තිත්ත ලුණු රසැතිය. මේ සෑම දෙයකින්ම නුඹලා මත්ස්ය මස් අනුභව කරන්නෙහුය. තවද නුඹලා පළඳින ආභරණ ගොඩ ගන්නෙහුය. තවද නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස ඔහුගේ භාග්යයෙන් නුඹලා (ඉසුරු) සොයනු පිණිස (මුහුද) දෙබෑ කරමින් එහි ගමන් කරන නැව් ඔබ දකින්නෙහිය.
13يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ كُلٌّ يَجْرِي لِأَجَلٍ مُّسَمًّى ۚ ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ ۚ وَالَّذِينَ تَدْعُونَ مِن دُونِهِ مَا يَمْلِكُونَ مِن قِطْمِيرٍ
රාත්‍රිය දහවල තුළට ඔහු ඇතුළත් කරයි. තවද දහවල රාත්‍රිය තුළට ඔහු ඇතුළත් කරයි. තවද හිරු හා සඳු ඔහු වසඟ කළේය. සියල්ල නියම කරන ලද කාලයක් දක්වා ගමන් කරයි. එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. සියලු බලය ඔහු සතුය. තවද ඔහු හැර නුඹලා ඇරයුම් කරන අය ඉඳි ඇටයක සිවියක් තරම් හෝ යමක් සතුකර නොගනිති.
14إِن تَدْعُوهُمْ لَا يَسْمَعُوا دُعَاءَكُمْ وَلَوْ سَمِعُوا مَا اسْتَجَابُوا لَكُمْ ۖ وَيَوْمَ الْقِيَامَةِ يَكْفُرُونَ بِشِرْكِكُمْ ۚ وَلَا يُنَبِّئُكَ مِثْلُ خَبِيرٍ
නුඹලා ඔවුනට ඇරයුම් කරන්නේ නම් නුඹලාගේ ඇරයුමට ඔවුන් සවන් නොදෙති. තවද ඔවුන් සවන් දුන්න ද නුඹලාට ඔවුහු පිළිතුරු නොදෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා කළ ආදේශයන් ද ඔවුහු ප්‍රතික්ෂේප කරති. අභිඥානවන්තයා මෙන් ඔබට කිසිවකු (සත්‍යය) නොදන්වයි.
ෆාතිර්කුර්ආන් දර්ශකය
45ආයාත්
MeccanRevelation
12ආයාත්

පරිවර්තනය — ෆාතිර් 12

සූරා ෆාතිර් ආයාත් 12 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද මුහුදු දෙක සමාන වන්නේ නැත. මෙය බීමට හිතකර ඉමිහිරි…

සූරා ආයාත් 12/45 — ෆාතිර් فاطر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: ෆාතිර් අසන්න, ෆාතිර් පරිවර්තනය, ෆාතිර් mp3, ෆාතිර් pdf. ආයාත් 10–14. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers