අත්-තව්බා · 121/129
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අත්-තව්බා
وَلَا يُنفِقُونَ نَفَقَةً صَغِيرَةً وَلَا كَبِيرَةً وَلَا يَقْطَعُونَ وَادِيًا إِلَّا كُتِبَ لَهُمْ لِيَجْزِيَهُمُ اللَّهُ أَحْسَنَ مَا كَانُوا يَعْمَلُونَ ۝١٢١
Wa laa yunfiqoona nafa qatan sagheeratanw wa laa kabeeratanw wa laa yaqta`oona waadiyan illaa kutiba lahum liyajziyahumul laahu ahsana maa kaanoo ya`maloon
📖 සිංහලෙන්
ඔවුන් කුඩා හෝ මහා වියදමක් හෝ වැය කළ ද තවද කවර මිටියාවතක් හෝ ඔවුන් තරණය කළ ද ඔවුන් කරමින් සිටින දෑට වඩා අලංකාර අයුරින් ඔවුනට ප්‍රතිඵල දෙනු පිණිස එය ඔවුනට සටහන් කරනු ලබන්නක් මිස වෙනකක් නොවේ.
🎧 අසන්න

📜 ආයාත් 119-123 — අත්-තව්බා

119يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَكُونُوا مَعَ الصَّادِقِينَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා සත්‍යවාදීන් සමඟ වනු.
120مَا كَانَ لِأَهْلِ الْمَدِينَةِ وَمَنْ حَوْلَهُم مِّنَ الْأَعْرَابِ أَن يَتَخَلَّفُوا عَن رَّسُولِ اللَّهِ وَلَا يَرْغَبُوا بِأَنفُسِهِمْ عَن نَّفْسِهِ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ لَا يُصِيبُهُمْ ظَمَأٌ وَلَا نَصَبٌ وَلَا مَخْمَصَةٌ فِي سَبِيلِ اللَّهِ وَلَا يَطَئُونَ مَوْطِئًا يَغِيظُ الْكُفَّارَ وَلَا يَنَالُونَ مِنْ عَدُوٍّ نَّيْلًا إِلَّا كُتِبَ لَهُم بِهِ عَمَلٌ صَالِحٌ ۚ إِنَّ اللَّهَ لَا يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ
මදීනාවාසීන්ට හා ඔවුන් අවට සිටි ගම්බද අරාබිවරුන්ගෙන් කිසිවකුට අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් ඉවත් ව පසුබැස රැඳී සිටීමට සුදුසු නොවීය. තවද ඔහුගේ ප්‍රාණයට වඩා ඔවුන්ගේ ප්‍රාණවලට ආශා කිරීම ද සුදුසු නොවීය. හේතුව එය අල්ලාහ්ගේ මාර්ගයේ (යුද වදින විට) පිපාසයක් හෝ දුර්භාග්‍යයක් හෝ කුසගින්නක් හෝ ඔවුනට අත්වුව ද ඔවුන් පය තබන තැන්හි දේව ප්‍රතික්ෂේපකයින් කෝප කරන අයුරින් පය තැබුව ද සතුරකුගෙන් යම් ප්‍රහාරයක් අත් වුව ද එය ඔවුනට දැහැමි ක්‍රියාවක් ලෙසින් මිස සටහන් කරනු නොලබන බැවිනි. නියත වශයෙන් අල්ලාහ් සදැහැමියන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නොකරයි.
121وَلَا يُنفِقُونَ نَفَقَةً صَغِيرَةً وَلَا كَبِيرَةً وَلَا يَقْطَعُونَ وَادِيًا إِلَّا كُتِبَ لَهُمْ لِيَجْزِيَهُمُ اللَّهُ أَحْسَنَ مَا كَانُوا يَعْمَلُونَ
ඔවුන් කුඩා හෝ මහා වියදමක් හෝ වැය කළ ද තවද කවර මිටියාවතක් හෝ ඔවුන් තරණය කළ ද ඔවුන් කරමින් සිටින දෑට වඩා අලංකාර අයුරින් ඔවුනට ප්‍රතිඵල දෙනු පිණිස එය ඔවුනට සටහන් කරනු ලබන්නක් මිස වෙනකක් නොවේ.
122۞ وَمَا كَانَ الْمُؤْمِنُونَ لِيَنفِرُوا كَافَّةً ۚ فَلَوْلَا نَفَرَ مِن كُلِّ فِرْقَةٍ مِّنْهُمْ طَائِفَةٌ لِّيَتَفَقَّهُوا فِي الدِّينِ وَلِيُنذِرُوا قَوْمَهُمْ إِذَا رَجَعُوا إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ
දේවත්වය විශ්වාස කරන්නන් සියල්ලෝම එක්ව (යුද්ධය සඳහා) පිටත් වීම ඔවුනට සුදුසු නොවීය. දහම පිළිබඳ අවබෝධය ලබා ඔවුන්ගේ ජනයා වෙත ඔවුන් නැවත පැමිණි විට ඔවුනට අවවාද කරනු පිණිස ඔවුන්ගෙන් සෑම කණ්ඩායමකින්ම පිරිසක් පිටත්ව යා යුතු නොවේ ද! (එය) ඔවුන් ප්‍රවේශම් විය හැකි වනු පිණිස ය..
123يَا أَيُّهَا الَّذِينَ آمَنُوا قَاتِلُوا الَّذِينَ يَلُونَكُم مِّنَ الْكُفَّارِ وَلْيَجِدُوا فِيكُمْ غِلْظَةً ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ مَعَ الْمُتَّقِينَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් අතරින් නුඹලාට පරව සිටින්නන් සමඟ නුඹලා සටන් වදිනු. නුඹලා තුළ (ඇති) දැඩිකම ඔවුන් දැක ගත යුතුය. තවද නියත වශයෙන්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් සමඟ යැයි නුඹලා දැන ගනු.
අත්-තව්බාකුර්ආන් දර්ශකය
129ආයාත්
MedinanRevelation
121ආයාත්

පරිවර්තනය — අත්-තව්බා 121

සූරා අත්-තව්බා ආයාත් 121 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔවුන් කුඩා හෝ මහා වියදමක් හෝ වැය කළ ද තවද…

සූරා ආයාත් 121/129 — අත්-තව්බා التوبة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අත්-තව්බා අසන්න, අත්-තව්බා පරිවර්තනය, අත්-තව්බා mp3, අත්-තව්බා pdf. ආයාත් 119–123. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers