අල්-කසස් · 70/88
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-කසස්
وَهُوَ اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ لَهُ الْحَمْدُ فِي الْأُولَىٰ وَالْآخِرَةِ ۖ وَلَهُ الْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ ۝٧٠
Wa Huwal laahu laaa ilaaha illaa Huwa lahul hamdu fil oolaa wal Aakhirati wa lahul hukmu wa ilaihi turja`oon
📖 සිංහලෙන්
තවද ඔහුය අල්ලාහ්. ඔහු හැර වෙනත් දෙවියකු නැත. ආරම්භයේ ද අවසානයේ ද සියලු ප්‍රශංසා ඔහු සතුය. තීන්දුව ද ඔහු සතුය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය.
🎧 අසන්න

📜 ආයාත් 68-72 — අල්-කසස්

68وَرَبُّكَ يَخْلُقُ مَا يَشَاءُ وَيَخْتَارُ ۗ مَا كَانَ لَهُمُ الْخِيَرَةُ ۚ سُبْحَانَ اللَّهِ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ
තවද ඔබේ පරමාධිපති ඔහුට අභිමත දෑ මවන්නේය. ඔහු තෝරා ගන්නේය. තෝරා ගැනීමේ (අයිතිය) ඔවුනට නොමැත. අල්ලාහ් සුවිශුද්ධය. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය.
69وَرَبُّكَ يَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ
තවද ඔවුන්ගේ හදවත් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද නූඹේ පරමාධිපති දන්නේය.
70وَهُوَ اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ لَهُ الْحَمْدُ فِي الْأُولَىٰ وَالْآخِرَةِ ۖ وَلَهُ الْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ
තවද ඔහුය අල්ලාහ්. ඔහු හැර වෙනත් දෙවියකු නැත. ආරම්භයේ ද අවසානයේ ද සියලු ප්‍රශංසා ඔහු සතුය. තීන්දුව ද ඔහු සතුය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය.
71قُلْ أَرَأَيْتُمْ إِن جَعَلَ اللَّهُ عَلَيْكُمُ اللَّيْلَ سَرْمَدًا إِلَىٰ يَوْمِ الْقِيَامَةِ مَنْ إِلَٰهٌ غَيْرُ اللَّهِ يَأْتِيكُم بِضِيَاءٍ ۖ أَفَلَا تَسْمَعُونَ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් නුඹලා වෙත රාත්‍රිය සදා පවතින්නක් බවට අල්ලාහ් පත් කළේ නම් නුඹලා කුමක් සිතන්නෙහු ද? නුඹලා වෙත ආලෝකය නැවත ගෙන එන්නේ අල්ලාහ් හැර වෙනත් කවර දෙවියෙකු ද? නුඹලා සවන් නොදෙන්නෙහු ද? යැයි (නබිවරය!) නුඹ විමසනු.
72قُلْ أَرَأَيْتُمْ إِن جَعَلَ اللَّهُ عَلَيْكُمُ النَّهَارَ سَرْمَدًا إِلَىٰ يَوْمِ الْقِيَامَةِ مَنْ إِلَٰهٌ غَيْرُ اللَّهِ يَأْتِيكُم بِلَيْلٍ تَسْكُنُونَ فِيهِ ۖ أَفَلَا تُبْصِرُونَ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් නුඹලා වෙත දහවල සදා පවතින්නක් බවට අල්ලාහ් පත් කළේ නම් නුඹලා කුමක් සිතන්නෙහු ද? නුඹලා එහි ගිමන් හරින රාත්‍රිය නුඹලා වෙත නැවත ගෙන එන්නේ අල්ලාහ් හැර වෙනත් කවර දෙවියෙකු ද? නුඹලා අවධානයෙන් බැලිය යුතු නොවේ ද? යැයි (නබිවරය!) නුඹ විමසනු.
අල්-කසස්කුර්ආන් දර්ශකය
88ආයාත්
MeccanRevelation
70ආයාත්

පරිවර්තනය — අල්-කසස් 70

සූරා අල්-කසස් ආයාත් 70 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද ඔහුය අල්ලාහ්. ඔහු හැර වෙනත් දෙවියකු නැත. ආරම්භයේ ද…

සූරා ආයාත් 70/88 — අල්-කසස් القصص (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-කසස් අසන්න, අල්-කසස් පරිවර්තනය, අල්-කසස් mp3, අල්-කසස් pdf. ආයාත් 68–72. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers