අල්-කසස් · 14/88
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කසස්
وَلَمَّا بَلَغَ أَشُدَّهُ وَاسْتَوَىٰ آتَيْنَاهُ حُكْمًا وَعِلْمًا ۚ وَكَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ ۝١٤
Wa lammaa balagha ashuddahoo wastawaaa aatai naahu hukmanw wa `ilmaa; wa kazaalika najzil muhsineen
📖 සිංහලෙන්
තවද ඔහු ඔහුගේ වැඩිවියට ළඟා වී පරිනතභාවයට පත් වූ කල්හි අපි ඔහුට ප්‍රඥාව හා ඥානය පිරිනැමුවෙමු. තවද එලෙසය අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 12-16 — සූරා අල්-කසස්

12۞ وَحَرَّمْنَا عَلَيْهِ الْمَرَاضِعَ مِن قَبْلُ فَقَالَتْ هَلْ أَدُلُّكُمْ عَلَىٰ أَهْلِ بَيْتٍ يَكْفُلُونَهُ لَكُمْ وَهُمْ لَهُ نَاصِحُونَ
තවද අපි (මවට භාරදීමට) පෙර කිරි දෙන මව්වරුන් ඔහු වෙත තහනම් කළෙමු. එවිට, ඔහු භාරගන්නා නිවැසියන් පිළිබඳ ව මම නුඹලාට දන්වන්නෙම් ද? ඔවුහු ඔහුට සෙත සලසන්නෝ වෙති යැයි ඇය පැවසුවාය.
13فَرَدَدْنَاهُ إِلَىٰ أُمِّهِ كَيْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ وَلِتَعْلَمَ أَنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
(එලෙස) අපි ඔහුව ඔහුගේ මව වෙතම නැවත භාර දුනිමු. (එබැවින්) ඇයගේ ඇස් පිනා යාමටද ඇය දුක් නොවීමටද නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි යැයි ඇය දැන ගැනීමට ද සැලැස්සුවෙමු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති.
14وَلَمَّا بَلَغَ أَشُدَّهُ وَاسْتَوَىٰ آتَيْنَاهُ حُكْمًا وَعِلْمًا ۚ وَكَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ
තවද ඔහු ඔහුගේ වැඩිවියට ළඟා වී පරිනතභාවයට පත් වූ කල්හි අපි ඔහුට ප්‍රඥාව හා ඥානය පිරිනැමුවෙමු. තවද එලෙසය අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.
15وَدَخَلَ الْمَدِينَةَ عَلَىٰ حِينِ غَفْلَةٍ مِّنْ أَهْلِهَا فَوَجَدَ فِيهَا رَجُلَيْنِ يَقْتَتِلَانِ هَٰذَا مِن شِيعَتِهِ وَهَٰذَا مِنْ عَدُوِّهِ ۖ فَاسْتَغَاثَهُ الَّذِي مِن شِيعَتِهِ عَلَى الَّذِي مِنْ عَدُوِّهِ فَوَكَزَهُ مُوسَىٰ فَقَضَىٰ عَلَيْهِ ۖ قَالَ هَٰذَا مِنْ عَمَلِ الشَّيْطَانِ ۖ إِنَّهُ عَدُوٌّ مُّضِلٌّ مُّبِينٌ
තවද එහි වැසියන් නොසැලකිල්ලෙන් සිටි මොහොතක ඔහු නගරයට පිවිසීය. තම පාර්ශවයෙන් වූ කෙනෙකු හා ඔහුගේ සතුරන්ගෙන් කෙනෙකු යන ගහ මරා ගන්නා පුද්ගලයින් දෙදෙනෙකු ඔහු දුටුවේය. එවිට තම පාර්ශවයේ පුද්ගලයා ඔහුගේ සතුරන්ගෙන් කෙනෙකු වූ අයට එරෙහි ව ඔහුගෙන් උදව් පැතීය. එවිට ඔහු(මූසා) ඔහුට පහරක් ගැසීය. එවිට ඔහු මරණයට පත් විය. ‘මෙය ෂෙයිතාන්ගේ ක්රියාවකි. නියත වශයෙන්ම ඔහු නොමග යවන පැහැදිලි සතුරකි’ යැයි ඔහු පැවසීය.
16قَالَ رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي فَاغْفِرْ لِي فَغَفَرَ لَهُ ۚ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ
මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම මම මටම අපරාධ කර ගත්තෙමි. එහෙයින් මට සමාව දෙනු මැනව! යැයි ඔහු ප්රාර්ථනා කළේය. එවිට ඔහු ඔහුට සමාව දුන්නේය. නියත වශයෙන්ම ඔහුමය මහා කරුණාන්විත අතික්ෂමාශීලී.
අල්-කසස්කුර්ආන් දර්ශකය
88ආයාත්
MeccanRevelation
14ආයාත්

පරිවර්තනය — අල්-කසස් 14

සූරා අල්-කසස් ආයාත් 14 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද ඔහු ඔහුගේ වැඩිවියට ළඟා වී පරිනතභාවයට පත් වූ කල්හි…

සූරා ආයාත් 14/88 — සූරා අල්-කසස් القصص (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කසස් අසන්න, සූරා අල්-කසස් පරිවර්තනය, සූරා අල්-කසස් mp3, සූරා අල්-කසස් pdf. ආයාත් 12–16. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Wednesday, September 30, 2026

Don't forget us in your sincere prayers