අල්-අන්ආම් · 102/165
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-අන්ආම්
ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ خَالِقُ كُلِّ شَيْءٍ فَاعْبُدُوهُ ۚ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ وَكِيلٌ ۝١٠٢
Zaalikumul laahu Rabbukum laaa ilaaha illaa huwa khaaliqu kulli shai`in fa`budooh; wa huwa `alaa kulli shai`inw Wakeel
📖 සිංහලෙන්
ඔහුය නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්. ඔහු හැර නැමදුම් ලබන්නට කිසිවකු නොමැත. සියලු දෑහි මැවුම්කරුය. එබැවින් නුඹලා ඔහුට වන්දනාමාන කරනු. තවද සියලු දෑහි භාරකරු වන්නේද ඔහුය.
🎧 අසන්න

📜 ආයාත් 100-104 — අල්-අන්ආම්

100وَجَعَلُوا لِلَّهِ شُرَكَاءَ الْجِنَّ وَخَلَقَهُمْ ۖ وَخَرَقُوا لَهُ بَنِينَ وَبَنَاتٍ بِغَيْرِ عِلْمٍ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يَصِفُونَ
තවද ජින්වරුන් ව අල්ලාහ්ට හවුල් කරුවන් ලෙස ඔවුහු පත් කරති. ඔවුන් ව මවා ඇත්තේ ද ඔහුය. තවද කිසිදු දැනුමකින් තොරව, ඔහුට පිරිමි දරුවන් හා ගැහැනු දරුවන් ඇති බවට ඔවුහු බොරු ගෙතුවෝය. ඔවුන් වර්ණනා කරන දැයින් ඔහු සුපිවිතුරුය; අති උත්තරීතරය.
101بَدِيعُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ أَنَّىٰ يَكُونُ لَهُ وَلَدٌ وَلَمْ تَكُن لَّهُ صَاحِبَةٌ ۖ وَخَلَقَ كُلَّ شَيْءٍ ۖ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
(ඔහු පූර්වාදර්ශයකින් තොර ව මවන) අහස්හි හා පොළොවෙහි උත්පාදකයාය. ඔහුට සහකාරියක් නොසිටියදී ඔහුට දරුවකු ඇති වන්නේ කෙසේද? තවද ඔහු සියලු දෑ මැව්වේය. තවද සියලු දෑ පිළිබඳ ව ඔහු සර්වඥය.
102ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ خَالِقُ كُلِّ شَيْءٍ فَاعْبُدُوهُ ۚ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ وَكِيلٌ
ඔහුය නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්. ඔහු හැර නැමදුම් ලබන්නට කිසිවකු නොමැත. සියලු දෑහි මැවුම්කරුය. එබැවින් නුඹලා ඔහුට වන්දනාමාන කරනු. තවද සියලු දෑහි භාරකරු වන්නේද ඔහුය.
103لَّا تُدْرِكُهُ الْأَبْصَارُ وَهُوَ يُدْرِكُ الْأَبْصَارَ ۖ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ
සියළු දෘෂ්ඨීන් ඔහුව ග්‍රහණය නොකරයි. නමුත් ඔහු සියලු දෘෂ්ඨීන් ග්‍රහණය කරයි. තවද ඔහු සියුම් ඥානීය; සර්ව ප්‍රඥාවන්තය.
104قَدْ جَاءَكُم بَصَائِرُ مِن رَّبِّكُمْ ۖ فَمَنْ أَبْصَرَ فَلِنَفْسِهِ ۖ وَمَنْ عَمِيَ فَعَلَيْهَا ۚ وَمَا أَنَا عَلَيْكُم بِحَفِيظٍ
නුඹලාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සාධක නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් කවරෙකු එය (අධීක්ෂණය කොට) බලන්නේද එය ඔහුටම ය. නමුත් කවරෙකු (ඒ ගැන) අන්ධයකු මෙන් කටයුතු කරන්නේ ද එය ඔහුටම එරෙහිවය. තවද මම නුඹලාගේ ආරක්ෂකයා නොවෙමි. (යැයි නබිවරය! පවසනු.)
අල්-අන්ආම්කුර්ආන් දර්ශකය
165ආයාත්
MeccanRevelation
102ආයාත්

පරිවර්තනය — අල්-අන්ආම් 102

සූරා අල්-අන්ආම් ආයාත් 102 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔහුය නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්. ඔහු හැර නැමදුම් ලබන්නට කිසිවකු…

සූරා ආයාත් 102/165 — අල්-අන්ආම් الأنعام (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-අන්ආම් අසන්න, අල්-අන්ආම් පරිවර්තනය, අල්-අන්ආම් mp3, අල්-අන්ආම් pdf. ආයාත් 100–104. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers