අල්-අහ්කාෆ් · 7/35
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-අහ්කාෆ්
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ كَفَرُوا لِلْحَقِّ لَمَّا جَاءَهُمْ هَٰذَا سِحْرٌ مُّبِينٌ ۝٧
Wa izaa tutlaa `alaihim Aayaatunaa baiyinaatin qaalal lazeena kafaroo lilhaqqi lammaa jaaa`ahum haazaa sihrum mubeen
📖 සිංහලෙන්
තවද අපගේ වදන් පැහැදිලිව ඔවුන් වෙත පාරායනය කරනු ලැබුවේ නම්, සත්‍යය ප්‍රතික්ෂේප කළ ඔවුන්, එය එම සත්‍ය ඔවුන් වෙත පැමිණි කල්හි “මෙය පැහැදිලි හූනියමක්” යැයි පැවසූහ.

🎧 අසන්න


📜 ආයාත් 5-9 — සූරා අල්-අහ්කාෆ්

5وَمَنْ أَضَلُّ مِمَّن يَدْعُو مِن دُونِ اللَّهِ مَن لَّا يَسْتَجِيبُ لَهُ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ وَهُمْ عَن دُعَائِهِمْ غَافِلُونَ
තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් අල්ලාහ් හැර තමන්ට පිළිතුරු නොසපයන අයට ඇරයුම් කරන්නාට වඩා නොමග ගිය අය කවුද? තවද මොවුන්ගේ ඇරයුම ගැන ඔවුහු අනවධානීහු වෙති.
6وَإِذَا حُشِرَ النَّاسُ كَانُوا لَهُمْ أَعْدَاءً وَكَانُوا بِعِبَادَتِهِمْ كَافِرِينَ
තවද ජනයා එක්රැස් කරනු ලැබූ විට ඔවුහු මොවුනට සතුරු වනු ඇත. මොවුන්ගේ ඇදහීම පිළිබඳ ව ඔවුහු ප්‍රතික්ෂේප කරන්නන් වනු ඇත.
7وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ كَفَرُوا لِلْحَقِّ لَمَّا جَاءَهُمْ هَٰذَا سِحْرٌ مُّبِينٌ
තවද අපගේ වදන් පැහැදිලිව ඔවුන් වෙත පාරායනය කරනු ලැබුවේ නම්, සත්‍යය ප්‍රතික්ෂේප කළ ඔවුන්, එය එම සත්‍ය ඔවුන් වෙත පැමිණි කල්හි “මෙය පැහැදිලි හූනියමක්” යැයි පැවසූහ.
8أَمْ يَقُولُونَ افْتَرَاهُ ۖ قُلْ إِنِ افْتَرَيْتُهُ فَلَا تَمْلِكُونَ لِي مِنَ اللَّهِ شَيْئًا ۖ هُوَ أَعْلَمُ بِمَا تُفِيضُونَ فِيهِ ۖ كَفَىٰ بِهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ ۖ وَهُوَ الْغَفُورُ الرَّحِيمُ
එසේ නැතහොත් “ඔහු එය ගෙතුවේ යැයි පවසන්නෝ ද? මම එය ගෙතුවේ නම් අල්ලාහ්ගෙන් (වූ දඬුවමින්) මා වැළැක්වීමට නුඹලා ශක්තිය නොදරනු ඇත. නුඹලා කවර කරුණක ගිලී සිටින්නෙහු ද ඒ පිළිබඳ ව ඔහු මැනවින් දන්නාය. මා අතර හා නුඹලා අතර සාක්ෂිකරුවෙකු වශයෙන් ඔහු ප්‍රමාණවත්ය. තවද ඔහු අතික්ෂමාශීලීය; අසමසම කරුණාන්විතය” යැයි (නබිවරය!) නුඹ පවසනු.
9قُلْ مَا كُنتُ بِدْعًا مِّنَ الرُّسُلِ وَمَا أَدْرِي مَا يُفْعَلُ بِي وَلَا بِكُمْ ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰ إِلَيَّ وَمَا أَنَا إِلَّا نَذِيرٌ مُّبِينٌ
“ධර්ම දූතවරුන් අතරින් මා නවකයෙකු නොවූයෙමි. තවද මට හෝ නුඹලාට කුමක් සිදු කරනු ලබන්නේ දැයි මම නොදනිමි. මා වෙත හෙළිදරව් කරනු ලබන දෑ හැර මම නොපිළිපදිමි. තවද මම පැහැදිලි අවවාද කරන්නෙකු මිස නැතැ”යි (නබිවරය!) නුඹ පවසනු.
අල්-අහ්කාෆ්කුර්ආන් දර්ශකය
35ආයාත්
MeccanRevelation
7ආයාත්

පරිවර්තනය — අල්-අහ්කාෆ් 7

සූරා අල්-අහ්කාෆ් ආයාත් 7 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද අපගේ වදන් පැහැදිලිව ඔවුන් වෙත පාරායනය කරනු ලැබුවේ නම්,…

සූරා ආයාත් 7/35 — සූරා අල්-අහ්කාෆ් الأحقاف (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-අහ්කාෆ් අසන්න, සූරා අල්-අහ්කාෆ් පරිවර්තනය, සූරා අල්-අහ්කාෆ් mp3, සූරා අල්-අහ්කාෆ් pdf. ආයාත් 5–9. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers