අත්-තව්බා · 61/129
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අත්-තව්බා
وَمِنْهُمُ الَّذِينَ يُؤْذُونَ النَّبِيَّ وَيَقُولُونَ هُوَ أُذُنٌ ۚ قُلْ أُذُنُ خَيْرٍ لَّكُمْ يُؤْمِنُ بِاللَّهِ وَيُؤْمِنُ لِلْمُؤْمِنِينَ وَرَحْمَةٌ لِّلَّذِينَ آمَنُوا مِنكُمْ ۚ وَالَّذِينَ يُؤْذُونَ رَسُولَ اللَّهِ لَهُمْ عَذَابٌ أَلِيمٌ ٦١
Transliteration
Wa minhumul lazeena yu`zoonan nabiyya wa yaqooloona huwa uzun; qul uzunu khairil lakum yu`minu billaahi wa yu`minu lilmu mi neena wa rahmatul lillazeena aamanoo minkum; wallazeena yu`zoona Rasoolal laahi lahum `azaabun aleem
පරිවර්තනය (සිංහලෙන්)
📖 සිංහලෙන්
තවද මෙම නබිවරයාට පීඩා කරන්නන් ද ඔවුන් අතරින් වෙති. ඔහු (සියල්ලන්ට ඇහුම්) කන්දෙන්නෙක් යැයි ඔවුහු පවසති. ඔහු නුඹලාට යහපත ගෙන දෙන දෑට කන් දෙන්නෙකි. ඔහු අල්ලාහ් පිළිබඳ විශ්වාස කරනු ඇත. දේවත්වය විශ්වාස කරන්නන්ට විශ්වාසවන්ත ව කටයුතු කරනු ඇත. නුඹලා අතරින් විශ්වාස කළවුනට ඔහු දයාවකි යැයි (නබිවරය) නුඹ පවසනු. තවද අල්ලාහ්ගේ දූතයාණන්ට පීඩා කරන ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
Additional reference in தமிழ்
🎧 අසන්න
📜 ආයාත් 59-63 — සූරා අත්-තව්බා
59وَلَوْ أَنَّهُمْ رَضُوا مَا آتَاهُمُ اللَّهُ وَرَسُولُهُ وَقَالُوا حَسْبُنَا اللَّهُ سَيُؤْتِينَا اللَّهُ مِن فَضْلِهِ وَرَسُولُهُ إِنَّا إِلَى اللَّهِ رَاغِبُونَ
තවද අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඔවුනට පිරිනැමූ දෑ ගැන සැබැවින්ම ඔවුන් තෘප්තියට පත්ව "අල්ලාහ් අපට ප්‍රමාණවත්ය. අල්ලාහ් ඔහුගේ භාග්‍යය තුළින් ද ඔහුගේ දූතයාණන් (සතුරා විසින් දමා ගිය දැයින්) ද අපට පිරිනමනු ඇත. නියත වශයෙන්ම අපි අල්ලාහ් වෙතම අපේක්ෂා කරන්නන් වෙමු" යැයි ඔවුන් පැවසුවේ නම් (එය කෙතරම් අගනේ ද?)
60۞ إِنَّمَا الصَّدَقَاتُ لِلْفُقَرَاءِ وَالْمَسَاكِينِ وَالْعَامِلِينَ عَلَيْهَا وَالْمُؤَلَّفَةِ قُلُوبُهُمْ وَفِي الرِّقَابِ وَالْغَارِمِينَ وَفِي سَبِيلِ اللَّهِ وَابْنِ السَّبِيلِ ۖ فَرِيضَةً مِّنَ اللَّهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
අල්ලාහ්ගෙන් වූ නියමයක් වශයෙන් සදකාවන් (අනිවාර්ය බද්ධ) හිමි විය යුත්තේ දිළිඳුන්ට ද දුගියන්ට ද ඒ සම්බන්ධ ව කටයුතු කරන්නන්ට ද තම හදවත් (ඉස්ලාමය වෙත) නැඹුරු වූවන්ට ද වහලුන් නිදහස් කිරීමේ දී ද, ණය බරින් පෙළෙන්නන්ට ද අල්ලාහ්ගේ මාර්ගයෙහි සහ (සරණ පතන) මගියන්ට ද වේ. තවද අල්ලාහ් සර්ව ඥානීය; ප්‍රඥාවන්තය.
61وَمِنْهُمُ الَّذِينَ يُؤْذُونَ النَّبِيَّ وَيَقُولُونَ هُوَ أُذُنٌ ۚ قُلْ أُذُنُ خَيْرٍ لَّكُمْ يُؤْمِنُ بِاللَّهِ وَيُؤْمِنُ لِلْمُؤْمِنِينَ وَرَحْمَةٌ لِّلَّذِينَ آمَنُوا مِنكُمْ ۚ وَالَّذِينَ يُؤْذُونَ رَسُولَ اللَّهِ لَهُمْ عَذَابٌ أَلِيمٌ
තවද මෙම නබිවරයාට පීඩා කරන්නන් ද ඔවුන් අතරින් වෙති. ඔහු (සියල්ලන්ට ඇහුම්) කන්දෙන්නෙක් යැයි ඔවුහු පවසති. ඔහු නුඹලාට යහපත ගෙන දෙන දෑට කන් දෙන්නෙකි. ඔහු අල්ලාහ් පිළිබඳ විශ්වාස කරනු ඇත. දේවත්වය විශ්වාස කරන්නන්ට විශ්වාසවන්ත ව කටයුතු කරනු ඇත. නුඹලා අතරින් විශ්වාස කළවුනට ඔහු දයාවකි යැයි (නබිවරය) නුඹ පවසනු. තවද අල්ලාහ්ගේ දූතයාණන්ට පීඩා කරන ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
62يَحْلِفُونَ بِاللَّهِ لَكُمْ لِيُرْضُوكُمْ وَاللَّهُ وَرَسُولُهُ أَحَقُّ أَن يُرْضُوهُ إِن كَانُوا مُؤْمِنِينَ
ඔවුහු නුඹලා ව තෘප්තියට පත් කරවනු පිණිස නුඹලා ඉදිරියේ අල්ලාහ් මත දිවුරති. තවද ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් ව සිටියෙහු නම් ඔවුහු තෘප්තියට පත් කරවීමට වඩාත් සුදුස්සන් වනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ය.
63أَلَمْ يَعْلَمُوا أَنَّهُ مَن يُحَادِدِ اللَّهَ وَرَسُولَهُ فَأَنَّ لَهُ نَارَ جَهَنَّمَ خَالِدًا فِيهَا ۚ ذَٰلِكَ الْخِزْيُ الْعَظِيمُ
කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පටහැණි ව කටයුතු කරන්නේ ද එවිට නියත වශයෙන්ම ඔහුට නිරා ගින්න හිමි බවත් ඔහු එහි සදාතනිකයකු වන බවත් ඔවුහු දැන සිටිය යුතු නොවේ ද? මහත් වූ අවමානය එයයි.
අත්-තව්බාකුර්ආන් දර්ශකය
129ආයාත්
MedinanRevelation
61ආයාත්
පරිවර්තනය — අත්-තව්බා 61
සූරා අත්-තව්බා ආයාත් 61 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද මෙම නබිවරයාට පීඩා කරන්නන් ද ඔවුන් අතරින් වෙති. ඔහු…සූරා ආයාත් 61/129 — සූරා අත්-තව්බා التوبة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අත්-තව්බා අසන්න, සූරා අත්-තව්බා පරිවර්තනය, සූරා අත්-තව්බා mp3, සූරා අත්-තව්බා pdf. ආයාත් 59–63. සිංහලෙන්: தமிழ்.
العربية
English
Bahasa Indonesia
Türkçe
Русский
فارسی
Français
اردو
বাংলা
Deutsch
Español
中文
हिन्दी
Português
Italiano
ภาษาไทย
Polski
Nederlands
Shqip
Kiswahili
O'zbek
தமிழ்
Melayu
Bosanski
Soomaali
Azərbaycan
کوردی
한국어
日本語
Svenska
Dansk
Norsk
پښتو
മലയാളം
සිංහල
Tamazight
Hausa
አማርኛ
Български
Тоҷикӣ
Қазақша
Filipino
سنڌي
Yorùbá
Fulfulde
Татарча
ئۇيغۇرچە
Кыргызча
ਪੰਜਾਬੀ
Jawa
తెలుగు
မြန်မာ
ગુજરાતી
Oromo
मराठी
Tiếng Việt
Malagasy
Нохчийн
Wolof
ދިވެހި
ಕನ್ನಡ
Українська
Ελληνικά
ქართული
ខ្មែរ
دری
Qafar af
Maranao
नेपाली
ශුද්ධ වූ අල් කුර්ආනය
Monday, September 7, 2026
Don't forget us in your sincere prayers







