අල්-අන්ආම් · 135/165
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-අන්ආම්
قُلْ يَا قَوْمِ اعْمَلُوا عَلَىٰ مَكَانَتِكُمْ إِنِّي عَامِلٌ ۖ فَسَوْفَ تَعْلَمُونَ مَن تَكُونُ لَهُ عَاقِبَةُ الدَّارِ ۗ إِنَّهُ لَا يُفْلِحُ الظَّالِمُونَ ۝١٣٥
Qul yaa qawmi` maloo `alaa makaanatikum innee `aamilun fasawfa ta`lamoona man takoonu lahoo `aaqibatud daar; innahoo laa yuflihuz zaalimoon
📖 සිංහලෙන්
අහෝ මාගේ ජනයිනි! නුඹලා නුඹලාගේ ස්ථානයේ සිට කටයුතු කරනු. සැබැවින්ම මම ද (මාගේ ස්ථානයේ සිට) කටුයුතු කරමි. මෙලොව අවසානය කා හට යහපත් වන්නේ දැ යි නුඹලා මතු දැන ගනු ඇත. නියත වශයෙන්ම අපරාධකරුවෝ ජය නොලබති යැයි (නබිවරය) නුඹ පවසනු.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 133-137 — සූරා අල්-අන්ආම්

133وَرَبُّكَ الْغَنِيُّ ذُو الرَّحْمَةِ ۚ إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَسْتَخْلِفْ مِن بَعْدِكُم مَّا يَشَاءُ كَمَا أَنشَأَكُم مِّن ذُرِّيَّةِ قَوْمٍ آخَرِينَ
තවද නුඹගේ පරමාධිපති අවශ්‍යතාවන්ගෙන් තොරය. කරුණාවෙන් යුක්තය.ඔහු සිතන්නේ නම් වෙනත් සමූහයක පරම්පරා වෙන් නුඹලා ව බිහි කළාක් මෙන් නුඹලා ව පහකොට නුඹලාගෙන් පසු ඔහු සිතන පරිදි (නුඹලා වෙනුවට වෙනත්) නියෝජිතයින් පත් කරනු ඇත.
134إِنَّ مَا تُوعَدُونَ لَآتٍ ۖ وَمَا أَنتُم بِمُعْجِزِينَ
නියත වශයෙන්ම නුඹලාට පොරොන්දු වූ දෙය (විනිශ්චය දිනය) නියතව පැමිණෙන අතර එය වියර්ත කිරීමට නුඹලාට ශක්තියක් නැත!
135قُلْ يَا قَوْمِ اعْمَلُوا عَلَىٰ مَكَانَتِكُمْ إِنِّي عَامِلٌ ۖ فَسَوْفَ تَعْلَمُونَ مَن تَكُونُ لَهُ عَاقِبَةُ الدَّارِ ۗ إِنَّهُ لَا يُفْلِحُ الظَّالِمُونَ
අහෝ මාගේ ජනයිනි! නුඹලා නුඹලාගේ ස්ථානයේ සිට කටයුතු කරනු. සැබැවින්ම මම ද (මාගේ ස්ථානයේ සිට) කටුයුතු කරමි. මෙලොව අවසානය කා හට යහපත් වන්නේ දැ යි නුඹලා මතු දැන ගනු ඇත. නියත වශයෙන්ම අපරාධකරුවෝ ජය නොලබති යැයි (නබිවරය) නුඹ පවසනු.
136وَجَعَلُوا لِلَّهِ مِمَّا ذَرَأَ مِنَ الْحَرْثِ وَالْأَنْعَامِ نَصِيبًا فَقَالُوا هَٰذَا لِلَّهِ بِزَعْمِهِمْ وَهَٰذَا لِشُرَكَائِنَا ۖ فَمَا كَانَ لِشُرَكَائِهِمْ فَلَا يَصِلُ إِلَى اللَّهِ ۖ وَمَا كَانَ لِلَّهِ فَهُوَ يَصِلُ إِلَىٰ شُرَكَائِهِمْ ۗ سَاءَ مَا يَحْكُمُونَ
ගොයමින් හා ගොවිපළ සතුන්ගෙන් බිහි කළ දැයින් අල්ලාහ්ට කොටසක් වෙන් කොට ඔවුන්ගේ කල්පිතය අනුව මෙය අල්ලාහ් වෙනුවෙනි, මෙය තමන්ගේ සම දෙවිවරුන් වෙනුවෙනි යැයි පවසති. ඔවුන්ගේ සම දෙවිවවරුන් වෙනුවෙන් වූ දෑ අල්ලාහ් වෙත ළඟා නොවනු ඇත. තවද අල්ලාහ් වෙනුවෙන් වූ දෑ ඔවුන්ගේ සම දෙවිවරුන් වෙත ළඟා වනු ඇත. ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය.
137وَكَذَٰلِكَ زَيَّنَ لِكَثِيرٍ مِّنَ الْمُشْرِكِينَ قَتْلَ أَوْلَادِهِمْ شُرَكَاؤُهُمْ لِيُرْدُوهُمْ وَلِيَلْبِسُوا عَلَيْهِمْ دِينَهُمْ ۖ وَلَوْ شَاءَ اللَّهُ مَا فَعَلُوهُ ۖ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ
තවද එලෙසම ආදේශ තබන්නන්ගෙන් බහුතරයක් දෙනාට තම දරුවන් ඝාතනය කිරීම ඔවුන්ගේ හවුල්කාර දෙවිවරු අලංකාර කර පෙන්වීය. ඔවුන් (හවුල්කරුවන්) ඔවුන් ව විනාශ කරනු පිණිස හා ඔවුන්ගේ දහම ඔවුනට විකෘති කර පෙන්වනු පිණිසය. අල්ලාහ් සිතුවේ නම් ඔවුහු එය නොකරන්නට තිබුණි. එබැවින් ඔවුන් ගොතමින් සිටින දෑ සමඟ ඔවුන් ව නුඹ අත හැර දමනු.
අල්-අන්ආම්කුර්ආන් දර්ශකය
165ආයාත්
MeccanRevelation
135ආයාත්

පරිවර්තනය — අල්-අන්ආම් 135

සූරා අල්-අන්ආම් ආයාත් 135 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අහෝ මාගේ ජනයිනි! නුඹලා නුඹලාගේ ස්ථානයේ සිට කටයුතු කරනු. සැබැවින්ම…

සූරා ආයාත් 135/165 — සූරා අල්-අන්ආම් الأنعام (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-අන්ආම් අසන්න, සූරා අල්-අන්ආම් පරිවර්තනය, සූරා අල්-අන්ආම් mp3, සූරා අල්-අන්ආම් pdf. ආයාත් 133–137. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers