අල්-බකරා · 105/286
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-බකරා
مَّا يَوَدُّ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ وَلَا الْمُشْرِكِينَ أَن يُنَزَّلَ عَلَيْكُم مِّنْ خَيْرٍ مِّن رَّبِّكُمْ ۗ وَاللَّهُ يَخْتَصُّ بِرَحْمَتِهِ مَن يَشَاءُ ۚ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ ۝١٠٥
Maa yawaddul lazeena kafaroo min ahlil kitaabi wa lal mushrikeena ai-yunazzala `alaikum min khairim mir Rabbikum; wallaahu yakhtassu birahmatihee mai-yashaaa; wallaahu zul fadlil`azeem
📖 සිංහලෙන්
නුඹලා ගේ පරමාධිපතිගෙන් යම් යහපතක් නුඹලා වෙත පහළ කරනු ලැබීම ගැන, දේව ග්‍රන්ථය ලත් ජනයා අතුරින් ප්‍රතික්ෂේප කළ අය ද දේව ආදේශකයෝ ද ප්‍රිය නොකරති. අල්ලාහ් තමන් අභිමත කරන අය ට ඔහු ගේ කරුණා ව නියම කරයි. තව ද අල්ලාහ් අති මහත් භාග්‍යයේ හිමිකරු ය.
🎧 අසන්න

📜 ආයාත් 103-107 — අල්-බකරා

103وَلَوْ أَنَّهُمْ آمَنُوا وَاتَّقَوْا لَمَثُوبَةٌ مِّنْ عِندِ اللَّهِ خَيْرٌ ۖ لَّوْ كَانُوا يَعْلَمُونَ
නියත වශයෙන් ම ඔවුන් විශ්වාස කොට බිය බැතිමත් වූයේ නම් අල්ලාහ් අබියසින් ලැබෙන කුසල් ශ්‍රේෂ්ඨ ය. ඔවුහු (ඒ බව) දැන සිටියාහු නම්.
104يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَقُولُوا رَاعِنَا وَقُولُوا انظُرْنَا وَاسْمَعُوا ۗ وَلِلْكَافِرِينَ عَذَابٌ أَلِيمٌ
අහෝ විශ්වාස කළවුනි! නුඹලා (විකෘති අදහසක් ගෙන දෙන) රාඉනා (යන යෙදුම) නොපවසනු. උන්ළුර්නා (අප ගැන සැලකිලිමත් වනු) යැයි පවසනු. තව ද නුඹලා (ඔවුන් ගේ ප්‍රකාශය ට) සවන් දෙනු. ප්‍රතික්ෂේපකයින් ට වේදනා සහගත දඬුවමක් ඇත.
105مَّا يَوَدُّ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ وَلَا الْمُشْرِكِينَ أَن يُنَزَّلَ عَلَيْكُم مِّنْ خَيْرٍ مِّن رَّبِّكُمْ ۗ وَاللَّهُ يَخْتَصُّ بِرَحْمَتِهِ مَن يَشَاءُ ۚ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ
නුඹලා ගේ පරමාධිපතිගෙන් යම් යහපතක් නුඹලා වෙත පහළ කරනු ලැබීම ගැන, දේව ග්‍රන්ථය ලත් ජනයා අතුරින් ප්‍රතික්ෂේප කළ අය ද දේව ආදේශකයෝ ද ප්‍රිය නොකරති. අල්ලාහ් තමන් අභිමත කරන අය ට ඔහු ගේ කරුණා ව නියම කරයි. තව ද අල්ලාහ් අති මහත් භාග්‍යයේ හිමිකරු ය.
106۞ مَا نَنسَخْ مِنْ آيَةٍ أَوْ نُنسِهَا نَأْتِ بِخَيْرٍ مِّنْهَا أَوْ مِثْلِهَا ۗ أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
අප යම් වදනක් වෙනස් කරන්නේ නම් හෝ එය අමතක කර දමන්නේ නම් හෝ ඊට වඩා යහපත් එසේත් නොමැති නම් ඊට සමාන දෙයක් අපි ගෙන එන්නෙමු. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්න බව නුඹ නොදන්නෙහි ද?
107أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ وَمَا لَكُم مِّن دُونِ اللَّهِ مِن وَلِيٍّ وَلَا نَصِيرٍ
නියත වශයෙන් ම අල්ලාහ් ඔහු ට අහස් හි හා මහපොළොවේ පාලනය හිමි බවත් අල්ලාහ් ගෙන් තොර කිසිදු භාරකරු වෙක් හෝ කිසිදු උදව් කරුවෙක් හෝ නුඹලා ට නොමැති බවත් නුඹ නොදන්නෙහි ද?
අල්-බකරාකුර්ආන් දර්ශකය
286ආයාත්
MedinanRevelation
105ආයාත්

පරිවර්තනය — අල්-බකරා 105

සූරා අල්-බකරා ආයාත් 105 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹලා ගේ පරමාධිපතිගෙන් යම් යහපතක් නුඹලා වෙත පහළ කරනු ලැබීම…

සූරා ආයාත් 105/286 — අල්-බකරා البقرة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-බකරා අසන්න, අල්-බකරා පරිවර්තනය, අල්-බකරා mp3, අල්-බකරා pdf. ආයාත් 103–107. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers