අල්-අන්ආම් · 63/165
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-අන්ආම්
قُلْ مَن يُنَجِّيكُم مِّن ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ تَدْعُونَهُ تَضَرُّعًا وَخُفْيَةً لَّئِنْ أَنجَانَا مِنْ هَٰذِهِ لَنَكُونَنَّ مِنَ الشَّاكِرِينَ ۝٦٣
Qul mai yunajjeekum min zulumaatil barri walbahri tad`oonahoo tadarru`anw wa khufyatann la`in anjaanaa min haazihee lanakoonana minash shaakireen
📖 සිංහලෙන්
ගොඩබිමේ හා මුහුදේ අන්ධකාරයන්ගෙන් (නුඹලා යම් ආපදාවකට හසු වී) නුඹලා බැගෑපත් ව හා රහසිගත ව “ඔහු අප ව මෙයින් මුදවා ගත්තේ නම් අපි කෘතවේදීන් අතරින් වන්නෙමු” යැයි පවසා ඔහුගෙන් නුඹලා අයැද සිටින විට නුඹලා ව මුදවා ගනුයේ කවුරුන්දැයි (නබිවරය !) විමසනු.
🎧 අසන්න

📜 ආයාත් 61-65 — අල්-අන්ආම්

61وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهِ ۖ وَيُرْسِلُ عَلَيْكُمْ حَفَظَةً حَتَّىٰ إِذَا جَاءَ أَحَدَكُمُ الْمَوْتُ تَوَفَّتْهُ رُسُلُنَا وَهُمْ لَا يُفَرِّطُونَ
තවද තම ගැත්තන්ට ඉහළින් සිට මර්දනය කරන්නා ඔහුය. තවද ඔහු නුඹලා වෙත ආරක්ෂකයින් (මලක්වරුන්) එවයි. අවසානයේ නුඹලාගෙන් කිසිවකු වෙත මරණය පැමිණි විට අපගේ සුරදූතවරුන් ඔහු ව අත්පත් කර ගනිති. තවද ඔවුහු (තම වගකීම්) පැහැර නොහරිති.
62ثُمَّ رُدُّوا إِلَى اللَّهِ مَوْلَاهُمُ الْحَقِّ ۚ أَلَا لَهُ الْحُكْمُ وَهُوَ أَسْرَعُ الْحَاسِبِينَ
පසුව ඔවුන්ගේ සැබෑ භාරකරු වන අල්ලාහ් වෙතට නැවත යොමු කරනු ලබති. තීන්දුව ඔහු සතු යැයි දැන ගනු. තවද ඔහු විනිශ්චය කරන්නන්ගෙන් ඉතා වේගවත්ය.
63قُلْ مَن يُنَجِّيكُم مِّن ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ تَدْعُونَهُ تَضَرُّعًا وَخُفْيَةً لَّئِنْ أَنجَانَا مِنْ هَٰذِهِ لَنَكُونَنَّ مِنَ الشَّاكِرِينَ
ගොඩබිමේ හා මුහුදේ අන්ධකාරයන්ගෙන් (නුඹලා යම් ආපදාවකට හසු වී) නුඹලා බැගෑපත් ව හා රහසිගත ව “ඔහු අප ව මෙයින් මුදවා ගත්තේ නම් අපි කෘතවේදීන් අතරින් වන්නෙමු” යැයි පවසා ඔහුගෙන් නුඹලා අයැද සිටින විට නුඹලා ව මුදවා ගනුයේ කවුරුන්දැයි (නබිවරය !) විමසනු.
64قُلِ اللَّهُ يُنَجِّيكُم مِّنْهَا وَمِن كُلِّ كَرْبٍ ثُمَّ أَنتُمْ تُشْرِكُونَ
එයින් ද සියලු ආපදාවන්ගෙන් ද නුඹලා ව මුදවා ගනුයේ අල්ලාහ්ය. නමුත් පසු ව නුඹලා ආදේශ තබන්නෙහුය යැයි (නබිවරය!) නුඹ පවසනු.
65قُلْ هُوَ الْقَادِرُ عَلَىٰ أَن يَبْعَثَ عَلَيْكُمْ عَذَابًا مِّن فَوْقِكُمْ أَوْ مِن تَحْتِ أَرْجُلِكُمْ أَوْ يَلْبِسَكُمْ شِيَعًا وَيُذِيقَ بَعْضَكُم بَأْسَ بَعْضٍ ۗ انظُرْ كَيْفَ نُصَرِّفُ الْآيَاتِ لَعَلَّهُمْ يَفْقَهُونَ
නුඹලාට ඉහළින් හෝ නුඹලාගේ පාද යටින් හෝ දඬුවමක් නුඹලා වෙත එවීමටත් නැතහොත් නුඹලා කණ්ඩායම් බවට පත් කොට නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ දරුණුකම විඳවන්නට සැලැස් වීමටත් බලය ඇත්තා ඔහුය යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද ඔවුන් වටහා ගත හැකි වනු පිණිස එම වදන් අප විස්තර කරනුයේ කෙසේදැ යි නුඹ අවධානයෙන් යුතු ව බලනු.
අල්-අන්ආම්කුර්ආන් දර්ශකය
165ආයාත්
MeccanRevelation
63ආයාත්

පරිවර්තනය — අල්-අන්ආම් 63

සූරා අල්-අන්ආම් ආයාත් 63 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ගොඩබිමේ හා මුහුදේ අන්ධකාරයන්ගෙන් (නුඹලා යම් ආපදාවකට හසු වී) නුඹලා…

සූරා ආයාත් 63/165 — අල්-අන්ආම් الأنعام (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-අන්ආම් අසන්න, අල්-අන්ආම් පරිවර්තනය, අල්-අන්ආම් mp3, අල්-අන්ආම් pdf. ආයාත් 61–65. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers